කොවිඩ් 19 හේතුවෙන් පැල්වත්ත දියර කිරි එක් රැස් කිරීමේදී සහ කිරි නිෂ්පාදන සැකසීමේදී ඉහළම සෞඛ්‍ය සහ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහතික කෙරේ

pelawatta-00

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස්, කිරි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම

අනුගමනය කරන බව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය හා පූර්වාරක්ෂක  ක්‍රියාමාර්ග ගෙන තිබේ.

කිරි එක්රැස් කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු කරන සමාගම, මෙම  අර්බුධකාරී අවස්ථාවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකර, ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට හැකිව තිබේ. කිරි එක්රැස් කිරීමේ කාර්යයේදී, කොවිඩ්-19 වැළක්වීමේ පූර්වාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් දී ඇති උපදෙස් අනුගමනය කිරීමට විවිධ පියවර පැල්වත්ත කළමණාකාරිත්වය විසින් ගෙන ඇති අතර, පුද්ගල දුරස්ථතාවය පවත්වා ගනිමින් කටයුතු කිරීම සඳහා ඉහළම අවධානයක් යොමු කර තිබේ.

“කිරි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස, මෙම අර්බුධකාරී අවස්ථාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ග අනුගමනය කරමින්  රජයේ කාර්යභාරයට සහය දක්වන බව සහතික කිරීමටත්, නිෂ්පාදනාගාරයෙන් ඇතුළතට හා ඉන් පිටතට කොවිඩ් – 19 ව්‍යාප්ත වීම වැළක්වීමටත් පැල්වත්ත සමාගම පියවර ගෙන තිබේ.  කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය ඉතාමත් වැදගත් වන බැවින් කොවිඩ් 19 පැතිරීම තීව්‍ර වීම වළක්වමින් කිරි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉහළම පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු ක්ෂේත්‍රයක්” වන බව පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් හි කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක  සඳහන් කළේය.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග  වර්ධනය කිරීමට ගෙන ඇති පියවර අතර,‍ පැල්වත්ත නිෂ්පාදනාගාර සංකීර්ණයේම පිහිටා ඇති ලංකා සීනි සමාගම සමග කඩිනම් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ද ඇතුළත් වේ. ඒ අනුව, සමාගම් ද්විත්වයෙහි කළමණාකාරිත්ව මණ්ඩල අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව පොදු සනීපාරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබේ.

ඒ අනුව, කිරි එක්රැස් කරගෙන යළි පැමිණෙන බවුසර පරිශ්‍රයෙන් පිටත දී  තනුක ක්ලෝරින්  දියර යොදා ගනිමින් විෂබීජහරණය කිරීම සිදු කෙරෙන අතර, රියදුරන්ට විශේෂයෙන් එළිමහනේ පිහිටුවා ඇති කරාම මගින් දෑත් සෝදා ගැනීමට ද ඉඩ සලසා තිබේ. අනතුරුව, තනුක එතිල් ඇල්කොහොල්  අඩංගු දියර ඉසින විෂබීජහරණ කුටියකට රියදුරන් ඇතුළු වෙයි. එමෙන්ම  නිෂ්පාදනාගාර පරිශ්‍රයට ඇතුළත් වන කාර්ය මණ්ඩලයට නා පිරිසිදු වීමටත් ඇඳ සිටි ඇඳුම් ඉවත් කර සමාගම මගින් සපයන අලුත් ඇඳුම් ඇඳ ගැනීමටත් විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.

නිෂ්පාදනාගාර පරිශ්‍රයට ඇතුලු කෙරෙන කිරි බවුසර්, තනුක ක්ලෝරින් දියර ඉසින  මගින් යළිත් වරක් විෂබීජහරණයට ලක් කෙරේ. බවුසර් වලින් කිරි ඉවත් කරගෙන අවසන් වූ විට එහි පිටත පියන් පිරිසිදු කෙරේ, එහිදී පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් හි  අදාළ කාර්යමණ්ඩලය උණුසුම් ජලය හා වාෂ්ප මගින් පියන් මෙන්ම, බවුසර්වල ඉහළම සනීපාරක්ෂාව සුරක්ෂිත කළ යුතු අනෙකුත් ස්ථාන ද පිරිසිදු කිරීම අනිවාර්යය වේ.

එමෙන්ම, නිෂ්පාදනාගාර පරිශ්‍රයෙහි  ඇතුළත හා පිටත, සියලු දොරටු නිරතුරුව ම, තනුක ක්ලෝරින්  දියර ඉසින යොදා විෂබීජහරණය කිරීමට සියලු පියවර ගෙන තිබේ.නිෂ්පාදන පරිශ්‍රය වෙත කාර්ය මණ්ඩලයට ඇතුළත් විය හැක්කේ, නා පිරිසිදු වී සිය නිල ඇඳුම ඇඳීමෙන් අනතුරුවය. සිය නිෂ්පාදන මෙහෙයුම් මෙන් ම අනෙකුත් මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර, මෑතක දී හදුන්වා දුන් මෙම කොවිඩ් – 19 නිවාරණ ක්‍රියාමාර්ග අතර කර්මාන්තශාලාවට ඇතුලු වන අවස්ථාවේ ශරීර උෂ්ණත්ව පරික්ෂා කරනු ලබන අතර අනිවාර්ය දෑත් සේදීමේ ක්‍රියාවලිය සමාගමේ සියලු කාර්යමණ්ඩලය සිදුකල යුතුවේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව