HNB සමූහය 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 3.3ක බදු පසු ලාභයක් වාර්තා කරයි

HNB-group
  • බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 2.6කි
  • තැන්පතු රුපියල් බිලියන 31කින් වර්ධනය වී රුපියල් බිලියන 841ක් බවට පත් වෙයි
  • මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සහන ක‍්‍රියාමාර්ග රැසක් ආරම්භ කරයි

හැටන් නැෂනල් බැංකුව 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 2.6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ අනුව එය 2019 පළමු කාර්තුවට වඩා රුපියල් මිලියන 607ක වර්ධනයක් නියෝජනය කරයි.

මේ පිළබඳව අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා ‘‘2019 සමස්ත බැංකු ක්ෙෂ්ත‍්‍රයටම අතිශයින්ම අභියෝගාත්මක වසරක් වූ අතර 2020 වසර අප ඉතාමත් සුබවාදීව පිළිගත්තා. 2020 වර්ෂයේ පළමු මාස දෙකහමාර කාලය අපව කලකිරීමට පත් කළේ නෑ. කෙසේවෙතත්, කොවිඞ්-19 වසංගතය ලෝකය සම්පූර්ණයෙන් යටපත් කර ඇති අතර සමස්ත ආර්ථික ක්ෂේත‍්‍රය පෙර නොවූ විරූ ලෙස එහි බලපෑමට ලක් වෙලා තියෙනවා. සෑම ප‍්‍රධාන ආර්ථිකයක්ම සැලකිය යුතු ලෙස බලපෑමට ලක් වී ඇති අතර lockdown කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳාම හා සංචාර/ගමන් බිමන්වලට දැඩි ලෙස බාධා එල්ල වී තිබුණත් මේ වන විට, ශ්‍රී ලංකාව මෙම තත්වය පාලනය කිරීමේ යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. අපේක්ෂිත ආර්ථික අරමුණු සමඟ අප ජාතිය හමුවේ ඇති ඉදිරි අභියෝගවල යම් වැදගතකමක් ඇති බව පෙනෙනවා. මෙම මාරාන්තික වෛරසයට එරෙහිව පෙරමුණේ සිට ආරක්ෂාව සපයන පුද්ගලයින්ගේ උත්සාහයන් හා කැපවීම් බෙහෙවින් අගය කරන අතර වෛරසය නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා තවදුරටත් මූල්‍ය ප‍්‍රතිපත්ති ලිහිල් කිරීම සහ සහන පැකේජ ආදිය මගින් ආර්ථිකය ඉදිරියට ගෙන යාමට රජය ගන්නා උත්සාහය අප සැමට ඉතා වටිනවා.’’ යනුවෙන් පැවසුවේය.

HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා අදහස් දක්වමින් ‘‘පළමු කාර්තුව සඳහා වන කාර්යසාධනය 2019 පළමු කාර්තුවට වඩා වර්ධනයක් පෙන්නුම් කළ ද මෙම කාල පරිච්ෙඡ්දය තුළ විශේෂයෙන්ම පළමු කාර්තුව අවසන් භාගය වන විට බැංකු කර්මාන්තය මුහුණ දී ඇති අභියෝගාත්මක වාතාවරණය ද පිළිබිඹු කරනවා. බැංකු ක්ෂේත‍්‍රයට සහනයක් ලෙස රජය ගෙන ඇති පියවර වන 58% පමණ බදු අය කිරීම බෙහෙවින් අගය කරනවා. ඒ මන්ද යත් බැංකු ක්ෂේත‍්‍රයෙන් ඉහළ බදු අනුපාතයක් අය කිරීම විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවකදී අපේක්ෂිත ප‍්‍රතිඵලයට විරුද්ධ ප‍්‍රතිඵලයක් ගෙන දෙනු ඇත.

2020 මාර්තු දක්වා පසුගිය මාස 12 තුළ AWPLR අගය ආසන්න වශයෙන් පදනම් ලක්ෂ 300කින් අඩු වීම හේතුවෙන් බැංකුවේ පොළී ආදායම 2019 ට සාපේක්ෂව 7.2%කින් අඩු වී රුපියල් බිලියන 27.2ක් බවට පත් විය. පොළී වියදම ද 2019 ට සාපේක්ෂව 3.5%කින් අඩු වී රුපියල් බිලියන 15.8ක් ලෙස පෙන්නුම් කර ඇත. ඒ අනුව, මෙම කාලය සඳහා ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 11.4ක් වූ අතර එය 2019 අදාල කාර්තුවේදී ලබා ගත් මට්ටමට වඩා 11.4%ක අඩු වීමකි.

