Arpico Mattress Achievers Night 2026 හිදී විශිෂ්ටයන් රැසකට සම්මාන හා ඇගයුම් සමඟ විදේශ සංචාර හිමි වේ

Arpico Achievers Night 2026 - Image Three

Arpico Mattress විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික Arpico Mattress Achievers Night 2026 සම්මාන උළෙල පසුගියදා කොළඹ ITC Ratnadipa හෝටලයේදී පැවැත්විණි. Arpico Mattress සන්නාමයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන් අලෙවි නියෝජිතයන්, බෙදාහරින්නන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය.

Richard Pieris සමූහයේ Foam Sector අංශයේ ප්‍රධානතම වාර්ෂික උත්සවයක් වන Achievers Night සම්මාන උළෙල, සමාගමේ අලෙවි නියෝජිත ජාලයේ සාර්ථකත්වය සහ කැපවීම ඇගයෙන ප්‍රමුඛතම වේදිකාවයි. එහිදී මෙවරත් Platinum, Gold, Silver සහ Bronze යන සම්මාන කාණ්ඩ යටතේ විශිෂ්ටයන් රැසක් ඇගයීමට ලක් වූ අතර, ඔවුන්ට විදෙස් සංචාරද පිරිනමන ලදී.




Platinum කාණ්ඩයේ ජයග්‍රාහකයන්ට ස්විට්සර්ලන්තය සහ ඉතාලිය වෙත මෙන්ම නෙදර්ලන්තය, බෙල්ජියම සහ ප්‍රංශය වෙත සංචාර හිමි විය. Gold සම්මානලාභීන්ට අසර්බයිජානය සහ තුර්කිය වෙත සංචාර පිරිනැමුණු අතර, Silver කාණ්ඩයේ ජයග්‍රාහකයන්ට ඩුබායි, අබුඩාබි සහ බාලි දූපත් වෙත සංචාර හිමි විය. Bronze කාණ්ඩයේ ජයග්‍රාහකයන්ට මැලේසියාව මෙන්ම තායිලන්තයේ බැංකොක් සහ පතායා වෙත සංචාර පිරිනමන ලදි.

සමාගමේ ප්‍රධාන අංශවල සේවය කරන නිලධාරීන්ගේ දායකත්වයද එදින ඇගයීමට ලක් වූ අතර, Production, Modern Trade සහ Sales & Distribution යන කාණ්ඩ යටතේ ඔවුන්ට මුදල් ත්‍යාග සහ සංචාර පිරිනමන ලදි.

ප්‍රධාන දේශනය පැවැත්වූ Richard Pieris & Company PLC හි අධ්‍යක්ෂ ශිරෝන් ගුණරත්න මහතා, සමාගමේ තිරසාර වර්ධනය වෙනුවෙන් සාමූහිකව කැපවීමේ වැදගත්කම අවධාරණය කළේය. ඔහුගේ අදහස් දැක්වීම, Arpico Mattress හි සාර්ථකත්වයට දායක වන පුද්ගලයන්ගේ ජයග්‍රහණ ඇගයීම සඳහා මනා ආරම්භයක් විය.

ඉන් අනතුරුව Richard Pieris & Company PLC හි Foam Sector හි කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා එම අංශයේ කාර්යසාධනය පිළිබඳ අදහස් දැක්වීය. වෙනස් වෙමින් පවතින වෙළෙඳපොළක් තුළ උදා වන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගැනීම සහ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් බෙදාහැරීම් ජාලයක වැදගත්කම ඔහු එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම Richard Pieris & Company PLC හි සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගෙන් ලැබෙන සහයෝගය සහ දූරදර්ශී නායකත්වයද කෘතවේදීව සිහිපත් කළ ලලිත් විජේසිංහ මහතා, සභාපතිතුමන්ගේ මඟපෙන්වීම සමාගමේ වර්ධනයට සහ අනාගත ගමන්මඟට සුවිශාල ශක්තියක් බවද පැවසීය.

වාර්ෂිකව පැවැත්වෙන Achievers Night සම්මාන උළෙල වැනි වැඩසටහන් ඔස්සේ සිය අලෙවි නියෝජිතයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඉටු කරන කාර්යභාරය අගයන අතරම, ඔවුන් සමඟ පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සමාගමේ අරමුණ වී තිබේ. මෙය දක්ෂතා අගය කරන අතරම දක්ෂයන් තවදුරටත් දිරිගැන්වීම සඳහා සමාගමට ලැබෙන අනගි අවස්ථාවකි.

Arpico Mattress සන්නාමය හිමි Arpitech (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තය තුළ දීර්ඝ ඉතිහාසයක් හිමි සමාගමක් වන අතර, එය පොලියුරිතේන් ෆෝම් සහ ස්ප්‍රිං මෙට්ට, Sheets, කුෂන් සහ Siliconized Fiber කොට්ට ආදිය නිෂ්පාදනය කරයි. ISO 9001:2015 ප්‍රමිතිය හිමි Arpitech (පුද්.) සමාගම, සිය Arpifoam නිෂ්පාදන සඳහා SLS ප්‍රමිති නිර්ණායක අනුගමනය කරයි.

Arpitech (පුද්.) සමාගම යනු දශක නවයකට වැඩි ඉතිහාසයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන Richard Pieris & Company PLC සමූහයට අනුබද්ධ සමාගමකි. 28,000 කට අධික පිරිසක් සේවය කරන එම සමූහය පාරිභෝගික වෙළඳාම්, වැවිලි කටයුතු, රබර්, ගෘහ භාණ්ඩ, ටයර්, ප්ලාස්ටික්, රක්ෂණ සේවා, කොටස් තැරැව්කරණය, මූල්‍ය සේවා සහ Logistics ඇතුළු ක්ෂේත්‍ර රැසක ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යයි. රැකියා උත්පාදනය, දේශීය නිෂ්පාදන කටයුතු, සැපයුම් සහ විවිධ කර්මාන්තවල ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඔස්සේ එම සමූහය ශ්‍රී ලංකාවේ ආර්ථිකය උදෙසා කැපීපෙනෙන දායකත්වය ලබාදෙමින් සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව