ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන සියලු රථවාහන වෙනුවෙන් අනර්ඝතම තත්ත්වයේ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින්, ආරම්භ කළ Ideal First Choice සීඝ්‍ර ප්‍රගතියක් අත්පත් කර ගනිමින් දැන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නලින් වෙල්ගම මහතාගේ හා අයිඩියල් සමූහ ව්‍යාපාරයේ රථවාහන අංශයේ අධ්යක්ෂ චාමින්ද වනිගරත්න මහතාගේ සංකල්පයක් අනුව, Ideal First Choice නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලහිරු චාමර සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන Ideal First Choice සේවා ආයතන, මේ වන විටත් රට පුරා ප්‍රදේශ නවයක් ආවරණය කර තිබේ. නවතම ශාකා වන දඹුල්ල හා තිස්සමහාරාමයද ඇතුළුව මේ වන විට යක්කල, පුත්තලම, කැලණිය, යාපනය, අනුරාධපුර, කුරුණෑගල හා රත්නපුර ප්‍රදේශයන්හි Ideal First Choice සේවා ස්ථාන පවත්වා ගෙන යන අතර නුදුරේදීම ගාල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නවතම සේවා ස්ථානයක් ආරම්භ කිරීමටද නියමිතය. එමගින් සේවාලාභීන් හට ආසන්නතම Ideal First Choice සේවා ස්ථානයකින් සිය සේවාව ලබා ගැනීමේ හැකියාව සහතික කෙරේ. මේ සෑම සේවා ස්ථානයකින්ම එකම ආකාරයේ පරිපූර්ණ කාර්මික සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දීම Ideal First Choice හි අරමුණයි.
ඉකුත් වසරේ මුල්වරට, යක්කල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹුණු Ideal First Choice සේවා මධ්‍යස්ථානය රථ වාහනවල යාන්ත්‍රික අලුත් වැඩියාව, වාහන සර්විස් කිරීම, A/C හා ඉලෙක්ට්‍රිකල් අලුත්වැඩියාව, බඳ අලුත්වැඩියාව හා පින්තාරු කිරීම ආදිය සම්බන්ධයෙන් විශ්වාසවන්ත සේවාවක් ලබා දීමෙන්ම, සේවාලාභීන් අතර පිළිගැනීමට පාත්‍ර විණි. Ideal First Choice හි සුවිශේෂත්වය වනුයේ, යතුරු පැදියේ සිට විශාල ප්‍රමාණයේ ප්‍රයිමුවර් රථය දක්වා වූ සියලුම මාදිලියේ රථවාහන සඳහා සේවාව සැපයිය හැකි ලංකාවේ එකම ආයතනයද එය වීමයි.
මේ වන විට දීප ව්‍යාප්තව පැතිරෙන Ideal First Choice ඇතුළුව සමස්ත අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සුවිශේෂත්වය වන්නේ දේශීයව සහ විදේශීයව පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් මගින් එහි කටයුතු මෙහෙයවීමයි. ක්ෂේත්රයේ ඉතා පළපුරුදු මෙන්ම ඉහළම සුදුසුකම් සපුරා ලූ විධායක ශ්‍රේණියේ වෘත්තිකයින් පිරිසක් මගින් සමස්ත කාර්ය මණ්ඩලය මෙහෙයවනු ලැබෙයි. Ideal First Choice මෙහෙයුම් අධීක්ෂණය කරන එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලහිරු චාමර සිල්වා, බ්‍රිතාන්‍යයේ Institute of the Motor Industry (IMI) වෙතින් වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, ප්රමුඛ පෙළේ දේශීය හා විදේශීය වාහන ආයතනයන්හි කටයුතු කර පළපුරුද්ද සපුරා ගත් වෘත්තිකයෙකි. Toyota වාහන අලෙවියෙන් පසු සේවාවෙන් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ හෙතෙම, යුරෝපයේ ප්‍රකට ජනප්‍රිය වාහන සන්නාම සම්බන්ධයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Audi සමාගමේද, බ්‍රිතාන්‍යයේද, වසර ගණනක්ම කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවද, ඔහු Nissan, Suzuki, New Holland, Datsun, Renault, Yamaha 2-wheelers හා Yamaha යාත්‍රා ආදි ලෝ ප්‍රකට වාහන සම්බන්ධව අලෙවියෙන් පසු සේවා සහ තාක්ෂණික මෙහෙයුම්, ජෙනුයින් අමතර කොටස් අලෙවි කටයුතුවල නිරත ව තිබේ.
Ideal First Choice වෙත බඳවා ගන්නා පිරිස වෘත්තිකයින් ලෙස පුහුණු කිරීම පිණිස Training Academy පිහිටුවා තිබෙන අතර බඳවා ගන්නා පිරිසට Modern Technology, Hybrid Technology, EM Express Maintenance Training, Kaizen methology, Service management, Technical Diognostics, Supervisory Management, Body and Paint Training, Colour Mixing Trainig, Service Supervisor Training, Quality Control Process Training ආදී ක්ෂේත්රයන්ට අදාළව පුහුණුව ලබා දෙන්නේ එම ඇකඩමිය තුළය. පුහුණුව සඳහා වෘත්තීය මෙවලම් හා උපකරණ පමණක් යොදා ගන්නා අතර, සිය කාර්ය මණ්ඩලයේ දක්ෂතා දියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ඔවුන් පුහුණු කිරීමටද Ideal First Choice පියවර ගනිමින් තිබේ.
එමෙන්ම, සෑම Ideal First Choice සේවා ස්ථානයකම, රථ වාහන සම්බන්ධයෙන් සේවාව ලබා දීම සඳහා ලොව පිළිගත් නිෂ්පාදන සන්නාමයන් සහිත මෙවලම් භාවිත කිරිමෙන් සිය සේවාව ලබා ගන්නා වාහන සම්බන්ධයෙන් ඔවුන් දක්වන සැලකිලිමත්භාවය ප්‍රකට කෙරෙයි. උදාහරණයක් ලෙසින් එහි භාවිතයට ගැනෙන උපකරණ වන Body Aligners, Paint Booths, Diognostic Tools, Mig, Tig Welding, Headlight Focusing, Coolent Testers, Break Oil Testers, ආදී නවීන පන්නයේ මෙකී නොකී සියලු මෙවලම් BOSCH, AkzoNobel හා Wurth, Valvoline ආදී ලෝ ප්‍රකට නිර්දේශිත ඒවා පමණක්ම වෙයි. වාහන පින්තාරු කාර්යය සඳහා සුවිශේෂී ස්ථානයක් ලෙසින්, Paint mixing room ද Ideal First Choice සතුව පවතී. එහිදී Paint වල පැහැය හරියාකාරව නිරීක්ෂණය කිරීමට/ගැලපීමට Automatic Vision Technology භාවිත කෙරේ. ඕනෑම මාදිලියක වාහන සේවාවක් ලබා දීම පිණිස, Ideal First Choice මෝටර් රථ සඳහාම විශේෂ වූ ලොව පිළිගත් සන්නාම ගණනාවක් සමගින්ද අත්වැල් බැඳගෙන සිටියි. උදාහරණයක් වශයෙන් වාහන පින්තාරුව සඳහා වාහන පින්තාරු කලාවේ ඉහළ නමක් දරන Sikkens තීන්ත ආදී ඉහළම ප්‍රමිතිය ඇති අමුද්‍රව්‍ය පමණක් යොදා ගැනීමද, Ideal First Choice වාහන සේවාව සුවිශේෂී වීමට කාරණයක් වී තිබේ.
“දීප ව්‍යාප්තව පැතිරෙන අපගේ සේවාව ලබා ගැනීම සඳහා කුඩාම වාහනයේ සිට විශාලම, නවීන වාහනය දක්වා තත්ත්වයෙන් උසස් වාහන අප වෙත පැමිණෙන නිසාම, පාවිච්චි කරන අමුද්‍රව්‍ය පිළිබඳ අපි වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ නිසා වාහන සර්විස් කිරීම සඳහා ඉතාමත් යෝග්‍ය ජර්මන් නිෂ්පාදන පමණයි අපි භාවිත කරන්නෙ. ඒ වගේම සිදු කරන හැම සේවාවක් වෙනුවෙන්ම Ideal වගකීම් සහතිකයකුත් අපි ලබා දෙනවා” Ideal First Choice නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලහිරු චාමර සිල්වා සඳහන් කරයි.
Ideal First Choice සේවාව ලබා ගත් පාරිභෝගිකයන් හා දුරකතන මගින් සම්බන්ධතාව පවත්වා ගනිමින්, ඔවුන් සේවාව පිළිබඳ තෘප්තිමත්ද නැද්ද යන්න පිළිබඳව සොයා බැලෙන එහි පාරිභෝගික සේවාවද සුවිශේෂ වෙයි. එමගින් යම් හෙයකින් සේවාලාභියකුගේ පැමිණිල්ලක් ලදහොත්, ඒ පිළිබඳ ක්ෂණිකව මැදිහත්ව, ගැටලුවට පිළියම් යොදා එම සේවාලාභියා නැවතත් තෘප්තිමත් තත්ත්වයට පත් කර ලීම පිණිස සැදී පැහැදුණු කණ්ඩායමක්ද Ideal First Choice සතු වෙයි.
Ideal First Choice, වාහන සම්බන්ධ ලුබ්රිකන්ට් සේවාව ලබා දීම වෙනුවෙන් මේ වන විටත් නම් දරා සිටියි. ඒ, ලුබ්රිකන්ට් සම්බන්ධ සේවාව බොහෝ දුරට කඩිනම් සේවාවක් වන නිසාය. ලුබ්රිකන්ට් කිරීම සඳහා Ideal First Choice සේවා ස්ථානයකට ඇතුළු කෙරෙන වාහනයක් විනාඩි 90 ක් වැනි කාලයක් තුළ සේවාව නිම කර මුදා හැරීමට කටයුතු කිරීම එහි විශේෂත්වයයි. එමෙන්ම, Ideal First Choice සේවාව ලබා ගන්නා සේවාලාභීන් වෙනුවෙන් කිලෝ මීටර් පහක දුරක් ඇතුළත Drop and pick up සේවාවද ක්‍රියාත්මක වේ. එම සේවාව අනුව, කිසියම් පාරිභෝගිකයකුගේ වාහනයක් සේවා ස්ථානයට රැගෙන ඒමට මෙන්ම, අවශ්‍ය නම් එම සේවාලාභියා කිලෝමීටර් පහක් ඇතුළත පිහිටි ඔහුගේ කාර්යාලයට පවා ඇරලීමට තරම් එම සේවාව, විශිෂ්ට මට්ටමේ පවතී.
එමෙන්ම, රථවාහන අනතුරකදී Ideal First Choice සේවාව සිය සේවාලාභියා වෙනුවෙන් මහමග සහය සඳහා ඉදිරිපත් වෙන්නේ, අවුරුද්දේ පැය 24 පුරා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ආපදා සේවාව සමගිනි. එමගින් අනතුරට පත් වාහනය කිලෝ මීටර 50 ක දුරක් ඇතුළත පිහිටි සේවා ස්ථානයක් වෙත කිසිදු ගාස්තුවකින් තොරව, රැගෙනවිත් සේවාව ලබා දීමට කටයුතු කෙරේ.
“වාහන සේවාවක් සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන ඇස්තමේන්තුවට සේවාලාභියාගේ පූර්ණ එකඟතාව ලැබුණට පසුවයි අපි සේවාවක් ආරම්භ කරන්නෙ. ඒ වගේම, වාහනය සම්බන්ධයෙන් කුමන සේවාවක් ලබා ගත්තත් සම්පූර්ණ පරීක්ෂාවක් සිදු කර වාහනයේ තත්ත්ව පරීක්ෂා වාර්තාවක් ලබා දීමටත් අපි කටයුතු කරනවා ” Ideal First Choice නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලහිරු චාමර සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වන විට ලංකාව පුරාම විහිදී ඇති Ideal First Choice ශාකා මගින් ඕනෑම රථ වාහන පරික්ෂා කරවා ගැනීමට මෙන්ම, ඕනෑම මාදිලියක කාර්මික සේවාවක් ලබා ගැනීමටද සේවාලාභීන් හට හැකියාව පවතී. එමෙන්ම රක්ෂණ සමාගම් කිහිපයකම බලයලත් වැඩහල ලෙස Ideal First Choice ශාකා ජාලය ක්‍රියාත්මක වේ. ඊට අමතරව, Mahindra, Ssangyong, Chery, Apollo Tyres, බලයලත් නියෝජිත ලෙසින් අයිඩියල් සමූහ ව්‍යාපාරයද, Bosh genuine spare parts මෙන්ම, Sikkens paints හා Shwing Stetter India Pvt Ltd හි බලයලත් නියෝජිත ලෙසින් Ideal First Choice ද කටයුතු කරයි. එමෙන්ම අලෙවි කටයුතුවලින්ද, අමතර කොටස් අලෙවියෙන් හා පාරිභෝගිකයින් හට අලෙවියෙන් පසු සේවාව ලබා දෙමින්ද, SLM සමගින් විශිෂ්ට හවුල්කාරිත්වයක් පවත්වාගෙන යන Ideal First Choice, මේ වන විට SLM Self-Loading Mixer ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීමටද කටයුතු කර තිබේ. ඊට අමතරව, Schwing Stetter සියලුම නිෂ්පාදන සඳහා අලෙවියෙන් පසු සේවාව ලබා දෙන්නේද Ideal First Choice වෙතිනි.
සිය සේවාලාභීන්ගේ වාහන සේවා අත්දැකීම තෘප්තිමත් කරලීම වෙනුවෙන් නිරතුරුව සුසැදි සිටින අයිඩියල් ෆස්ට් චොයිස්, කලින් කලට ඔවුන් වෙත ආකර්ෂණීය දීමනාද පිරි නමයි. Ideal First Choice ෆේස්බුක් පිටුවට සම්බන්ධ වීමෙන් හෝ www.idealfirstchoise.lk වෙබ් අඩවියට පිවිසීමෙන් Ideal First Choice සේවාලාභීන්ට වරින් වර පිරිනමන එම දීමනා පිළිබඳව දැනුවත් වීමෙන් උපරිම වාසි අත් විඳීමට හැකියාව පවතී.