
ආසියානු ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන, ව්‍යාපාරික කාණ්ඩයෙන් තම විශිෂ්ටත්වය පෙන්නුම් කළ මොබිටෙල් ව්‍යාපාරික විසඳුම් (MBS), නව්‍ය ජංගම සන්නිවේදන තාක්ෂණය එකතුකරගනිමින් ව්‍යාපාරික ආයතන වලට අවශ්‍ය පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාරික විසඳුම් හඳුන්වාදෙන්නා වන අතර මෙම කාර්යයේ ඔවුන් සතු විශිෂ්ටත්වය අගයමින් මෑතක කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති දකුණු ආසියානු ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම ව්‍යාපාරික විසඳුම් ලබාදෙන්නා ලෙස සම්මානයට පාත්රවිය.
සිය සේවා දායකයන්ගේ වටිනාකම්, කාර්යක්ෂමතාවය සහ කාර්යසාධනය වේගවත්ව ඉහළ නැංවීම උදෙසා ප්‍රායෝගික ක්‍රියාමාර්ග නිර්මාණය කිරීමේ හොඳම ආදර්ශවත් ව්‍යාපාරික ආයතන අගය කිරීමට SABE සංවිධානය ක්‍රියාකරයි. දකුණු ආසියානු කලාපයේ ඉහළ ව්‍යාපාරික ප්රතිලාභ ලබාගැනීමට සහ ව්‍යාපාරකරණයෙන් යහපත් බලපෑමක් ඇතිවන ක්ෂේත්රයන්හි සාර්ථකව ව්‍යාපාර පවත්වාගෙන යන ආයතන සහ නූතන ව්‍යාපාරික ක්‍රමවේද මෙන්ම ව්‍යාපාරික සේවා හඳුන්වාදෙමින් සිය පාරිභෝගිකයන්ට සේවය ලබාදීමට කැපවන ආයතන ඇගයීම මෙමඟින් සිදුවේ. ව්‍යාපාරික ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි, සුවිශේෂී බව හා සංකීර්ණත්වය, අරමුණ සහ ව්‍යාපාරික අභියෝග ආදී ක්ෂේත්රයන් ඔස්සේ ස්වාධීන විනිසුරු මණ්ඩලයේ ඉහළ වර්ගීකරණ ලකුණු ලබාගනිමින් MBS මෙම සම්මාන දිනාගැනීමට සමත්විය.
ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල්හි ව්‍යාපාර විසඳුම් සේවාංශය වන මොබිටෙල් ව්‍යාපාර විසඳුම් අංශය (MBS), ව්‍යාපාරික ආයතන වලට තමන්ගේ සම්පූර්ණ ව්‍යාපාරික ශක්තියෙන් යුතුව මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය නවීන සන්නිවේදන තාක්ෂණ දායකත්වය ලබාදෙයි. සිය පාරිභෝගිකයන්ට වැඩි ප්රතිලාභ ලබාගැනීමට අවශ්‍ය නවීන තාක්ෂණය සහ මෙවලම් හඳුන්aවාදෙමින් ඔවුන්ව නව තාක්ෂණික අවකාශයන්ට හුරුපුරුදු කිරීමට මෙමඟින් ඔවුන් උත්සහ දරයි. ශ්‍රී ලංකාවේ වැඩිම ආයතනික සේවදායකයින් සංඛ්‍යාවක් හිමි ව්‍යාපාර විසඳුම් ලබාදෙන්නා MBS වේ. තාක්ෂණය පෙරටු කොටගත් පෞද්ගලික අංශයේ ආයතන, රාජ්‍ය ආයතන, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ උසස් අධ්‍යාපන ආයතන MBS වලින් සේවා ලබාගන්නා අතර, ඔවුන් සතු දිවයින පුරා විසිරුණු සේවා ජාලය මඟින් සියලුම ප්‍රධාන දිස්ත්‍රික්ක ආවරණයවන පරිදි සෑම නගරයකම පිහිටි ආයතන වලට තම සන්නිවේදන සේවා ලබාදීමට කැපවේ. තමන්ගේ විශිෂ්ට සේවාදායකයෙක් වූ SAGT ආයතනයට තාක්ෂණය පදනම් වූ ubiquitous LTE technology පරිපූර්ණ සන්නිවේදන සේවාවක් ස්ථාපිත කිරීමට MBS වලට හැකිවිය. එම සේවාව මඟින් SAGT වලට අත්‍යාවශ්‍ය වරාය තුළ සෘජු මෙහෙයුම් සන්නිවේදන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමේ පහසුකම් ගොඩනැංවීමට හැකිවිය. එහිදී ලොව ප්‍රචලිත 3GPP standardised LTE තාක්ෂණය මඟින් බලගැන්වූ පරිපූර්ණ සන්නිවේදන ව්‍යුහයක් SAGT සඳහා නිර්මාණය කරදීමට මොබිටෙල් සමත්විය.
