SDB බැංකුව, 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී (Colombo Motor Show 2026) බැංකු අතරින් විශේෂිත යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ලීසිං සේවාවන්හි පෙරමුණ ගනී

SDB Motor Show Image (LBN)

නොවැම්බර් 20 වන දින සිට 23 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය (Colombo Motor Show 2026) සඳහා සහභාගී වෙමින්, පහසුවෙන් මිලදී ගත හැකි වාහන මූල්‍යකරණ පහසුකම් සැපයීම සහ ව්‍යවසායකත්ව සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට SDB බැංකුව සූදානමින් සිටී. දෛනික ගමනාගමන අවශ්‍යතා, ස්වයං රැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාරික (SME) ක්‍රියාකාරකම් සඳහා එම රථවාහන ලබා දෙන සුවිශේෂී දායකත්වය හඳුනා ගනිමින්, යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා වන ලීසිං විසඳුම් කෙරෙහි බැංකුව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇත.




මෑත වසරවලදී ක්ෂේත්‍රයේ ප්‍රදර්ශන රැසක් තුළ සිය ශක්තිමත් සන්නාම පැවැත්ම තහවුරු කර ගනිමින්, වාහන හිමිකාරිත්ව විසඳුම් අපේක්ෂා කරන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා ප්‍රමුඛතම මූල්‍ය හවුල්කරුවෙකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කිරීම SDB බැංකුවේ අරමුණයි. මෙවර ප්‍රදර්ශනයේදී, බැංකු ක්ෂේත්‍රය තුළ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහාම වෙන් වූ විශේෂිත ලීසිං සේවා සපයන්නා ලෙස තමන් සතු සුවිශේෂී ස්ථානය කෙරෙහි බැංකුව අවධානය යොමු කරන අතර, ඊට සමගාමීව පෞද්ගලික වාහන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) සහ අනෙකුත් ගනුදෙනුකාර කාණ්ඩ සඳහා ද මූල්‍ය පහසුකම් පිරිනමනු ඇත.

F4 සහ F5 ප්‍රදර්ශන කුටි වෙත පැමිණෙන අමුත්තන්ට SDB බැංකුවේ ලීසිං පහසුකම් පිළිබඳව පුළුල් ලෙස තොරතුරු දැන ගැනීමටත්, තම අවශ්‍යතාවන්ට ගැළපෙන පුද්ගලාරෝපිත මූල්‍ය මඟපෙන්වීමක් මෙන්ම ප්‍රදර්ශන භූමියේදීම පහසුවෙන් උපදේශන සේවාවන් මෙන්ම වාහන මිල දී ගැනීමටත් අවස්ථාව හිමි වේ. තරගකාරී ලීසිං අනුපාත සහ සුදුසුකම් හා අදාළ ලියකියවිලි සපුරාලීමට යටත්ව පැයක් ඇතුළත අනුමැතිය ලබා දීමේ පහසුකම හරහා, වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් මූල්‍යකරණ ක්‍රියාවලිය වඩාත් සරල කිරීම බැංකුවේ අරමුණයි.

මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් අක්මීමන මහතා මෙසේ පැවසීය: “විශ්වාසනීය ප්‍රවාහන පහසුකම් සඳහා ඇති ප්‍රවේශය තුළින් සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යවසායකයින්ට ද අර්ථවත් අවස්ථා රැසක් නිර්මාණය කළ හැකි බව අප‍ගේ විශ්වාසයයි. කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයට සහභාගී වීම තුළින් අප අපේක්ෂා කරන්නේ, අපගේ ගනුදෙනුකරුවන්ගේ ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය ස්වාධීනත්වයට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් ගැළපෙන, පහසුවෙන් ලබා ගත හැකි වාහන මුල්‍ය පහසුකම් ලබා දීමයි..”

මෙම වැඩපිළිවෙළ හරහා පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට වැඩි පහසුවක්, ස්වාධීනත්වයක් සහ තිරසර ආර්ථික අවස්ථා අත්කර ගැනීමට හැකියාව ලබා දෙමින්, මූල්‍ය අන්තර්ගතභාවය සහ ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් බැංකුකරණය වෙනුවෙන් වන සිය කැපවීම SDB බැංකුව අඛණ්ඩව තහවුරු කරයි.

SDB බැංකුව පිළිබඳව

අනාගතය සඳහා සූදානම් වූ නවීන බැංකුවක් වන SDB බැංකුව, සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතාවන්ට සරිලන පරිදි ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් පුළුල් මූල්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් කැපවී සිටී. එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර, කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත කර ඇති, Fitch Ratings ආයතනය විසින් BB+(lka) ණය ශ්‍රේණිගත කිරීම පිරිනමා ඇති මූල්‍ය ආයතනයකි. දිවයින පුරා විහිදුණු ශාඛා 93කින් සමන්විත සිය ශාඛා ජාලය හරහා, රට පුරා සිටින පෞද්ගලික (Retail), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME), සමුපකාර සහ ව්‍යාපාරික බැංකුකරණ ගනුදෙනුකරුවන් වෙත පුළුල් පරාසයක මූල්‍ය සේවාවන් රැසක් බැංකුව විසින් සපයනු ලබයි. තිරසර භාවිතයන් තුළින් දේශීය ප්‍රජාවන් සහ ව්‍යාපාර නඟාසිටුවීම කෙරෙහි ස්ථිර අවධානයක් යොමු කරමින්, පාරිසරික, සමාජීය සහ ආයතනික පාලන (ESG) මූලධර්ම SDB බැංකුවේ ආයතනික සාරධර්ම පද්ධතිය තුළ ගැඹුරින් මුල්බැස තිබේ. ශ්‍රී ලංකාව නව මානයන් කරා ඔසවා තැබීමේ අරමුණින්, කාන්තා සවිබල ගැන්වීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි තිරසර සංවර්ධනය සහ ඩිජිටල් අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා SDB බැංකුව විශේෂ කැපවීමකින් කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව