National Geographic Traveller සඟරාවෙහි ‘Indian Ocean Collection’ විශේෂාංගය තුළින් මොස්වෝල්ඩ් විලා පිළිබඳ සුවිශේෂී ඇගයීමක්

default

ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ පිහිටි, මෙම සුන්දර වෙරළාශ්‍රිත නවාතැන සංචාරකයන්ට උණුසුම් පිළිගැනීමක් සහ අමතක නොවන නවාතැන් අත්දැකීමක් එක්කරයි.

National Geographic Traveller (UK) සඟරාවේ 2026 අගෝස්තු කලාපයේ පළ වූ ‘Indian Ocean Collection’ විශේෂාංගය මඟින් මොස්වෝල්ඩ් විලා (Mosvold Villa) පිළිබඳ සුවිශේෂී ලිපියක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ අහංගම, කබලාන ප්‍රදේශයේ පිහිටි මොස්වෝල්ඩ් විලා (Mosvold Villa), වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වීමටත්, සුවපහසු සහ නිස්කලංක පරිසරයක විවේකී සුවයෙන් නිවාඩුවක් ගත කිරීමටත් කැමති සංචාරකයන් සඳහා කදිම නවාතැන්පොළක් ලෙස මෙම විශේෂාංගය තුළින් පෙන්වා දී තිබේ.




ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ පිහිටි ප්‍රදේශයක් වන අහංගම යනු, සර්ෆින් ක්‍රීඩකයන් සහ සංචාරකයන් අතර දිගු කලෙක සිට ඉතා ජනප්‍රියත්වයක් දිනාගත් සංචාරක ගමනාන්තයකි. කබලාන වෙරළ තීරයේ සුන්දර වැලි තලාවට යාබදව පිහිටි මොස්වෝල්ඩ් විලා හි පිහිටි සුඛෝපභෝගී කාමර 16 ම ඉන්දියන් සාගරයේ මනරම් දර්ශනය විඳගත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. එහි Founder’s Suite නමින් නම් කරන ලද සුවිශේෂී නවාතැනෙහි ප්‍රධාන පහසුකම් ඇතුළුව පෞද්ගලික පිහිනුම් තටාකයක් ද ඇතුළත් වේ.

වෙරළාශ්‍රිත ආහාර සංස්කෘතියේ රසවත් අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සලසන මොස්වෝල්ඩ් විලාහිදී, දිනපතා නැවුම් මුහුදු ආහාරවලින් සකස් කරන ලද ප්‍රණීත ආහාර වේලක රසය අත්විඳිය හැකිය. මෙම ප්‍රදේශයට ආවේණික වූ අද්විතීය රසයන්ගෙන් හා ඉහළ ප්‍රමිතියකින් යුක්තව පළපුරුදු සූපවේදීන් විසින් සියලු ආහාර පිළියෙල කරනු ලබයි.

මොස්වෝල්ඩ් විලා හි අරමුණ වන්නේ, ශ්‍රී ලාංකේය සංස්කෘතියට ප්‍රමුඛත්වය දෙමින්, සංචාරකයින්ගේ කායික හා මානසික සුවය මෙන්ම අධ්‍යාත්මික සුවපහසුව ද සලසන සුවිශේෂී අත්දැකීමක් පිරිනැමීමයි. එහි සේවාව තරු පන්තියේ හෝටලයකට හා සමාන වූ ඉහළ ප්‍රමිතියකින් යුක්ත වේ. සංචාරකයින්ට සිය නිවස හා සමාන ලෙන්ගතු බවක් සහ පෞද්ගලික අත්දැකීමක් මෙහිදී හිමි වනු ඇත. මෙම සුවිශේෂී අත්දැකීම සංචාරකයින් වෙත සමීප කරවීම සඳහා මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයේ සිට පිළිගැනීමේ නිලධාරීන්, උද්‍යාන නඩත්තු සේවකයන් සහ අනෙකුත් සේවක කණ්ඩායම් දක්වා සියලු දෙනාගේම කැපවීම සහ දායකත්වය අතිශය වැදගත් වේ.

