
සනුක, වින්ඩි, ධනිත් ශ්‍රී සහ වස්ති සමඟ අත්වැල් බැඳගන්නා තරුණ ජවයෙන් පිරි ‘Hoombar’ සංගීත කණ්ඩායම, සිතුවිලි සහ හැඟීම් අවදි කරන අපූරු සංගීත චාරිකාවකට ඔබව කැඳවාගෙන යන්නට සියල්ල සූදානම්!
හැඟීම් වචනවලට පෙරළීමටත් පෙර ඒවා ස්පර්ශ කිරීමේ අපූර්ව හැකියාව සංගීතය සතුය. යම් තනුවකින් අතීත මතකයක් නැවත අවදි කළ හැකිය. එක් හඬකින් හදවත් විවර විය හැකිය. සංගීතය සහ අපගේ අභ්‍යන්තර මනෝභාවයන් අතර සබඳතාව, ‘NYTFLY’ සංගීත ප්‍රසංග මාලාවේ මූලික පදනමයි. මෙහි පළමු අදියර 2026 නොවැම්බර් 21 වන දින කඳාන ද මැසිනොද් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ වනු ඇත.
Pinnacle Waves (Pvt) Ltd සමාගම නිෂ්පාදනය කරන, Hoombar ඉදිරිපත් කරන NYTFLY ප්‍රසංගය, සනුක × වින්ඩි, ධනිත් ශ්‍රී සහ වස්ති සමග විවිධ සංගීත ශෛලීන් එකට මුසු කරමින්, සංගීතමය ගමනාන්ත පහක් වටා දිවෙන සුවිශේෂී සන්ධ්‍යාවක් නිර්මාණය කරයි. එනම්, AWAKEN (අවදිවීම), DESIRE (ආශාව හා ප්‍රේමය), DEPTH (ගැඹුර), CHAOS (ව්‍යාකූලත්වය) සහ IGNITE (උද්දීපනය) යන තේමා පහයි. මේ සියල්ල අප තුළම නිහඬව පවතින හැඟීම්වල විවිධ පැතිකඩ නිරූපණය කරයි. ඇතැම් විට සංගීතය එම හැඟීම් අවදි කරන අතර, තවත් විටෙක අපගේ සිත තුළ දැනටමත් පවතින හැඟීම්වලට හඬක් ලබා දෙයි.
AWAKEN (අවදිවීම): උද්යෝගිමත් සංගීත රිද්මයන්ගෙන් ඉන්ද්රියයන් පුබුදුවමින්, බලාපොරොත්තුවේ සහ නව හැකියාවන්ගේ දොරටු විවර කරන අපූරු ආරම්භය.
DESIRE (ආශාව හා ප්‍රේමය): මියුරු සංගීතය සහ හැඟීම්බර ගායනය තුළින් ආදරයේත් සෙනෙහසේත් සුන්දරත්වය විදහා දක්වයි.
DEPTH (ගැඹුර): සංගීතයේ ගැඹුරු සංයෝජනයන් ඔස්සේ මතකයන් හා අපේක්ෂාවන් අවදි කරමින්, වචනවලින් විස්තර කළ නොහැකි හැඟීම් විඳගැනීමට අවකාශ සලසයි.
CHAOS (ව්‍යාකූලත්වය): විවිධ රිද්මයන්ගේ සංකලනයන්, සංගීතමය වෙනස්කම් ඔස්සේ සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව නිදහසේ රසවිඳීමට ආරාධනා කරයි.
IGNITE (උද්දීපනය): සංගීතයේ ජවය සමඟ සියලු දෙනාගේ ශක්තිය හා උද්යෝගය එකම රිද්මයකට එක් කරයි.
රිද්මය, තනුව, ස්වර සංකලනය, ගතික වෙනස්කම් සහ ශබ්ද රටාවන්ගේ විවිධත්වය එක්ව, මෙම සංගීතමය අත්දැකීම නිර්මාණය කරයි. Strings මඟින් මියුරු නාදය හුරුපුරුදු ගීතයකට සංවේදී බවක් එක් කරන අතර, Brass මඟින් එයට ජවය හා උද්යෝගය එක් කරයි. vocal harmonies මඟින් ගීතයේ හැඟීම් තවත් ගැඹුරින් ප්‍රේක්ෂකයන් වෙත සමීප කරයි.
ආලෝකකරණය හා සිනමාත්මක දර්ශන හරහා සංගීතයේ වෙනස්කම් තවදුරටත් පුළුල් වන අතර, එය සෑම ගමනාන්තයක්ම එකිනෙකට සම්බන්ධ වූ අපූරු අත්දැකීමක් බවට පත් කරයි. උසස් තත්ත්වයේ නවීන ශබ්ද පද්ධතිය සහ වෘත්තීය ශබ්ද ඉංජිනේරු තාක්ෂණය මඟින් සෑම සංගීත අංගයකම පැහැදිලි බව සහ සමතුලිතතාව තහවුරු කෙරෙන අතර මනා සම්බන්ධීකරණයකින් යුත් ආලෝකකරණය සහ LED තිර දර්ශන ප්‍රසංගයේ ආකර්ෂණීය පසුබිමක් නිර්මාණය කරයි.
NYTFLY’ හි සංගීතමය අනන්‍යතාව නිර්මාණය වන්නේ ‘Hoombar’ සංගීත කණ්ඩායම වටාය. නවමු සංගීත නිර්මාණ සහ සජීවී ඉදිරිපත් කිරීම් කෙරෙහි එකසේ ලැදියාවක් දක්වන තරුණ ජවයෙන් පිරි මෙම කණ්ඩායම, සංගීතය පිළිබඳ නව අදහස් සහ නිර්මාණශීලී ප්රවේශයන් සමඟින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි . ප්‍රධාන වාදක මණ්ඩලයට අමතරව strings, brass සහ පසුබිම් ගායනා ද සමඟින්, රාත්‍රිය පුරා විවිධ සංගීත රිද්මයන් ඔස්සේ ඉදිරියට ගලා යන සංගීතමය අත්දැකීමක් Hoombar විසින් නිර්මාණය කරයි. ආරාධිත ශිල්පීන්ගේ විවිධ ගායන ශෛලීන් සහ අනන්‍ය වූ පෞරුෂයන් සමගින් මෙම සංගීත අත්දැකීම වඩාත් විචිත්‍රවත් කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රසංග අධ්යක්ෂ ලියෝන් පීරිස් (Leon Peiris) මහතා ප්‍රකාශ කර සිටියේ NYTFLY ආරම්භ වන්නේ අප සැමගේ සිත් තුළ ඇති හැඟීම් සමග බවයි. යමෙකුට ගීත ගායනා කිරීමට, අතීතය ආවර්ජනය කිරීමට, මනස නිදහස් කරගැනීමට හෝ සරලව එම මොහොත විඳීමට අවශ්‍ය වුවද, සංගීතය හරහා එම හැඟීම්වලට හඬක් ලබා දීමට අපට අවශ්‍ය බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මුළු සන්ධ්‍යාවම නිර්මාණය වන්නේ ඒ මානසික සබඳතාවය වටා බවයි.
මෙම අපූර්ව අත්දැකීම වේදිකාවට පමණක් සීමා නොවේ. මෙහිදී සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සඳහා විශේෂිත ස්ථානයක් ස්ථාපිත කර ඇති අතර සහ සමාජ මාධ්‍ය තුළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ද සංවිධානය කර ඇත. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයන්ට එදින සන්ධ්‍යාවේ සුවිශේෂී අවස්ථා ඡායාරූපගත කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහදා ගැනීමට අවස්ථාව උදා වේ. එමෙන්ම, තෝරාගනු ලබන ජයග්‍රාහී Post සඳහා ත්‍යාගයක් ද පිරිනැමීමට නියමිතව තිබේ.
මීට අමතරව, එදින ප්‍රසංගයේ හඳුන්වා දෙන ඩිජිටල් අත්පොතක් ද එළිදැකවීමට නියමිත අතර එමඟින් ප්‍රේක්ෂකයන්ට ප්‍රසංගයට සහභාගි වීමට පෙර සිටම මෙම සංගීතමය අත්දැකීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකි වනු ඇත.
ඒ අනුව ප්‍රසංගය නැරඹීම සඳහා දොරටු පස්වරු 5.30ට විවෘත කෙරෙන අතර ප්‍රසංගය පස්වරු 6.30ට ආරම්භ වේ. එම සංගීත සන්ධ්‍යාව තුළ විනාඩි 15ක ‘RECHARGE’ විවේක කාලයක් ද ඇතුළත් වන අතර, ප්‍රසංගය මධ්‍යම රාත්‍රිය වන විට අවසන් වීමට නියමිතයි. විශේෂයෙන්ම මත්පැන් හා දුම්කොළ භාවිතයෙන් තොර පරිසරයක පැවැත්වෙන මෙම ප්‍රසංගය, වායුසමනය කළ සහ ආසන පහසුකම් සහිත ශ්රවණාගාරයකදී පැවැත්වේ. එමෙන්ම, ප්‍රේක්ෂකයන්ට ආහාර හා පාන වර්ග ශ්රවණාගාරයෙන් පිටත පිහිටි පරිශ්‍රයෙන් මිලදී ගැනීමට ද පහසුකම් සලසා ඇත.
මෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය Liberty Publishers විසින් දරන අතර, හිරු TV සහ හිරු FM මෙහි සුවිශේෂී විද්‍යුත් මාධ්‍ය සහකරුවන් ලෙස කටයුතු කරයි.
ප්‍රවේශ පත්‍ර MyTickets.lk හරහා ලබා ගත හැකි අතර මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා www.nytfly.com වෙත පිවිසෙන්න.


