
Allianz Insurance Lanka Limited විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ විධිමත් ගමනාගමන පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ප්‍රජා සත්කාරක වැඩසටහනක් වන Allianz Protect අඛණ්ඩව පස්වන වරටත් ක්‍රියාත්මක කෙරේ.
සැප්තැම්බර් 14 වැනිදා සිට 16 වැනිදා දක්වා තෙදිනක් පුරා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, කුඩා වියේ සිටම දරුවන් අතර ආරක්ෂිතව මාර්ග භාවිතය සහ ගමනාගමනය හා සම්බන්ධ විධිමත් පුරුදු පිළිබඳ අවබෝධයක් ඇතිකරලීම කෙරෙහි අවධානය යොමු කරයි. මාර්ග ආරක්ෂාව ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛතාවක් වන පසුබිමක, දරුවන් සහ තරුණ ප්‍රජාව අතර මාර්ග භාවිත කිරීමේදී ආරක්ෂාව සහ වගකීමකින් යුතු හැසිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන මෙවැනි පුරෝගාමී කාර්යයන් සඳහා allianz Lanka සමාගම නිරන්තරව සහය ලබා දෙයි.
2026 වැඩසටහනේ එක් අංගයක් ලෙස, Allianz Protect වැඩසටහන යටතේ දිවයිනේ නගර 30ක් ආවරණය කරමින් දරුවන් සඳහා ආරක්ෂිත හිස්වැසුම් 1,500ක් බෙදාදීමට Allianz Lanka කටයුතු කරයි. ඒ අනුව, Allianz Protect වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා බෙදාදී ඇති සමස්ත ආරක්ෂිත හිස්වැසුම් සංඛ්‍යාව 6,800 දක්වා ඉහළ යයි. ශ්‍රී ලංකාවේ මාර්ග භාවිත කරන දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ වඩාත් ආරක්ෂිත ප්‍රජාවක් ගොඩනැංවීමට සමාගම දක්වන දිගුකාලීන කැපවීම මෙම සන්ධිස්ථානය තුළින් පිළිබිඹු වේ.
මෙම වැඩසටහන අඛණ්ඩව පුළුල් කිරීම තුළින් අනතුරු වැළැක්වීම, ආරක්ෂාව සහ ප්‍රජා සුබසාධනය වෙනුවෙන් Allianz Lanka දක්වන දිගුකාලීන කැපවීම තවදුරටත් තහවුරු කරයි. එමඟින් රක්ෂණ විසඳුම් සැපයීමට පමණක් සීමා නොවී, තම සේවාලාභීන් සහ ප්‍රජාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබාදීම සඳහා සමාගම ඉටු කරන පුළුල් කාර්යභාරය ද අවධාරණය කෙරේ.
මෙවරත් ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, එමඟින් දිවයින පුරා පාසල් දරුවන් සහ ප්‍රජාවන් සමඟ වඩාත් ක්‍රමවත් ලෙස සම්බන්ධ වෙමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමට අවස්ථාව සැලසේ. එමෙන්ම මෙම වැඩසටහනට ශක්තියක් වෙමින්, HH Co ආයතනය ද මෙවර වැඩසටහන සඳහා ආරක්ෂිත හිස්වැසුම් ලබාදෙමින් දායකත්වය ලබා දී ඇත.
Allianz Insurance Lanka Ltd යනු ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත්, රක්ෂණ සහ වත්කම් කළමනාකරණය සිය ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර කරගත් ගෝලීය මූල්‍ය සේවා සපයන්නෙකු වන Allianz SE හි පූර්ණ අනුබද්ධිත සමාගමකි. Interbrand හි Best Global Brands ශ්‍රේණිගත කිරීම අනුව Allianz SE අඛණ්ඩව හත්වන වරටත් ලොව අංක එකේ රක්ෂණ සන්නාමය ලෙස පිළිගැනීමට ලක්ව තිබේ.