මෙම විලා හෝටලයෙහි 43 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර, ඔවුන් මොස්වෝල්ඩ් සමූහයේ (Mosvold Group) 185 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ සාමාජිකයන් වේ. මොස්වෝල්ඩ් සමූහය සිය හෝටලය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ජනතාවට රැකියා අවස්ථා ලබාදීමට ප්‍රමුඛත්වය දීම තුළ අහංගම ප්‍රදේශයේ පමණක් නොව,ඒ අවට තවත් ප්‍රදේශ රැසක ජනතාවගේ රැකියා අවශ්‍යතා සපුරාලනු ඇත. මෙමගින් ප්‍රදේශවාසින්ට සිය නිවස ආසන්නයේම රැකියාවක නිරත වීමට අවස්ථාව උදා වේ. මොස්වෝල්ඩ් හෝටල් ජාලයට සුවිශේෂී අනන්‍යතාවක් එක් කරන සුහදශීලී හා ලෙන්ගතු ආගන්තුක සත්කාර අඛණ්ඩව පවත්වා ගෙන යාමට මෙම දේශීය කාර්ය මණ්ඩලය සුවිශේෂී දායකත්වයක් සපයයි.

දකුණු පළාතේ වෘත්තීය පුහුණු ආයතන සමඟ ඇති කරගෙන තිබෙන සහයෝගීතාවන් ඔස්සේ තරුණ තරුණියන්ට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට පිවිසීමට මොස්වෝල්ඩ් සමූහය අවස්ථාව සලසා දෙයි. එම පුහුණු වැඩසටහන් සාර්ථකව නිම කරන අයට ස්ථිර රැකියා අවස්ථා ද හිමි වේ. මෙම වැඩසටහන් සැලසුම් කර ඇත්තේ පන්ති කාමරයට සීමා වූ න්‍යායාත්මක දැනුමට පමණක් නොව, ක්ෂේත්‍රයේ සැබෑ අත්දැකීම් තුළින් ප්‍රායෝගික කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසමිනි. මොස්වෝල්ඩ් සමූහයේ ඉලක්කය වනුයේ මෙම සමූහයට එක්වන සෑම අයෙකුටම සිය වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාමටත්, දියුණු වීමටත් අවශ්‍ය අවස්ථා සහ සහාය ලබා දීමයි.

කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකුම මොස්වෝල්ඩ් සමූහය තුළ සාර්ථක සහ දිගුකාලීන වෘත්තීය ජීවිත ගොඩනඟාගෙන තිබේ. මෙහිදී ඇතැමුන්, මුළුතැන්ගෙයි සහ නඩත්තු අංශවල කනිෂ්ඨ තනතුරුවලින් සිය වෘත්තීය ගමන ආරම්භ කර, අද වන විට ජ්‍යෙෂ්ඨ තනතුරු දක්වා උසස් වීම් ලබා තිබේ. තවත් පිරිසක් සමූහයේ හෝටල් ජාලය පුරා විහිදෙන කළමනාකාරීත්ව තනතුරු දක්වා ඉදිරියට පැමිණ තිබේ.මොස්වෝල්ඩ් සමූහය තුළ සේවකයන්ට ඉදිරියට යාමට සහ සිය වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති අවස්ථා මින් මනාව පිළිබිඹු වේ. සමූහයේ බලාපොරොත්තුව වන්නේ සිය හෝටල් පරිශ්‍ර 04 පුරාම මෙවැනි වෘත්තීය දියුණුවක් සඳහා තවදුරටත් රැකියා අවස්ථා නිර්මාණය කිරීමයි.

මෙහිදී අදහස් දක්වමින් මොස්වෝල්ඩ් හෝටල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ නිලංක මාර්ටිනස් මහතා ප්‍රකාශ කර සිටියේ, මොස්වෝල්ඩ් හිදී, දක්ෂතා හඳුනා ගැනීමට සහ බලගැන්වීමට අප කැපවී සිටින බවයි. එමෙන්ම අපගේ සේවකයින් යනු අපගේ වටිනාම සම්පත බව සඳහන් කළ ඔහු පෙන්වා දුන්නේ ‘Significantly You’ යන අපගේ දැක්ම සැබෑවක් බවට පත්වන්නේ, සෑම ආගන්තුකයෙකුම සාදරයෙන් පිළිගෙන ඔවුන්ට සුවිශේෂී ආගන්තුක සත්කාරයක් පිරිනමන අපගේ කණ්ඩායම හරහා බවයි.

මොස්වෝල්ඩ් හෝටල් සමූහය 2012 වසරේ දී අහංගම ප්‍රදේශයෙන් සිය පළමු හෝටලය ආරම්භ කළ අතර, මේ වන විට හෝටල් පරිශ්‍ර 04ක් මෙහෙයවනු ලබයි. මොස්වෝල්ඩ් විලා හෝටලය අංක 38, වෙල්හෙන්ගොඩ, අහංගම යන ලිපිනයේ පිහිටා ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු mosvoldhotels.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව