
2019 දෙසැම්බර් මස 2 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනටමත් තබා ඇති බඳුන්වලට අමතරව, එලිෆන්ට් හවුස් (සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී) අනුග්‍රහයෙන්, ප්ලාස්ටිසයිකල් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ඉකෝ ස්පින්ඩල්ස් සමඟ එක්ව තවත් බඳුන් සහ පුවරු 16 ක් තැන්පත් කරන ලදී. මෙම නව බඳුන් කටුනායක අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ කරන පිටත වට රවුම් අධිවේගී මාර්ගයේ තැන්පත් කර ඇත. පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුව, කෙරවලපිටිය පිටවීම සහ කඩවත පිටවීම යන ස්ථානවල මෙම බඳුන් ස්ථාපනය කර ඇත.
4R සංකල්පය වන ප්‍රතික්ෂේප කිරීම (Refuse), අඩු කිරීම (Reduce), නැවත භාවිතා කිරීම (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) කිරීම ප්ලාස්ටික් සයිකල් විසින් අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස එහි දැක්ම සාක්ෂාත් කර ගැනීම උදෙසා ය. PET බෝතල් 60,000කට අධික සංඛ්‍යාවකට සමාන මෙට්‍රික් ටොන් 2 ක ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය මගින් මේ දක්වා අධිවේගී මාර්ගවලින් එක් රැස් කර ඇති අතර, ඉකෝ ස්පින්ඩ්ලස් මඟින් ඒවා පරිසර හිතකාමී අයුරින් ප්‍රතිචක්‍රීකරණය කරයි. තවද, ඉවත දමන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීම පිලිබඳ අධිවේගී මාර්ගය භාවිතා කරන මගීන් 10,000ක් දක්වා ප්‍රමාණයක් පත්‍රිකා බෙදා හැරීම සහා දිරිමත් කිරීම, ප්ලාස්ටිසයිකල් විසින් 2019 දෙසැම්බර් 7 වන දින පවත්වන ලදී.
“ප්ලාස්ටිසයිකල් යනු විවිධ කර්මාන්ත අංශ 7 ක සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියකි. ජෝන්කීල්ස් හෝල්ඩින්ග්ස් පුද්ගලයින් 13,000 කට වැඩි පිරිසකට සෘජු රැකියා සපයන අතර LMD සඟරාව විසින් පසුගිය වසර 14 තුළ ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ආයතනය’ ලෙස ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සුසංහිතයේ සාමාජිකයෙකු වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, “හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම” පිළිබඳ ස්වකීය දැක්ම ජෝන් කීල්ස් පදනම හරහා මෙහෙයවනු ලබයි.