2019 දී රුපියල් බිලියන 2.2 හා සසඳන විට ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 2.1ක් වූ අතර එය බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායමට (TOI) 14%ක දායකත්වයක් ලබා දී ඇත. කොවිඞ්-19 වසංගතයට පෙර පවා වෙළෙඳ හා ආර්ථික ක‍්‍රියාකාරකම් සාපේක්ෂව අඩු වීම හේතුවෙන් ගාස්තු ආදායම සුළු අඩු වීමක් පෙන්නුම් කරයි. එසේ වුවද, ඩිජිටල් සේවාවලින් ලැබෙන ආදායම අඛණ්ඩව දිරිගන්වන සුළු විය.

කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම බහුල වූ මාර්තු මැද භාගයේ සිට රුපියල සැලකිය යුතු ලෙස අවප‍්‍රමාණය වූ අතර එය පළමු කාර්තුව තුළ 4%කට වඩා අඩු වීමක් වාර්තා කරයි. මෙය 2019 පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 1.1ක අලාභයට සාපේක්ෂව රුපියල් බිලියන 1.9ක අනෙකුත් ශුද්ධ මෙහෙයුම් ආදායම පිළිබිඹු කරයි.

බැංකුවේ අක‍්‍රීය ණය ප‍්‍රතිශතය 2019 දෙසැම්බර් මාසයට සපේක්ෂව 5.9%ක් ලෙස වාර්තා වී ඇත. ක්ෂේත‍්‍රය පුරා වත්කම්වල ගුණාත්මකභාවය පිරිහීමත් සමඟ බැංකුව විසින් 2019 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 4.1ක සැලකිය යුතු හානිකර ප‍්‍රතිපාදන ලබා දී ඇත. කොවිඞ්-19 ප‍්‍රතිඵල අනුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය (CA) විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුකූලව ලබා ගත හැකි සීමිත තොරතුරු මත පදනම්ව බැංකුව මූලික ගැලපීම් ඇතුළත් කර ඇති අතර 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.7ක අපාහනය කර ඇත.

බැංකුවේ මෙහෙයුම් වියදම් වර්ධනය 2019 ට සාපේක්ෂව රුපියල් බිලියන 5×9ක් ලෙස වාර්තා වූ අතර ආදායම් පිරිවැය අනුපාතය ද 2019 පළමු කාර්තුවේ සිට 39.65%ක් ලෙස එලෙසෙම නොවෙනස්ව පැවතුන ද එය ක්ෂේත‍්‍රයේ සාමාන්‍යට වඩා බෙහෙවින් අඩුය. අභියෝගාත්මක මෙහෙයුම් පරිසරය සැලකිල්ලට ගෙන, පිරිවැය ප‍්‍රශස්ත කිරීම මේ වසරේ ප‍්‍රමුඛතාවයක් වනු ඇත.

වැට් සහ බදු පෙර මෙහෙයුම් ලාභය 2019 එම කාල පරිච්ෙඡ්දය තුළ වාර්තා කළ රුපියල් බිලියන 4.9ට සැසඳීමේදී 13.5%කින් අඩු වී රුපියල් බිලියන 4.2ක් ලෙස වාර්තා විය. 2019 දෙසැම්බර් සිට 2020 ජනවාරි දක්වා බලපැවැත්වෙන පරිදි ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL) ඉවත් කිරීම හේතුවෙන් සමස්ත ඵලදායී බදු අනුපාතය අඩු කිරීමට හේතු වූ අතර බදු පෙර ලාභය (PBT) 2019ට සාපේක්ෂව 2.4%කින් වැඩි වී රුපියල් බිලියන 3.3ක් විය. 2019 පළමු කාර්තුව සඳහා ආදායම් බදු ගාස්තු තක්සේරු කිරීමේ සහන සඳහා NBT සහ DRL ගෙවීම් සුදුසුකම් නොලබන බැවින් ආදායම් බදු ද ඉතා අඩු වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස 2019 පළමු කාර්තුවේ රුපියල් බිලියන 2ට සාපේක්ෂව මෙම කාල සීමාව සඳහා බදු පසු ලාභය රුපියල් බිලියන 2.6ක් ලෙස වාර්තා විය.

2019දී පහළ අගයක් වී තිබූ ණය කළඹ කාර්තුව තුළ රුපියල් බිලියන 12.2කින් වර්ධනය වී රුපියල් බිලියන 754ක් වූ අතර තැන්පතු වර්ධනය ණය ඉක්මවා ගිය අතර කාර්තුව ඇතුළත රුපියල් බිලියන 31කින් ඉහළ ගොස් රුපියල් බිලයන 841.1ක් විය. ක්ෂේත‍්‍රයේ විශාලතම ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් පදනම් වලින් එකක් පවත්වා ගෙන යන HNB පළමු කාර්තුවේදී එය 6.8%කින් වර්ධනය වී රුපියල් බිලියන 300 (රුපියල් බිලියන 304.1) ඉක්මවා ගිය අතර 2019 දෙසැම්බර් මස අවසන් වන විට 35.2%ට සාපේක්ෂව ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතය 36×2%ක් දක්වා වර්ධනය විය. මෙවැනි අවිනිශ්චිත කාලවලදී ගනුදෙනුකරුවන් බැංකුව වෙත තබා ඇති විශ්වාසය රටේ ශක්තිමත්ම සහ විශ්වාසදායක බැංකුවක් ලෙස HNB සන්නාමය ගැන මහත් උනන්දුවෙන් කතා කරයි. එමෙන්ම Tier 1 ප‍්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය 13.85%ක් ලෙසටත් සමස්ත ප‍්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය 17.25%ක් බවට පත් කර ගැනීමට ද HNB සමත් විය.

HNB සමූහයට අයත් සියළුම සමාගම් රුපියල් බිලියන 3.3ක් වන සමූහයේ බදු පසු ලාභය සඳහා දායක වූ අතර එය බැංකුවේ කාර්යසාධනයට අනුකූලව වැඩි දියුණු විය. බැංකුවේ වත්කම් මත ප‍්‍රතිලාභ (ROA) 0.93%ක් වාර්තා කළ අතර සමූහයේ වත්කම් මත ප‍්‍රතිලාභ 1.09%ක් විය. කාර්තුව තුළ සමූහයේ සමස්ත වත්කම් පදනම රුපියල් බිලියන 22.6කින් පුළුල් වූ අතර එය දෙසැම්බර් මාසයේ සිට රුපියල් ටි‍්‍රලියන 1.2 ක් දක්වා 1.9%ක් නියෝජනය කරයි.

කොවිඞ්-19 තත්වයට HNB ප‍්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න පිළිබඳව අදහස් දක්වන ජොනතන් අලස් මහතා ‘‘2020 පළමු කාර්තුව අවසන් වූයේ කොවිඞ්-19 උච්චතම අවස්ථාවේදී වන අතර මගේ කණ්ඩායම පසුගිය මාස දෙක පුරාවට පෙන්නුම් කළ විශිෂ්ට කැපවීම සහ නම්‍යශීලීභාවය සඳහා මගේ හෘදයාංගම කෘතඥතාවය පළ කිරීමට කැමතියි. අත්‍යවශ්‍ය සේවාවක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව ඇඳිරි නීතිය පවතින සහ ඇඳිරි නීතිය නොමැති ප‍්‍රදේශවලට අප අඛණ්ඩව ක‍්‍රියාත්මක වනවා. අපගේ කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් සහ අපගේ සියලූම පාර්ශ්වකරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව අපගේ ප‍්‍රමුඛතාවය වන අතර බලධාරීන් විසින් නියම කර ඇති උපරිම ආරක්ෂක පියවරයන් සැපයීමට අප අඛණ්ඩව ක‍්‍රියා කරනවා. තවද, HNB MOMO” SOLO, අන්තර්ජාල ගෙවීම් පිවිසුම සහ AppiGo යෙදුම ඇතුළු අපගේ ඩිජිටල් නිෂ්පාදන සමඟ සමාජ දුරස්ථභාවය තුළ ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සැලසීමේදී අතිශයින් ඵලදායී වෙයි. මෙම තීරණාත්මක කාල පරිච්ෙඡ්දයේදී අවශ්‍ය සහාය ලබා දීම සඳහා අපි අපගේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වී සිටින අතර මීට පෙර අප සිදු කළාක් මෙන් අපගේ ජාතියට නැවත නැගී සිටීමට සහයෝගය දැක්වීමට අප දැඩි කැපවීමකින් සිටිනවා.’’ යනුවෙන් පැවසුවේය.

‘‘මෙම කොවිඞ්-19 වසංගතය මෙහෙයුම්වල ‘නව සම්මතයක්’ බිහි වීමට හේතු වී ඇත. ඒ අනුව අපගේ ප‍්‍රමුඛතා නැවත සිතා බලන අතරම, අපගේ සියලූම පාර්ශ්වකරුවන්ට තිරසාර වටිනාකමක් ලබා දීම කෙරෙහි අපගේ අවධානය අඛණ්ඩව යොමු වනු ඇත.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව