අවසන් තරඟයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම පරාජයට පත් කළ HNB Finance කණ්ඩායම වෙළඳ සේවා C කාණ්ඩයේ ශූරතාවය දිනා ගනී

HNB-Finance

අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම ලකුණු 91 කින් පහසුවෙන් පරාජයට පත් කළ HNB Finance කණ්ඩායම වෙළඳ සේවා C කාණ්ඩයේ ශූරතාවය තමා සතු කරගැනීමට සමත් විය.  “NDB අභියෝගතා කුසලානය” සඳහා NDB ප‍්‍රධාන අනුග‍්‍රාහත්වයෙන් වෙළෙඳසේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා C කාණ්ඩයේ තරඟාවලිය පන්දුවාර 50 තරඟ ආකෘතිය යටතේ මෙවරත් පැවත්වුණේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමිනි. මෙම තරඟාවලියේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ HNB Finance යන කණ්ඩායම් සමත් විය.

මූලික වටයේ තරගයකදී කණ්ඩායම් දෙක මීට පෙර හමු වූ අවස්ථාවේදී HNB Finance කණ්ඩායම කඩුලූ 4කින් පහසුවෙන් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනුනි.

තරඟයේ කාසියේ වාසිය ජයගත් SLT කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව HNB Finance පිළට ලබා දුන්නේය. SLT ආරාධනය පිළිගත් HNB Finance පිළ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 263ක් රැස් කර ගැනීමට සමත් විය, එහිදී, HNB Finance පිළ වෙනුවෙන් සනෝජ් දර්ශික පන්දු 68කින් ලකුණු 56ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී SLT පිළ වෙනුවෙන් ඉන්ශංක සිරිවර්ධන ලකුණු 47කට කඩුලූ 5ක් බිඳ හෙලීමට සමත් විය. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ SLT පිළ පන්දු වාර 34.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණි. එහිදී, නිමේෂ් මෙන්ඩිස් පන්දු 45 කින් සටන්කාමී අර්ධ ශතකයක් රැස් කළ ද තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට එය ප‍්‍රමාණවත් වූයේ නැත. HNB Finance කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තරුෂ ප‍්‍රනාන්දු පන්දු වාර 6.1 කදී ලකුණු 13 කට කඩුලූ 5ක් බිඳ හෙළීමට සමත් වූ අතර එම දක්ෂතාව හේතුවෙන් අවසන් මහ තරඟයේ වීරයා සම්මානය දිනා ගැනීමට ද ඔහු සමත් විය.

ඒ අනුව, තරඟ 6කදී පන්දු වාර 54ක් යවමින් ලකුණු 159කට කඩුලූ 16 ලබා ගත් HNB Finance කණ්ඩායමේ උමේෂ්ක මොරායස් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස ද, ඉනිම් 4කදී එක් ශතකයක් හා අර්ධ ශතකයක් සමඟින් 62.25ක පන්දුවට පහර දීමේ සාමාන්‍යක් සහිතව ලකුණු 249ක් ලබා ගත් පෑන් ඒෂියා බැංකුවේ සඳරු චන්දිත වික‍්‍රමරත්න තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස ද සමස්ත තරගාවලියේ දී ලකුණු 169 ක් හා ලකුණු 175 කට කඩුලූ 11 බිඳ හෙළුෑ කොමර්ෂල් බැංකුවේ ගිම්හාන් ආශිර්වාද තරගාවලියේ වීරයා ලෙස ද සම්මානයට පාත‍්‍ර වූහ.

HNB Finance ඉණිම – 263/9 (50) – සනෝජ් දර්ශික 56, මුදිත ප‍්‍රනාන්දු 46, වින්දික චන්ද්‍රසිරි 41, තරුෂ ප‍්‍රනාන්දු 24, ජනිත් පෙරේරා 24, ඉන්ශංක සිරිවර්ධන 5/47

SLT ඉණිම – 172 (34.1) නිමේෂ් මෙන්ඩිස් 56, සචින් දිවංගන 27, ඉන්ශක සිරිවර්ධන 21, තරුෂ ප‍්‍රනාන්දු 5/13, අයේෂ් මදුසංක 2/29

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව