හේලීස් සමූහයට අනුබද්ධිත සහ රෙදිපිළි නිෂ්පාදනයේ ප්රමුඛ සමාගමක් වන හේලීස් ෆැබි්රක් සමාගම සිංගප්පූරුවේ පැවති 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී (ASRA) ආසියාවේ විශිෂ්ටතම වාර්තාකරණ සැලසුම සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත.
දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් Online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් සිංගප්පූරුවේ සිට පැවැත්වූ සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිංගප්පූරුවේ ස්විඩන් තානාපති නික්ලස් ක්වාන්ස්ට්රොම් මහතා සහභාගී වූ අතර කලාපය පුරා සිටින ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින්, තිරසාර හවුල්කරුවන්, ශාස්ත්රාලීය උගතුන්, වෙළෙඳ සංගම් සහ උපදේශන සංවිධාන 200කට අධික සංඛ්‍යාවක් Online තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සම්මන්ත්‍රණයට සහභාගී විය.
‘‘අන් කවරදාටත් වඩා, අනාගතයේදී ඇති විය හැකි අස්ථාවර තත්වයන් තුළ ව්‍යාපාර නොනැසී පවත්වා ගැනීමට සහ දියුණු කිරීමට හැකි බව සහතික කිරීමේදී තිරසාරභාවය පිළිබඳ සංකල්පය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එමනිසා, මෙවැනි වැදගත් අවස්ථාවන් වටා සබඳතා ගොඩනැගීමට සහ අපගේ කැපවීම විදහා දැක්වීම සඳහා අප සමාගම තුළ තිරසාරභාවය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව වාර්තා කිරීමේ හැකියාව අත්‍යාවශ්‍ය කාරණාවක් වෙනවා. එහෙයින් ආසියානු කලාපයේ ප්රමුඛ සමාගම් අතර පිළිගැනීමට ලක් වීම අතිශය සතුටට කරුණක්,’’ යනුවෙන් හේලීස් ෆැබි්රක් හි කළමනාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී, රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.
ගුණාත්මක සහ අව්‍යාජ වාර්තාකරණයේ සඳහා වන ප්රමිතීන් ඉහළ නැංවීමට ASRA අඛණ්ඩව කටයුතු කරන අතර ආසියාවේ සමාගම් අතර ප්‍රබල තරගයක් හඳුන්වා දී ඇත. එහිදී සම්මාන සඳහා ඉදිරිපත් කරනු ලබන වාර්තා ස්වාධීන විනිසුරු මණ්ඩලයක් විසින් විනිශ්චයට ලක් කරන අතර අවසන් විනිශ්චයේදී විශ්ලේෂණ ක්‍රියාවලියකට භාජනය කරමින් පුළුල් ක්‍රියාවලියක් අනුගමනය කරනු ලබයි.
2019 සම්මාන උළෙලෙ සඳහා ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබුවේ රටවල් 16කින් ලැබුණු අයදුම්පත් 461කින් වන අතර එහිදී, අවසන් තරග සඳහා කාණ්ඩ 19 යටතේ රටවල් 13ක ආයතන 80 ක් තේරී පත් විය.
ASRA යනු ආසියානු කලාපයේ තිරසාරත්ව වාර්තාකරණ ප්‍රමුඛයින් ඇගයීමට සහ සම්මානයට පාත්‍ර කරනු ලබන සහ තිරසාර වාර්තාකරණයේ හොඳම භාවිතයන් අගයනු ලබන ආයතනයක් වන අතර ඕනෑම පරිමාණයක සහ ඕනෑම ක්ෂේත්රයක රාජ්‍ය, පුද්ගලික සහ ලාභ නොලබන ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන තිරසාරත්ව වාර්තා ඇගයීමට ලක් කරමින් සම්මන පිරිනමනු ලබයි.
හේලීස් ෆැබ්රික් පීල්සී යනු හේලීස් සමූහයට අනුබද්ධිත, ස්වභාවික හා කෘතිම තන්තුවලින් සාදන ලද රෙදි නිෂ්පාදනය සඳහා සැලසුමේ සිට නිෂ්පාදනය දක්වා අවසන් විසඳුම් ලබා දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ ප්රමුඛ සමාගමක් වේ.
1878 දී චාස් පී. හේලී විසින් ආනයන හා අපනයන පිළිබඳ අවධානය යොමු කරමින් ගාල්ලේ වෙළෙඳ ආයතනයක් ලෙස පිහිටුවන ලද හේලීස් සමූහය අංශ 16ක් පුරාවට ව්‍යාපාරික අවශ්‍යතා ආවරණය කරමින් ගෝලීයව නිෂ්පාදන හා අලෙවිකරණ කාර්යාල කලාප 5ක් පුරා පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වී ඇත. අද එය ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සාර්ථක කථාවක් ලෙස කැපී පෙනෙන අතර ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉක්මවන සහ රටේ මුළු අපනයන ඉපැයීම්වලින් සියයට 3.3කට හිමිකම් කියන පළමු ලැයිස්තුගත ශ්‍රී ලාංකික ආයතනය ද වේ.