සෙලින්කෝ ලයිෆ් අලෙවි වෘත්තිකයන්ට 2026 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක්

Capture

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි වෘත්තිකයන් හය දෙනෙකු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2026 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනා ගනිමින් සිය විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් ජාතික ඇගයීමට ලක්විය.

කාණ්ඩ තුනක් යටතේ මෙම සම්මාන දිනාගත් සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි කණ්ඩායමේ සම්මානලාභීන් සමාගමෙහි වෙන්නප්පුව, මිද්දෙණිය, මීගමුව සහ නුගේගොඩ ශාඛා නියෝජනය කරයි.




වෙන්නප්පුව ශාඛාවේ ලසිත ප්‍රනාන්දු මහතා ටෙරිටරි මැනේජර් අංශයෙන් රිදී සම්මානයක් දිනාගත් අතර මිද්දෙණිය ශාඛාවේ ජේ.ඒ. රත්නසිරි මහතා විකුණුම් විධායක අංශයෙන් රිදී සම්මානයක් ද එම කාණ්ඩය යටතේම මීගමුව ශාඛාවේ කේ.ඩී.එල්.එන්. ඉනෝකා මහත්මිය කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවාය.

ෆ්‍රන්ට්ලයිනර් කාණ්ඩය යටතේ මීගමුව ශාඛාවේ රශ්මි සුරවීර මහත්මිය ලෝකඩ සම්මානය දිනාගත් අතර නුගේගොඩ ශාඛාවේ කුමුදුනි රත්නායක මහත්මිය සහ කොළඹ විශේෂ අලෙවි ශාඛාවේ ෂර්මන් රුක්ෂාන් මහතා කුසලතා සම්මාන හිමිකර ගත්හ.

සෙලින්කෝ ලයිෆ් සමාගම 2011 වසරේ සිට SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලට සහභාගී වී ඇති අතර මෙම සම්මාන උළෙල මීට පෙර ජාතික විකුණුම් සම්මේලන (NASCO) සම්මාන උළෙල ලෙස හැඳින්විනි. එතැන් සිට වසර ගණනාවක් පුරා දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් සමාගමේ ශාඛාවල සේවකයන් විවිධ සම්මාන කාණ්ඩ යටතේ ඇගයීමට ලක්වී ඇත. සමාගම මෙම සම්මාන උළෙලේදී අඛණ්ඩව කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කිරීම එහි අලෙවි කාර්ය මණ්ඩලයේ දක්ෂතාව සහ හැකියාව මනාව පිළිබිඹු කරයි.

2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීම් හි මෙරට වටිනාම සන්නාම 100 අතර ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් විය. සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව