
ශ්රී ලංකාවේ ආහාරපාන ක්ෂේත්රයේ අතිශය ජනප්රිය සන්නාමයක් වන Street Burger 2026 ඔක්තෝබර් මාසයේදී සිය 10 වන සංවත්සරය සැමරීය. Marine Drive හි කුඩා ‘Food Truck’ එකකින් ආරම්භ වූ Street Burger අද වන විට විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබේ. ශ්රී ලාංකික ව්යවසායකත්වයේ සහ අධිෂ්ඨානයේ පිළිබිඹුවක් වන Street Burger, බර්ගර් කලාවට ශ්රී ලාංකික මුහුණුවරක් එක් කරමින් දශකයක් පුරා පාරිභෝගික හදවත් දිනාගැනීමට සමත් විය.
කොළඹ නගරයේ Casual-dining ක්ෂේත්රය ප්රධාන වශයෙන් ජාත්යන්තර Fast Food සන්නාමවල ආධිපත්යයට යටත්ව තිබූ යුගයක, 2016 වසරේදී Street Burger ආරම්භ කෙරිණි. නැවුම් අමුද්රව්ය, උසස් තත්ත්වය සහ දේශීය වෙළෙඳපොළේ රුචිකත්වයට ගැළපෙන රසයන් ඔස්සේ සුවිශේෂී බර්ගර් අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබා දීම එහි ප්රධානතම අරමුණ විය.
Street Burger සහ එහි නවතම සන්නාමය වන Adikted හි සම-නිර්මාතෘවරුන් වන්නේ තරීක් ෂිබ්ලි සහ මසූන් සමූන් යන ව්යවසායකයන් දෙපළයි. විදේශ රටවල ආහාරපාන කර්මාන්තය තුළ ලැබූ අත්දැකීම් ඔස්සේ ඔවුහු ශ්රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පැවති අවස්ථා නිවැරදිව හඳුනාගැනීමට සමත් වූහ. ඒ අනුව, තම වෘත්තීය දැනුම හා පළපුරුද්ද සමඟ ආහාර පිළිබඳ උනන්දුව සහ ව්යවසායකත්වයේ මහිමය එක්තැන් කරමින් ඔවුහු Street Burger ආරම්භ කළහ.
සාම්ප්රදායික අවන්හලක් වෙනුවට ආහාර අලෙවි කරන රථයකින් සිය ව්යාපාරය ඇරඹීමට ඔවුන්ට අවශ්ය විය. එමඟින් පාරිභෝගිකයන් සමඟ සෘජුව සම්බන්ධ වීමටත්, තම ව්යාපාරික සංකල්පය ප්රායෝගිකව අත්හදා බැලීමටත් ඔවුන්ට අවස්ථාව ලැබිණි. එය ව්යාපාරයේ ඉදිරි ගමන්මඟ තීරණය කළ වැදගත් පියවරක් බවට පත් විය. Street Burger පිළිබඳ ආරංචිය පැතිර යත්ම, පාරිභෝගිකයෝ වැඩි වැඩියෙන් ඒ පිළිබඳව උනන්දු වන්නට පටන් ගත්හ. වේගයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුමට සරිලන පරිදි ව්යාපාරය පුළුල් කළ යුතු බව නිර්මාතෘවරුන්ට වැඩි කල් නොගොස් පැහැදිලි විය.

ව්යාපාරය මෙලෙස ක්රමයෙන් වර්ධනය වෙද්දී, සිම්රාන් සෆරුල්ලා සහ ෂසාඩ් ෆවුස් ද Street Burger සමඟ එක් වූහ. ඔවුන්ගේ අත්දැකීම් සහ නව ආකල්පද සමඟින් සමාගම එහි වර්ධනයේ නව අදියරක් වෙත පිවිසිණි. අද වන විට Street Burger ස්වාධීන අවන්හල් 8 ක් දක්වා ව්යාප්ත වී ඇති අතර, ඊට අනුබද්ධ තවත් ආහාර සන්නාමයක් වන Adikted ද හඳුන්වා දී තිබේ. කෙසේ නමුත් ව්යාපාරය කෙතරම් පුළුල් වී තිබුණද, එහි අනන්යතාව තවමත් එහි ආරම්භක සංකල්ප හා පදනම සමඟ තදින් බැඳී පවතී. නැවුම් දේශීය නිෂ්පාදන, උසස් තත්ත්වයේ අමුද්රව්ය, නොවෙනස් ගුණාත්මකභාවය සහ බර්ගර් සංකල්පයට සුවිශේෂී ශ්රී ලාංකික අර්ථකථනයක් එක්කිරීම යන ලක්ෂණ තවමත් Street Burger හි අනිවාර්ය අංග වේ.
මේ සම්බන්ධයෙන් Street Burger හි සම-නිර්මාතෘවරුන් වන තරීක් ෂිබ්ලි සහ මසූන් සමූන් මෙසේ අදහස් දැක්වූහ:
“Street Burger ඇරඹුණේ උසස් තත්ත්වයේ Casual-dining අත්දැකීමක් සොයන පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාරපාන පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින්. සුළුවෙන් ඇරඹුණු ඒ ගමන අද විශාල දුරක් පැමිණ තිබෙනවා. Street Burger සමඟ සම්බන්ධ වූ අවන්හල් සහ පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනා මේ සාර්ථකත්වයට දායක වුණා. පසුගිය දශකය පුරා අප කෙරෙහි විශ්වාසය තැබූ, අපට සහාය වූ සහ අප සමඟ එක් වී ඉදිරියට ගිය සියලුම දෙනාට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට අප මෙය අවස්ථාවක් කරගන්නවා.”
Street Burger හි ගමන්මඟ ශ්රී ලාංකික ව්යවසායකත්වය, ආත්ම විශ්වාසය, නොපසුබට උත්සාහය සහ කැපවීම පිළිබිඹු කරන වටිනා ආදර්ශයකි. ආරම්භයේ සිට මේ දක්වා කෙතරම් දේවල් වෙනස් වී තිබුණද, Street Burger හි සාර්ථකත්වයට පදනම් වූ හොඳ ආහාරපාන සඳහා ඇති ඇල්ම, කරන දෙය නිවැරදිව කිරීමේ උනන්දුව සහ සැබෑ ශ්රී ලාංකිකත්වය ඔස්සේ වෙනසක් කළ හැකිය යන විශ්වාසය අදටත් නොවෙනස්ව පවතී.