එසේම MBS සඳහා තවත් විශිෂ්ටත්ව ඇගයීම් දෙකක් ලැබී තිබිණි. සිය ක්ෂේත්රයේ පළමු සන්නිවේදන හඳුන්වාදීම් දෙකක් ලෙස සැලකිය හැකි අතර GPS මාර්ගයෙන් තමන් සිටිනා ස්ථානය දැනගත හැකි mLocator Premier සහ කොළඹ තේ වෙන්දේසිය පහසු කරන mAuction App එක හඳුන්වාදීම වෙනුවෙන් හම ඇගමීම සිදුවිය. තවදුරටත් තම සේවාව ව්‍යාප්ත කරමින් ඉදිරියට යන මොබිටෙල් පරිපූර්ණ ආරක්ෂක සේවා සපයන දේශීය ප්‍රමුඛයකු වන M3Force වලට වැඩි දායකත්වයක් ලබාදෙමින් ඔවුන්ව තවදුරටත් ශක්තිමත් කරන අතර, M3Force යනු එකම තැනකින් පරිපූර්ණ ආරක්ෂක විසඳුම් සියල්ලම ලබාගත හැකි ආරක්ෂක සේවාසපයන්නෙකි. නවීන තාක්ෂණයේ බලයෙන් වීඩියෝ සැසඳීම් වලින් වඩා හොඳ හදිසි ප්‍රතිචාර සේවා සහ ආරක්ෂක සේවයේ විශ්‍රාම ගිය මනාව පුහුණුව ලැබූ ආරක්ෂක සේවකයන්ගේ සහභාගීත්වයෙන් ඉතා ඉහළ ආරක්ෂාවක් එමඟින් ව්‍යාපාරික ආයතන සහ අනෙක් සියලු ස්ථානවලට සපයයි.
MBS රජය වෙනුවෙන් අත්‍යවශ්‍ය සන්නිවේදන සේවා සැපයීම ද සිදුකරන අතර, දුක්ගැනවිලි සහ පෙත්සම් රාජ්‍ය සේවාව (ජනපතිට කියන්න)ත රාජ්‍ය ආයතනික ඩිජිටල් ඇගයීම් සේවාවත රජයේ උද්‍යාන වලට ූඍ වලංගුතාවය සහිත (mGate); ටිකට් ලබාදීමේ සේවාව, ආගමන විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදේශ ගමන් සහතික කිරීමේ ඉලෙක්ට්‍රෝනික පද්ධතිය (ETA); ජංගම දුරකථන පදනම් කරගත් ආසන වෙන්කරගැනීමේ සේවාව (mTicketing) ආදී සේවා රැසක් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුවක් ලැබෙන ලෙස නිර්මාණය කළ ‘pay as you go’ ගෙවීම් ආකෘතිය ආදී සේවා රැසක් ඔවුන් විසින් හඳුන්වා දී තිබේ.
සමාගම් වල අභ්‍යන්තර සහ බාහිර මුදල් එකතුකරගැනීම් වලදී පහසුකම් සලසන mTransit මුදල් එකතු කරගැනීමේ App එක සඳහා ද මොබිටෙල් ව්‍යාපාරික විසඳුම් අංශය ඇගයීමට පාත්රවිය. dynamic display සහිත මධ්‍යගත පාලන ජාලයක් මඟින් කළමනාකරණය කිරීමේ අවස්ථා සහ පහසු ගොඩනැංවීමක් වන Media Box solution මඟින් සම්පූර්ණ ඩිජිටල් signage solution සේවාවක් එහිදී ලබාදෙයි. මෙම සේවාවන් සහ එහි ඩිජිටල් අන්තර්ගතයන් මධ්‍යගත පාලනයෙන් දුරස්ථව online ඔස්සේ ඕනෑම තැනක සිට ද කළමනාකරණය කිරීමේ හැකියාව ඇත. ඇනවුම් ලබාගැනීමේ ක්‍රියාවලිය, අලෙවි තොරතුරු බෙදාගැනීම, බඩු භාණ්ඩ සුපරීක්ෂණය සහ පාලනය, ඇනවුම් සුපරීක්ෂණය, පාරිභෝගිකයන් කළමනාකරණය මෙන්ම අලෙවි අනාවැකි විශ්ලේෂණය සහ ලිපිගොනු කළමනාකරණය, තොරතුරු සංවිධානය, ආරක්ෂාව, සුපරීක්ෂණය, ඩිජිටල්කරණය, ටැග් කිරීම, සහතික කිරීම සහ වෙළඳ ලිපිගොනු සම්පූර්ණ කිරීම ආදී කාර්යයන් රැසක් කරගත හැකි පූර්ණ ස්වයංක්‍රීය අලෙවි කරණයේ ඩිජිටල් මෙවලම වන mDistributor සේවාව මඟින් ඩිජිටල්කරණයේ පහසුකම් සැමට අත්කර දීමට MBS සමත්වී සිටී.
ලෝකයේ ඉදිරියෙන්ම සිටින තාක්ෂණික සේවා සපයන්නෙකු වන Microsoft ආයතනය සමඟ ඔවුන්ගේ තාක්ෂණික විසඳුම් බලගැන්වීමේ නියෝජිතයකු ලෙස මොබිටෙල් ව්‍යාපාරික විසඳුම් අංශය ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනඟා තිබේ. Microsoft (Office 365, Intune, Azure), IBM (MaaS360 with Watson MDM), Cisco WebEx (Meeting Center, Event Center), Amazon (Amazon Web Services), Samsung (Samsung Knox MDM), Utech United Tractors (IIOT Solution), Bileeta (ERP Solution), Cemex (HRM Solution), KayJay (CCTV), M3Force (CCTV) iy Office Networks (CCTV) ඔවුන්ගේ වෙළඳ උපායමාර්ගික සහකරුවන් වන අතර, සිය සේවා දායකයින්ට පරිපුර්ණ සේවාවක් සැපයීමට ඩිජිටල් තාක්ෂණික සහය MBS විසින් ලබාදෙයි. MBS වල විශිෂ්ටත්වය සඳහා කදිම උදාහරණ ඇති අතර National Best E-Contest (e-Swabhimani) සම්මාන උළෙලේදී ජනපතිට කියන්න නම් වූ පොදු ජනයා ඉලක්ක කොටගත් මහජන සේවාවට සම්මාන හිමිවූ අතර, iCard සහ mChannelling ආදී වැඩසටහන් සඳහා ISO 9001:2015 යන තත්ත්ව සහතික ද ලබාගෙන තිබේ.
තවමත් ඉතාම කුඩා ක්ෂේත්රයක පැතිරුණු ඩිජිටල් සන්නිවේදනය මඟින් ව්‍යාපාර කර්මාන්ත වලට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විසඳුම් ලබාදීමේ කාර්යයේ රටේම ප්‍රමුඛයා ලෙස පෙරමුණ ගැනීමට MBS සමත්වී ඇති අතර, වැවිලි කර්මාන්තය, පෞද්ගලික සහ නිවාස ආරක්ෂාව, ගබඩාකරණය, ප්‍රවාහනය ආදී අංශ වලට ඔවුන් තාක්ෂණික සේවා සපයයි. දැනට ලෝකයේ ඇති ඉහළම තාක්ෂණික මෙහෙයුම් සේවා ශ්‍රී ලාංකික ව්‍යාපාර වලට අත්පත්කරදීමෙන් MBS ආයතනය ස්ථාවර සහ ඉතාමත් ඉහළ පිළිගැනීමක් කා අතරත් ලබාගෙන තිබේ. ව්‍යාපාර බුද්ධිමය සේවා සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් තාක්ෂණික විසඳුම් මඟින් දැනට සහ හදිසි අවස්ථා වලදීත් සන්නිවේදන විසඳුම් ගොඩනැංවීමට මොබිටෙල් ව්‍යාපාරික විසඳුම් අංශය සිය සේවාදායකයින්ට උපකාර කරයි. සිය ව්‍යාපාරික ආයතන අනාගත ලෝකයට විවර කිරීමේ මාර්ගය ලෙස එහි තොරතුරු තාක්ෂණික හැකියාවන් සහ යටිතල පහසුකම් ගුණාත්මකව වැඩිදියුණු කරමින් ගෝලීය තරඟකාරී ලෝකයට දේශීය ව්‍යාපාරිකයන් එකතුකිරීමට MBS කැපවෙමින් කටයුතු කරයි.