ශ්‍රී ලාංකේය සාහිත්‍යය සහ සංස්කෘතික අනන්‍යතාව ලෝකයට ගෙන යමින් Ceylon Literary and Arts Festival හි සමාරම්භක London Edition 2026 නොවැම්බර් 4වන දින ඇරඹේ

s

Sri Lanka Tourism ඉදිරිපත් කිරීමක් ලෙස Ceylon Literary and Arts Festival සිය ජාත්‍යන්තර ප්‍රවේශය ලන්ඩන් නුවර දක්වා පුළුල් කරයි

ලන්ඩන්/කොළඹ, 2026 නොවැම්බර් 4: නිර්මාණශීලී කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ජාත්‍යන්තරය ඉදිරියේ ඔසවා තබමින්, මෙරට කලා හා සංස්කෘතික ක්ෂේත්‍රය උදෙසා ප්‍රබල වේදිකාවක් ගොඩනැංවූ Ceylon Literary and Arts Festival (CLAF) මේ වන විට සිය සිව්වන අදියර සඳහා සූදානම් වෙමින් සිටියි. සාහිත්‍යය, දෘශ්‍ය කලාව, සංගීතය සහ සිනමාව යන ප්‍රධාන කුළුණු සතර ඔස්සේ තරුණ පරපුරට අර්ථවත් අවස්ථා උදාකර දීමේ පැහැදිලි අරමුණින් ක්‍රියාත්මක වන මෙම උළෙල, ඉතා කෙටි කාලයක් තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇත.




මෙම නිර්මාණාත්මක ක්ෂේත්‍රයන් සඳහා තරුණ ප්‍රජාව සක්‍රීයව දායක කර ගැනීමට සමගාමීව, ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආකර්ෂණීය බලපෑම හෙවත් ‘Soft Power’ ශක්තිමත් කිරීම ද මෙම වේදිකාවේ ප්‍රමුඛතම මෙහෙවරකි.

ලොව ප්‍රමුඛතම සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනයක් වන World Travel Market (WTM) වෙත CLAF සිය සමාරම්භක London Edition රැගෙන යාමත් සමඟ, 2026 නොවැම්බර් 4වන බදාදා දින ශ්‍රී ලාංකේය කතාන්දර සහ ඒවා ලොවට කියන ලේඛකයන් ලන්ඩන් නුවරදී ප්‍රමුඛ අවධානයට ලක්වනු ඇත. Sri Lanka Tourism හි ඉදිරිපත් කිරීමක් ලෙස පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන මඟින් සාහිත්‍යය, නව අදහස් සහ විද්වත් සංවාද ඔස්සේ ශ්‍රී ලංකාව දැකගැනීමට සහ හඳුනාගැනීමට ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයට ආරාධනා කෙරේ.

Ceylon Literary and Arts Festival හි නිර්මාතෘ අජේ වීර් සිං මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය: “අපගේ වේදිකාව ශ්‍රී ලංකාවෙන් ඔබ්බට පුළුල් කිරීමේ ගමනේදී London Edition යනු ඉතා වැදගත් ගමනාන්තයක් වන අතර, එය ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආකර්ෂණ‍ය තවදුරටත් ශක්තිමත් කරයි. Sri Lanka Tourism සමඟ එක්ව මෙම උළෙල ලන්ඩන් නුවරට රැගෙන යාම, මෙරටට වඩාත් ගැළපෙන, සංස්කෘතික වටිනාකම් අගයන ගුණාත්මක සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රධාන උපායමාර්ගික ඉලක්කයක්. පුළුල් ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයක් වෙත සමීප වීම සඳහා කලාව සහ සංස්කෘතිය යනු ඉතා ප්‍රබල මාධ්‍යයක්.”

ජූඩි ඩෙන්ච් රංගනයෙන් දායක වූ සිනමා පටයට පාදක වූ Victoria & Abdul කෘතියේ කතුවරිය වන ශ්‍රබානි බාසු; Booker සම්මානය සඳහා නිර්දේශිත නවකතාකරු රොමේෂ් ගුණසේකර; BBC One සහ ITV නාලිකා සඳහා නිර්මාණය වූ ටෙලි වෘත්තාන්තයන්හි මුල් ප්‍රබන්ධ රචිකාවිය වන ලුඊස් ඩවුටි; හාස්‍යෝත්පාදක නවකතාකරු අශෝක් ෆෙරී; සහ Return to Sri Lanka කෘතියේ කතුවරයා මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වන රසීන් සාලි යන විද්වත්හු මෙහි කථිකයන් ලෙස එක්වෙති. ඔවුන්ගේ නිර්මාණ ඉතිහාසය, ප්‍රබන්ධ සාහිත්‍යය, උපහාසය සහ ආර්ථික විද්‍යාව යන පුළුල් පරාසයන් ඔස්සේ විහිදෙන අතර, ශ්‍රී ලාංකේය ලේඛකයන් වන රොමේෂ් ගුණසේකර, රසීන් සාලි සහ අශෝක් ෆෙරී විසින් මෙරට කතාන්දර ලන්ඩන් ප්‍රේක්ෂකාගාරය වෙත සමීප කරනු ඇත.

Ceylon Literary and Arts Festival හි සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂිකා ෆසීනා රජබ්ඩීන් මහත්මිය මෙසේ සිය අදහස් පළ කළාය: “ඕනෑම රටකට තම අනන්‍යතාව ලෝකයට හඳුන්වා දිය හැකි ප්‍රබලතම මාධ්‍යයක් වන්නේ සංස්කෘතියයි. ශ්‍රී ලාංකේය හඬ කේන්ද්‍ර කරගත් උළෙලක් වසර හතරක් පුරා ගොඩනැංවීමෙන් අනතුරුව, ලන්ඩන් නුවරින් ආරම්භ කරමින් එම හඬ ජාත්‍යන්තරය වෙත රැගෙන යාමට අපට අවශ්‍ය වුණා.”

අජේ වීර් සිං මහතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව, එදින පස්වරුවේ ප්‍රධාන සංවාද සැසි තුනක් පැවැත්වීමට නියමිතය. Sri Lanka through the Eyes of Others (විදෙස් ඇසින් දකින ශ්‍රී ලංකාව පිළිබඳ සංවාදය) සැසිය සඳහා රොමේෂ් ගුණසේකර සහ රසීන් සාලි එක්වන අතර එය මෙහෙයවනු ලබන්නේ අශෝක් ෆෙරී විසිනි. One Tear of Love සැසිය ලුඊස් ඩවුටි සහ අශෝක් ෆෙරීගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, Tales from the Empire (අධිරාජ්‍ය සමයේ වෘත්තාන්ත පිළිබඳ සංවාදය) සැසියේදී ශ්‍රබානි බාසු සහ අශෝක් ෆෙරී සංවාදයට එක්වනු ඇත.

මෙම London Edition මඟින් 2027 ජනවාරි 22 සිට 24 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත උළෙලේ සිව්වන අදියර ජාත්‍යන්තරයට හඳුන්වා දෙන අතර, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ප්‍රබල හේතුවක් ලෙස මෙරට සාහිත්‍යය සහ කලාව සලකා බලන ලෙස ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිකයන් දිරිමත් කරයි. තරුණ හා නැගී එන ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් කේන්ද්‍ර කරගනිමින්, සාහිත්‍යය, දෘශ්‍ය කලාව, සංගීතය සහ සිනමාව යන කුළුණු සතර ඔස්සේ දෙස් විදෙස් ලේඛකයන්, කලාකරුවන්, සංගීතඥයන් සහ සිනමාකරුවන් රැසක් මෙම උළෙලේදී එකම වේදිකාවකට එක්වනු ඇත. ඊට අදාළ සම්පූර්ණ වැඩසටහන් පෙළගැස්ම, පැවැත්වෙන ස්ථාන සහ ප්‍රවේශපත්‍ර පිළිබඳ තොරතුරු ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කෙරේ. මෙරට ප්‍රේක්ෂකයන් හට, 2027 ජනවාරි මාසයේ කොළඹදී දිගහැරෙන හරවත් සංවාද පෙළ පිළිබඳ පූර්ව අත්දැකීමක් London Edition හරහා හිමිවනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව