40 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී MAS ඇත්ලීට් ට්‍රේනින් ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

Capture

ශ්‍රී ලංකාවේ සෑම පාසල් දරුවෙකුටම  සහභාගී විය හැකි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරග පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අවසන් වුණා. එහිදී පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ටතම දක්ෂතා  වෙනුවෙන් පිරිනැමෙන ප්‍රධානතම සම්මාන 10 න් 6 ක්ම දිනාගැනීමට MAS ඇත්ලීට් ට්‍රේනින් ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වීම විශේෂයෙන් කැපී පෙනුණා. තරගාවලියේ දී පිරිනැමෙන මෙම සුවිශේෂ සම්මාන 10  වෙන්වූයේ  එක් එක් වයස් කාණ්ඩ යටතේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ සමස්ත තරගාවලියේ  දක්ෂතම ක්‍රීඩකයාට සහ  ක්‍රීඩිකාවට ලෙසයි.




දින 5ක්  පුරා දියගමදී පැවැත්වූ මෙම අවසන් මහා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 ක් පමණ සුදුසුකම් ලබාසිටි අතර වයස් කාණ්ඩ 4 ක්  යටතේ තරග ඉසව් 118 ක් පැවැත්වුණා. එසේම මෙවර මූලික වටයේ තරග සඳහා සහභාගී වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 35000 කට අධිකයි. වයස අවුරුදු 14 න් පහළ,16 න් පහළ 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වුණා. මෙවර තරගාවලියේදී තරගාවලි වාර්තා 23 ක් සහ නව ශ්‍රී ලංකා යොවුන් තරග වාර්තා 2 ක් බිහිවීම  විශේෂත්වයක්.

මෙවර  තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුයේ MAS ඇත්ලීට් ට්‍රේනින් ඇකඩමියේ කිසල් ඕෂධයි. මීටර්  110 කඩුලු මතින් දිවීම  ඉසව්ව නියෝජනය කළ  ඔහු එම ඉසව්ව නිමකළේ  තත්පර 14.06 ක දක්ෂතාවයක් දක්වමින්.

එසේම තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානයත් MAS ඇත්ලීට් ට්‍රේනින් ඇකඩමියට හිමිවුණා. එය දිනාගැනීමට සමත්වූයේ  කාන්තා තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ දිල්නි රාජපක්ෂ ක්‍රීඩිකාවයි. එහිදී ඇය දැක් වූ දක්ෂතාවය වූයේ මීටර් 12.73 ක්. මෙවර තරගාවලිය තුළ දිල්නි දැක් වූ මෙම දක්ෂතාවය  නව පාසල් තරග වාර්තාවක්  වීමද  විශේෂත්වයක්.

තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේත් MAS ඇත්ලීට් ට්‍රේනින් ඇකඩමියේ කවීෂ දිල්ශාන් කුලතුංග යි. ඔහු මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව නියෝජනය කළ අතර එම තරගය ජයගත්තේ තත්පර 14.02 ක දක්ෂතාවයක් ප්‍රදර්ශණය කරමින්. කවීෂ දිල්ශාන්ගේ මෙම සුවිශේෂ  දක්ෂතාවය නිසා  සමස්ත තරගාවලියේම දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමටත්  ඔහුට හැකිවීම කැපී පෙනුණ කරුණක්.

වයස අවුරුදු 20 න් පහළ බාලිකා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගනු ලැබුවේ මීටර් 200 ධාවන තරග ඉසව්ව  නියෝජනය කළ රිසන්සා හිරුපමා ක්‍රීඩිකාවයි. ඇය තත්පර 24.23 ක කාලයක් සටහන් කරමින්  තරගය ජයග්‍රහණය කළේ සමස්ත තරගාවලියේම දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්ද ඇගයීමට ලක්වෙමිනුයි.

ඒ අනුව තරගාවලියේ ප්‍රමුඛතම සම්මාන දෙක වන සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව යන සම්මාන දෙකම හිමිවුයේ MAS ඇත්ලීට් ට්‍රේනින් ඇකඩමියටයි.

ඉහළ විභවයක් සහිත ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් සිහිනය වෙත රැගෙන යාම අරමුණෙන් පිහිටුවා ඇති MAS ඇත්ලීට් ට්‍රේනින් ඇකඩමිය සෑම විටම  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීම සඳහා අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙමින් සිටිනවා. ඒ අතරට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නංවා ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර පුහුණු උපදේශන සහ ක්‍රම ශිල්ප හඳුන්වාදීමද ඇතුළත්. මෙම සංකල්පය යටතේ ජාත්‍යන්තර තලයේ හොඳම මලල ක්‍රීඩා පුහුණු උපදේශකයන් ගෙන්වා, ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන  පළමු නේවාසික පුහුණු සැසිය ද මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ජයග්‍රහණ උදෙසා අවශ්‍ය ජාත්‍යන්තර තලයේ පුහුණු සැසියක් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම වසර තුළ හිමිවනු ඇති.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව