
1905 වසරේ ආරම්භ කරන ලද මෙම ඉංජිනේරු සමාගම, මිනිසුන්ගේ ජීවිත, දේපළ සහ ව්‍යාපාරික කටයුතු ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වන නව අංශයක් වෙත සිය සේවාවන් පුළුල් කර ඇත.
ජිනසේන සමාගම විසින් ගිනි නිවීමේ සහ ආරක්ෂණ ව්‍යාපෘති අංශය ආරම්භ කරනු ලැබූ අතර, එය ගිනි ආරක්ෂණ සහ ආරක්ෂක අංශය වෙත සිදු කරන ලද උපායමාර්ගික ප්රසාරණයකි. මෙමඟින් සමාගමේ ස්ථාවර ඉංජිනේරු තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ වාණිජ, කාර්මික සහ ආයතනික ගොඩනැගිලි වෙත පුළුල් කරනු ලබන අතර, ගිනි අනාවරක, ආරක්ෂණ සහ ගිනි නිවීමේ විසඳුම් රැසක් ඒ හරහා පිරිනමනු ලැබේ.
මෙම හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් ජිනසේන සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ශානි ජිනසේන මහත්මිය මෙසේ පැවසුවාය. “වගකීම් සහගත ගොඩනැගිලි සහ ඉදිකිරීම් සංවර්ධනයේදී ගිනි ආරක්ෂාව යනු සැමවිටම වැදගත් අංගයක්. පාරිභෝගිකයන්ට ගිනි ආරක්ෂණය පිළිබඳ වඩාත් පුළුල් ප්‍රවේශයක් ලබා දීම සඳහා, මෙම නව අංශය ඔස්සේ අපගේ ඉංජිනේරු තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය සේවා හැකියාවන් පවතින ගිනි පොම්ප විසඳුම් සමඟ අපි එකතු කරනවා. පද්ධති සැලසුම් කිරීම සහ සවිකිරීමේ සිට පරීක්ෂා කිරීම සහ අඛණ්ඩ නඩත්තුව දක්වා ආයතනවල ගිනි ආරක්ෂණ අවශ්‍යතාවලට ගැළපෙන විශ්වාසදායක, මුල සිට අග දක්වා වන විසඳුම් ලබා දීම අපගේ අරමුණයි.”
මෙම ගිනි නිවීමේ සහ ආරක්ෂණ ව්‍යාපෘති අංශය හරහා ගින්න හටගත් නිශ්චිත ස්ථානය පෙන්වන පද්ධති, සාම්ප්‍රදායික සහ රැහැන් රහිත ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති, සුළඟින් දුම හඳුනාගන්නා පද්ධති, අතේ ගෙන යා හැකි ගිනි නිවන උපකරණ, ගිනි නිවන ජල නළ සහ හෝස් රීල්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සහ සාමාන්‍ය ගිනි පොම්ප කට්ටල, ගින්නට ඔරොත්තු දෙන දොරවල්, සහ ස්වයංක්‍රීය ජල විදින පද්ධතිය සහ වෑල්ව් පද්ධති ලබා දේ. විශේෂිත ගිනි නිවීමේ විසඳුම් අතරට ජල මිදුම්, පිරිසිදු වායු කාරක, කාබන්ඩයොක්සයිඩ් ෆෝම් සහ මුළුතැන්ගෙයි ගිනි නිවන විශේෂිත රසායනික පද්ධති ඇතුළත් වේ.
සෑම ව්‍යාපෘතියක් සඳහාම පියවර තුනකින් යුත් ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන අතර, අවදානම් තක්සේරු කිරීම, විසඳුම් සැලසුම් කිරීම සහ භාර දීමට පෙර සවිකිරීම, ක්‍රියාත්මක කර පරීක්ෂා කිරීම සහ පරීක්ෂණ හරහා තහවුරු කිරීම ඒ අතර වේ. UL සහ LPCB වැනි පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ අනුමැතීන්ට අනුකූලව මෙම පද්ධති සැලසුම් කර සවිකරනු ලැබේ. මූලික පරීක්ෂණ සහ සැලසුම්කරණයේ සිට සවිකිරීම, ක්‍රියාත්මක කර පරීක්ෂා කිරීම සහ නඩත්තුව දක්වා සම්පූර්ණ සහාය ලබා දෙනු ලැබේ.
1905 වසරේදී ආරම්භ කරන ලද ජිනසේන සමාගම, ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම වඩාත් ගෞරවයට පාත්‍ර වූ දේශීය හා කාර්මික ජල පොම්ප නිෂ්පාදන සමාගමකි. පාරිභෝගික අවශ්‍යතාවයට ගැළපෙන ජල පොම්ප, ජල පවිත්‍රකරණය, වාරිමාර්ග, සූර්ය බලශක්තිය සහ තොරතුරු තාක්ෂණ විසඳුම් යන සියල්ල එහි නිෂ්පාදන එකතුවට අයත් වේ. ගොඩනැගිලිවල ගිනි ආරක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් සමාගමේ ඉංජිනේරු හැකියාවන් තවදුරටත් පුළුල් කරනු ලබන්නේ මෙම ගිනි නිවීමේ සහ ආරක්ෂණ ව්‍යාපෘති අංශය මඟිනි.
සාර්ථක ගිනි ආරක්ෂණ ක්‍රමවේදයක් මඟින් ගොඩනැගිලිවල සිටින පිරිස් සුරක්ෂිත කිරීම, භෞතික දේපළ ආරක්ෂා කිරීම සහ ව්‍යාපාරික කටයුතු අඩපණ වීමේ හැකියාව අවම කිරීම සිදු කළ හැක. වාණිජ සහ කාර්යාල ගොඩනැගිලි, කර්මාන්තශාලා, සිල්ලර වෙළඳසැල් සහ හෝටල්, රෝහල් සහ පාසල්, පොදු සේවා ස්ථාන මෙන්ම නිවාස ව්‍යාපෘතිවල අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කළ විසඳුම් හරහා මෙම කාර්යයන්ට සහාය වීම මෙම අංශයේ අරමුණයි.
ගොඩනැගිලි ඉදිකරන්නන්, ගොඩනැගිලි හිමියන්, ඉදිකිරීම් සමාගම්, ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන්, යාන්ත්‍රික, විදුලි සහ ජලනළ (MEP) කොන්ත්‍රාත්කරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, උපදේශකයන් සහ මිලදී ගැනීමේ කණ්ඩායම් මෙහි ප්‍රධාන ගනුදෙනුකරුවන් අතර වේ.
ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගයංග වීරසේකර, ප්‍රධාන විකුණුම් සහ අලෙවි නිලධාරී චින්තක වික්‍රමසිංහ සහ ගිනි නිවීමේ සහ ආරක්ෂණ ව්‍යාපෘති අංශයේ ප්‍රධානී අනෝජ් කළුආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ, ජිනසේන සමාගම ගිනි ආරක්ෂණ අංශයේ තම ස්ථානය ශක්තිමත් කර ගැනීමටත්, විවිධ ආයතන සහ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ කල්පවත්නා සබඳතා ඇති කර ගැනීමටත් අපේක්ෂා කරයි.
ගිනි නිවීමේ සහ ආරක්ෂණ ව්‍යාපෘති අංශය සහ එහි විසඳුම් පිළිබඳ විමසීම් සඳහා, +94 74 060 0389 යන අංශයේ ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ fire@jinasena.com.lk වෙත විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ වන්න.


