Huawei හි E-band Microwave RTN 3800 තාක්ෂණික පද්ධතිය 2026 iF Design සහ Red Dot Design සම්මානයන්ගෙන් පිදුම් ලබයි

Image 01- Huawei's E-band microwave RTN 3800 wins 2026 iF Design Award and Red Dot Design Award

Huawei හි E-band Microwave RTN 3800 තාක්ෂණික පද්ධතිය 2026 iF Design සහ Red Dot Design සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. E-band Microwave RTN 3800 පද්ධතියෙහි ඇති සැලසුම හා විශිෂ්ට ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීමට ඊට හැකි විය. මෙහිදී විශේෂයේ විනිශ්චය මණ්ඩලයේ අවධානය යොමු වූයේ සන්නිවේදන කුළුණුවල පහසුවෙන් සවි කිරීමේ හැකියාව, 12.5 Gbps ක ඉහළ දත්ත සම්ප්‍රේෂණ ධාරිතාව සහ 5G ව්‍යාප්තිය මෙන්ම ජාලයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන ඉහළ විශ්වසනීයත්වය යන කරුණු කෙරෙහිය.

ගෝලීය මයික්‍රොවේව් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම නිෂ්පාදන සැලසුම්කරණය සහ තාක්ෂණික නවෝත්පාදනයන් වෙනුවෙන් Huawei හි පුරෝගාමීත්වය මෙම සම්මානයන් තුලින් නැවත නැවතත් තහවුරු වේ.




රේඩියෝ සංඛ්‍යාත සහ බේස්බෑන්ඩ් මොඩියුලයන් එකට එක් කර නිෂ්පාදනය කර ඇති RTN 3800 යනු  එළිමහන් සන්නිවේදන කුලුණු මත සවිකරනු ලබන E-band outdoor microwave පද්ධතියක් ලෙස පෙන්වා දිය හැකිය. ලොව පුරා සිටින විදුලි සංදේශ සේවා සපයන්නන් විසින් මෙය බහුලව භාවිත කරනු ලබන අතර එය වඩාත් ජනප්‍රියවීමට ප්‍රධානතම හේතු ලෙස,

  • ඉහළ දත්ත ධාරිතාව – උපරිම 12 Gbps ක දත්ත ධාරිතාවක් සපයන මෙය වෙළෙඳපොලේ ඇති ඒ හා සමාන නිෂ්පාදනයන්හි පවතින සාමාන්‍ය 10 Gbps ධාරිතාවට වඩා කැපී පෙනෙන ඉහළ යාමකි. Bit 1ක දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා වැය වන පිරිවැය 25%කින් අඩුකර දීමට මෙම පද්ධතිය සමත් වේ.
  • ඉහළ විශ්වසනීයත්වය – මෙම නිෂ්පාදනයේ සංඥා සම්ප්‍රේෂණ බලය අනුවර්තී transmit power, adaptive modulation සහ adaptive channel bandwidth යන සියලුම තාක්ෂණික අංගයන් පෙර E-band මාදිලිවලට වඩා සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කර ඇත. එමඟින් පාරිසරික බාධා හමුවේ වුවද කිසිදු බිඳවැටීමකින් තොරව ඉතාමත් විශිෂ්ට සහ ස්ථාවර ජාල සන්නිවේදනයක් පවත්වාගෙන යාමට හැකියාව ඇත.

මෙම සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව අදහස් දැක්වූ Huawei Microwave නිෂ්පාදන සභාපති Jason Wang මහතා සඳහන් කර සිටියේ “iF Design සහ Red Dot Design සම්මානයන් අපගේ RTN 3800 සතු විශිෂ්ට hardware design හැකියාව වෙනුවෙන් ලද ඉහළම ඇගයීමක් ලෙස සඳහන් කළ හැකියි. මේ සමඟ මනා ක්‍රියාකාරීත්වයකින් යුත්, සරල මෙන්ම ආකර්ෂණීය නිමාවක් සහිත නිෂ්පාදන ලෝකය වෙත ගෙන ඒමට අපගේ තාක්ෂණික හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව