
ශ්‍රී ලංකාවේ ගම්මාන පුරා විසිරී සිටින ගෘහණියන් අතරින්, මෙතෙක් සිය ඉවුම් පිහුම් දක්ෂතා ලොවට පෙන්වීමට අවස්ථාවක් නොලද, සුවිශේෂී ආහාර නිර්මාණ හැකියාවන්ගෙන් පිරිපුන් බොහෝ දෙනෙක් සිටිති. ඔවුන් සාමාන්‍ය ලිප් භාවිතයෙන් ආහාර පිසීමට හුරු වී සිටින අතර, ඉවුම් පිහුම් කලාවට අදාළ වට්ටෝරු සහ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරගෙන ඇත්තේ සිය මව්වරුන්ගෙන් සහ මිත්තණියන්ගෙනි. ප්‍රදේශීය වෙළඳපොළෙන් ලබාගත හැකි නැවුම් අමුද්‍රව්‍ය යොදාගනිමින් විවිධ රසයෙන් යුතු ආහාර පිළියෙළ කිරීම ඔවුන්ගේ විශේෂත්වයයි. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයකට කිසිදා රූපවාහිනී තිරය ඔස්සේ සිය දක්ෂතා රටට පෙන්වීමට අවස්ථාවක් නොලැබෙන අතර, ඔවුන්ගේ අතින් පිළියෙළ වන ආහාරවල රසය විඳගැනීමට ද රටේ බොහෝ දෙනෙකුට අවස්ථාවක් නොලැබේ.
මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ මෙම තත්ත්වය වෙනස් කරමින්, මෙතෙක් පුළුල් ප්‍රේක්ෂක අවධානයට ලක් නොවූ ගෘහස්ථ ඉවුම් පිහුම් දක්ෂතා රටට හඳුන්වා දීමයි. වැඩසටහනේ පළමු අදියරේ සිටම ඊට සහයෝගය ලබාදුන් නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම, එම සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යමින් දෙවන අදියරේ නිල කුකුළු මස් සැපයුම්කරු ලෙස ද කටයුතු කරයි. මෙය හුදෙක් අනුග්‍රාහකත්වයකට පමණක් සීමා නොවන අතර මෙම වැඩසටහන දක්ෂතාවලට නිසි ඇගයීමක් සහ පිළිගැනීමක් ලබාදෙන වේදිකාවක් වන බැවින් එවැනි වටිනා අරමුණක් සමඟ සිය සන්නාමය ද සම්බන්ධ කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.
සැඟවුණු දක්ෂතාවලට ජාතික ඇගයීමක්
2026 මැයි මාසයේදී පළමු MasterChef Sri Lanka කිරුළ හිමිකරගත් ජයග්රාහකයාගේ ගමන්මඟ ආරම්භ වී තිබුණේ කුඩා නගරයකිනි. ගැමි පරිසරයක හැදී වැඩුණු ඔහු ඉවුම් පිහුම් කලාව පිළිබඳව ඉගෙනුම ලැබූවේ සිය නිවසේදීමය. ඒ සඳහා සුවිශේෂී පහසුකම් හෝ සිය දක්ෂතා ලොවට පෙන්වීමට අවශ්‍ය විධිමත් වේදිකාවක් ඔහුට නොතිබුණි. තරගය පුරා ඔහුගේ ආහාර නිර්මාණවලට පදනම සැපයූයේ ගැමි ආහාර සංස්කෘතියයි. මෙවැනි දක්ෂතාවන්ට ග්‍රාමීය මුළුතැන්ගෙයින් ඔබ්බට යාමට මඟක් ලැබෙනුයේ ඉතාමත් කලාතුරකින් වන අතර මාස්ටර්චෙෆ් වැනි වැඩසටහන් මඟින් විවර කර දෙන්නේ එවැනි දක්ෂතාවලට ජාතික තලයේ පිළිගැනීමක් හිමිකරගැනීමට අවශ්‍ය මඟපෙන්වීමයි.
සාමාන්‍ය ගෘහස්ථ මුළුතැන්ගෙයක සීමාවන් ඉක්මවා යමින්, සමස්ත රටේම අවධානය දිනා ගනිමින් සහ ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය ශක්තිය විනිශ්චය මණ්ඩලයක් හරහා ඔහුට හිමිවිය. එම විනිශ්චය මණ්ඩලය සඳහා ජාත්‍යන්තරව ඇගයීමට ලක්වූ ප්‍රවීණ සූපවේදී පීටර් කුරුවිට මහතා සමඟ සවින්ද්‍රි පෙරේරා, රොහාන් ප්‍රනාන්දුපුල්ලේ සහ කපිල ජයසිංහ යන මහත්ම මහත්මීන් යන අය නායකත්වය දුනි. ජාත්‍යන්තර ක්‍රමවේද, දේශීය ද්‍රව්‍ය සහ පාරම්පරික සුවඳ මුසු කරමින් විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු මඟපෙන්වීම් මත ලද මෙම ජයග්‍රහණය මගින් කුඩා නගරයක් මුළු ජාතියේම අවධානයට ලක් කිරීමට ඔහු සමත් විය.
කුඩා නගරයකින් මතුවන දක්ෂතාවලට රටක් ඉදිරියේ තම හැකියාවන් විදහා දැක්වීමට අවස්ථාව උදාකර දීම සාර්ථක වේදිකාවක සැබෑ කාර්යභාරය වේ.
අනුග්‍රාහකත්වයෙන් ඔබ්බට ගිය මෙහෙවරක්
නිව් ඇන්තනීස් සමාගම වර්ෂ 1986 දී සභාපති එමිල් ස්ටැන්ලි මහතා සහ අධ්‍යක්ෂිකා එස්.එම්.ඩී. මාරි සීතා ලක්ෂ්මී මහත්මිය විසින් ආරම්භ කරන ලදී. වසර 40ක අභිමානවත් ගමන්මඟක් සනිටුහන් කරන සමාගම, ශ්‍රී ලාංකික පවුල් වෙත උසස් තත්ත්වයේ කුකුළු මස් සැපයීමේ මූලික අරමුණ පෙරදැරිව කටයුතු කරන අතර මෙම ගමන්මඟ තුළින්, පාරිභෝගික විශ්වාසය සහ ගුණාත්මකභාවය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීම සමාගමේ ප්‍රමුඛතාවය වේ.
මාර්තු මාසයේදී මෙම සහයෝගීතාව පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දී, විධායක අධ්යක්ෂ සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර එරංග කුරුකුලආරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ, ලෝකය තවමත් දැක නොමැති විශිෂ්ට සූපශාස්ත්‍ර දක්ෂතාවලින් ශ්‍රී ලංකාව පිරී පවතින බව අපි සෑම විටම විශ්වාස කරන බවයි. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා යනු එවැනි දක්ෂතාවලට හිමිවිය යුතුම නිවැරදි වේදිකාව බවයි.
විධිමත් සූපශාස්ත්‍ර පුහුණුවක් ලැබීමට හෝ වෘත්තීය මුළුතැන්ගෙයක අත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් නොමැති අයට ද ළඟා විය හැකි ප්රබලතම මාධ්‍යයක් වන්නේ රූපවාහිනියයි. විශේෂයෙන්ම ග්‍රාමීය පරිසරයකින් මතුවන සූපවේදියෙකුට, තම ගමෙන් ඔබ්බට සිටින පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙවැනි එක් රූපවාහිනී වැඩසටහනක් වුවද සුවිශේෂී අවස්ථාවක් විය හැකිය.
