
Sunshine Medical Devices වෛද්ය සිසුන් වෙනුවෙන් ශ්රී ලංකාවේ සංවිධානය කෙරෙන ප්රථම ජාතික ශල්ය වෛද්ය මැහුම් තරගාවලියට සහාය දැක්වීම සඳහා Sri Lanka Association of Plastic, Reconstructive and Aesthetic Surgeons (SLAPRAS) සංගමය සමඟ අත්වැල් බැඳ ගත්තේය. අධ්යාපනය, විශිෂ්ට ශල්ය වෛද්ය සේවා සහ ආයතනික ක්ෂේත්රයේ සහයෝගීතාවය තුළින් මෙරට අනාගත සුව සේවා වෘත්තිකයින් සවිබල ගැන්වීමට එම සමාගම සතු කැපවීම මෙමඟින් මැනවින් පිළිඹිබු වේ.
දීප ව්යාප්ත වෛද්ය පීඨ 11ක් නියෝජනය කරමින් සිව්වන වසරේ වෛද්ය සිසුන් මෙම ‘’Master of Precision Suturing Championship’’ තරගාවලිය සඳහා එක් විය. වෛද්ය පුහුණුවේ මුල් අවධියේදීම සිසුන්ගේ ප්රායෝගික ශල්ය වෛද්ය කුසලතා වර්ධනය කිරීමට මෙන්ම, ඔවුන් අතර සිටින දක්ෂයින් හඳුනා ගැනීමට ද ජාතික මට්ටමේ වේදිකාවක් මෙමඟින් නිර්මාණය කෙරිණි.
Sunshine Healthcare Lanka හි විධායක අධ්යක්ෂ මෙන්ම Sunshine Medical Devices සහ Lina Manufacturing හි ප්රධාන විධායක නිලධාරී ආචාර්ය ටී සයන්ධන් මහතා සඳහන් කළේ, මෙම හවුල්කාරිත්වය මගින් නව තාක්ෂණය මෙන්ම ජනතාව වෙනුවෙන් දිගුකාලීනව ආයෝජනය කරමින් ශ්රී ලංකාවේ සුව සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ Sunshine Healthcare හි පුළුල් දැක්ම මැනවින් පෙන්නුම් කරන බවයි.
“සුව සේවා ක්ෂේත්රයේ වෙනසක් ඇති කළ හැක්කේ නවෝත්පාදනයන්ගෙන් පමණක් නොව එම සේවාවන් ලබා දෙන වෘත්තිකයින්ගේ දක්ෂතාවය මතයි. SLAPRAS සමඟ එක්ව සිදු කළ මෙම සුවිශේෂී වැඩපිළිවෙළ හරහා අනාගත ශල්ය වෛද්යවරුන් වෙනුවෙන් අපට ආයෝජනය කිරීමට හැකියි. එමෙන්ම ක්ෂේත්රයේ ප්රවීණයින්ගෙන් ඉගෙන ගැනීමටත්, තමන්ගේ ප්රායෝගික කුසලතා වර්ධනය කර ගැනීමටත් සහ ඉහළම ශල්ය වෛද්ය ප්රමිතීන් කරා ළඟාවීමටත් මෙයින් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. හෙට දවසේ රෝගීන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා වත්මන් තරුණ වෛද්ය සිසුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම අත්යවශ්යයි.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
තරගාවලියක් මෙන්ම අධ්යාපනික වැඩසටහනක් ලෙස ද නිර්මාණය කර ඇති මෙමඟින්, මෙරට ප්රමුඛ පෙළේ ප්ලාස්ටික් සැත්කම් සහ ප්රතිනිර්මාණය පිළිබඳ ශල්ය වෛද්යවරුන් යටතේ වෘත්තීයමය උපදෙස් ලැබීමට සහභාගී වූවන්ට අවස්ථාව උදාවිය. එමෙන්ම නවීන ශල්ය වෛද්ය ක්ෂේත්රය තුළ අපේක්ෂා කරන උසස් ප්රමිතීන්, විනය සහ නිවැරදි බව පිළිබඳව ප්රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ද ඔවුන්ට හැකි විය. තවද මෙහිදී තරගකරුවන් පටක හැසිරවීම, වෛද්ය උපකරණ පාලනය, නිවැරදි බව, වෛද්ය සැත්කම් සඳහා භාවිත කරනු ලබන ගැට ගැසීම්, ස්ථාවරභාවය සහ සමස්ත තාක්ෂණික කුසලතාවයන් ආදී ශල්ය වෛද්ය මැහුම්වලට අදාල ප්රධාන කරුණු කිහිපයක් පදනම් කරගනිමින් ඇගයීමට ලක් කෙරුණි.
මේ පිළිබඳව අදහස් දක්වමින්, ප්ලාස්ටික් සැත්කම් සහ ප්රතිනිර්මාණය පිළිබඳව විශේෂඥ ශල්ය වෛද්ය සහ SLAPRAS සභාපති යසස් අබේවික්රම මහතා පැවසුවේ “මෙම වැඩසටහන හුදෙක් තාක්ෂණික කුසලතාවයන් හඳුනා ගැනීමට පමණක් සීමා වන්නේ නෑ. ශල්ය වෛද්ය විද්යාවේ විශිෂ්ටත්වය තීරණය කරන සියුම් නිර්මාණශීලීත්වය, විනය සහ වෘත්තීය ප්රමිතීන් සිසුන් තුළ වර්ධනය කිරීමත් මෙයින් අපේක්ෂා කරනවා. වෛද්ය සිසුන්ගේ මුල් අවධියේදීම විධිමත් කුසලතා සංවර්ධනයට සහ විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ඔවුන්ව යොමු කිරීම හරහා, සුව සේවා ක්ෂේත්රයේ දිනෙන් දින වෙනස් වන අවශ්යතාවලට සාර්ථකව මුහුණ දිය හැකි අනාගත ශල්ය වෛද්ය පරපුරක් බිහිකිරීම අපගේ අරමුණයි.’’ යනුවෙනි.
ප්ලාස්ටික් සැත්කම් සහ ප්රතිනිර්මාණය පිළිබඳව විශේෂඥ ශල්ය වෛද්ය ගයාන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්රියාවට නැංවුණි. මෙහි මූලික අරමුණ වූයේ ප්රායෝගික කුසලතා සංවර්ධනය, උපදේශකත්වය සහ කුසලතා පදනම් කරගත් ඉගෙනුමතුළින්, වෛද්ය පීඨ සිසුන්ගේ ශාස්ත්රීය අධ්යාපනය තවදුරටත් ඉහළ නංවන විධිමත් ජාතික මට්ටමේ වේදිකාවක් නිර්මාණය කිරීමයි.
මෙම තරගාවලිය ජාතික වැඩසටහනක් ලෙස වාර්ෂිකව පැවැත්වීමට SLAPRAS බලාපොරොත්තු වේ. එමඟින් විධිමත් ශල්ය වෛද්ය කුසලතා පුහුණුව, විශේෂඥ උපදේශනය සහ ප්රායෝගික ඇගයීම්වලින් ප්රතිලාභ ලැබීමට වෛද්ය සිසුන්ට ඇති අවස්ථා තවදුරටත් පුළුල් වේ.
වෛද්ය නවෝත්පාදනයන් මෙන්ම අනාගත වෛද්ය නායකයින් බිහිකිරීම වෙනුවෙන් ආයෝජනය කරමින්, ශ්රී ලංකාවේ සුව සේවා ක්ෂේත්රයේ දියුණුව උදෙසා Sunshine Medical Devices සතු අඛණ්ඩ කැපවීම මෙම සහයෝගීතාවයෙන් නැවතත් අවධාරණ කරයි.