සමාගමට අනුව, මෙම අනුග්‍රාහකත්වය තුළින් සමාජයේ විවිධ පාර්ශ්වයන්ට යහපත් බලපෑමක් ඇති කළ හැකිය. ඒ අනුව, සූපවේදියෙකුට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සාධාරණ වේදිකාවක් හිමිවන අතර, සිය අස්වැන්න අලෙවි කිරීම සඳහා ස්ථාවර වෙළෙඳපොළක් ද හිමි වේ. එමෙන්ම, පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් යුතුව ගුණාත්මක ආහාර වේලක් භුක්ති විඳීමට අවස්ථාව සැලසේ. සමාජයට සැබෑ දායකත්වයක් ලබාදීම යනු ජනතාවගේ ජීවනෝපායන් නඟාසිටුවීමටත්, ඔවුන්ගේ ඉදිරි ගමනට අත්වැලක් වීමටත් කටයුතු කිරීම බව සමාගම පෙන්වා දෙයි.
ගොවි ප්‍රජාවට නව ජවයක්
සමාගමේ ප්‍රජා මෙහෙවර රූපවාහිනී තිරයට පමණක් සීමා නොවේ. 2026 ජූනි මාසයේ දී, ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශයේ අංශය වන ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC), නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමෙහි ඇමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා ආයෝජනයක් සිදුකරන බව ප්‍රකාශ කොට තිබෙන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක් දක්වා ප්‍රමාණයක් ලැබෙන්නේ GAFSP පෞද්ගලික අංශයේ අරමුදල මගිනි.
මෙම ආයෝජනයේ අපේක්ෂිත ප්රතිලාභ සමාගමේ වර්ධනයට පමණක් සීමා නොවී, ප්‍රජාව වෙත ද ළඟා වනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා 900 කට වඩා උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ගිවිසුම්ගත ගොවිතැන් සහ බාහිර වගාකරුවන් සමඟ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ හරහා අවම වශයෙන් සුළු පරිමාණ ගොවීන් 200කට වැඩි පිරිසකට ප්රතිලාභ හිමිවනු ඇත. ඔවුන්ගෙන් 22%ක් පමණ කාන්තාවන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම 80% ක් පමණ අඩු ආදායම්ලාභීන් වේ. දැනටමත් සමාගමේ නිෂ්පාදනයෙන් 40% ක් පමණ සපයනු ලබන්නේ සුළුපරිමාණ ගොවීන් විසිනි.
ගිවිසුම්ගත ගොවිතැන මඟින් කුඩා පරිමාණ නිෂ්පාදකයින්ට බොහෝ විට නොලැබෙන වැදගත් අවස්ථාවක් උදා කරයි. එනම්, අස්වැන්න ලැබෙන අවස්ථාවේදී පවතින සැපයුම මත පමණක් මිලදී ගැනීම් සිදුකරන ගැනුම්කරුවෙකු වෙනුවට, ඔවුන් සමඟ කල්තියා සැලසුම් කරමින් කටයුතු කරන ස්ථිර ගැනුම්කරුවෙකු හිමිවීමයි.
සවිබලගැන්වීමේ සැබෑ අර්ථය ප්‍රායෝගිකව දිස්වන්නේ මෙලෙසිනි. ස්ථාවර මිලක් සහ විශ්වාසදායක ගනුදෙනුකරුවෙකු සමඟ ගිවිසුම්ගත වන සුළු පරිමාණ ගොවියෙකුට කිසිදු බියකින් තොරව මීළඟ වගාව සැලසුම් කළ හැකිය. ඒ හරහා ලැබෙන ආදායම් ස්ථාවරත්වය, සිය පවුලේ අනාගතය වෙනුවෙන් ආයෝජන කිරීමට ඔවුන්ට අවශ්‍ය ශක්තිය සහ නිදහස ලබා දෙයි.
පවුලේ සෞඛ්‍යයට විශ්වාසදායී ප්‍රමිතියක්
බලගැන්වීම යනු ජනතාවට සුරක්ෂිත හා විශ්වාසදායක ආහාර වේලක් හිමිකර දීමයි. 2026 ජනවාරි මාසයේ දී සමාගම පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ වසර පහක අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර මෙම ගිවිසුම යටතේ, ISO/IEC 17025 තත්ත්ව සහතික ලත් ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂණාගාරය මගින් කුකුළු මස් නිෂ්පාදනයේ සෑම අදියරකදීම පරීක්ෂණ පවත්වයි. ස්වාධීන විද්‍යාත්මක පරීක්ෂණ හරහා සිය නිෂ්පාදන ප්‍රතිජීවකවලින් තොර බව නිල වශයෙන් තහවුරු කරමින්, ශ්‍රී ලාංකේය කුකුළු මස් නිෂ්පාදන ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයක් සටහන් කිරීමට තමන් සමත් වූ බව සමාගම පවසයි.
එසේම, එහි නිෂ්පාදන සඳහා FSSC 22000, ISO 22000, HACCP, GMP සහ Halal ඇතුළු පාරිභෝගිකයින්ට සහ වෘත්තීය මුළුතැන්ගෙයි සඳහා වැදගත් වන සහතික හිමිව තිබේ. Control Union Netherlands විසින් සහතික කරන ලද ISO 14064 ප්‍රමිතිය යටතේ හරිතාගාර වායු සත්‍යාපන ප්රකාශනයක් ලබා ඇති ශ්‍රී ලංකාවේ එකම කුකුළු මස් සමාගම තමන් බව ද සමාගම සඳහන් කරයි. 2024 වසරේදී ශ්‍රී ලංකාවේ කුකුළු මස් අපනයනයෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන ලද්දේ මෙම සමාගම වන අතර, 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී සකස් කරන ලද ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස ද සම්මානයට පාත්‍ර වී තිබේ. සති අන්තයේ ආහාර වේලට ව්‍යංජනයක් පිළියෙළ කිරීම සඳහා කුකුළු මස් මිලදී ගන්නා පවුලකට මෙය ඉතා වැදගත් වන අතර කුකුළු මස් මිලදී ගන්නා සෑම අදියරකදීම නිසි පරීක්ෂාවන්ට භාජනය කර ඇති බවට විශ්වාසයක් ගොඩනඟා ගැනීමට ඔවුන්ට පරීක්ෂණාගාර වාර්තා පරිශීලනය කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
දෙවන අදියරේදී ද මුළුතැන්ගෙය වෙත සැපයෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ කිසිදු අවස්ථාවක ප්‍රතිජීවක භාවිතයෙන් තොරව නිෂ්පාදනය කළ කුකුළු මස් වන අතර, එහිදී ද පළමු අදියරේදී අනුගමනය කළ ප්රමිතීන් එලෙසින්ම පවත්වාගෙන යාම සිදු වේ. මෙම කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, එහි සැබෑ අර්ථය පිළිබඳව පාරිභෝගිකයින්ට දැන් වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බවත් සමාගම පවසයි.
දක්ෂතා ඇගයෙන රසවත් වේදිකාව
සමාගමේ ස්ථාවරය පැහැදිලිය. ශ්‍රී ලංකාව තුළ දක්ෂතාවලින් කිසිදු අඩුවක් නොමැත. මෙතෙක් අඩුවක්ව පැවතියේ එම දක්ෂතා ඇගයීමට ලක්වන සාධාරණ අවස්ථාවක් සහ පාරිභෝගිකයන්ට තමන් පරිභෝජනය කරන ආහාර පිළිබඳව විශ්වාසය තැබිය හැකි පදනමක් පමණි. මාස්ටර්චෙෆ් වැඩසටහන හරහා පළමු අවශ්‍යතාව සපුරාලන අතර, දෙවැන්න තහවුරු කිරීම සඳහා නිව් ඇන්තනීස් සමාගම සිය දායකත්වය ලබාදීමට අපේක්ෂා කරයි.
දක්ෂතාව දිවයින පුරා විසිරී පැතිරී තිබුණ ද, ඒ සඳහා නිසි අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ‘මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා’ යනු එම දක්ෂතාව සහ අවස්ථාව එකිනෙක මුණගැසෙන සුවිශේෂී වේදිකාවකි. නිව් ඇන්තනීස් සමාගමේ අරමුණ වී ඇත්තේ, තම උසස් තත්ත්වයේ කුකුළු මස් නිෂ්පාදන මෙම අගනා වේදිකාව හරහා පාරිභෝගිකයන් වෙත සමීප කරවීමයි.


