වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අඛණ්ඩව 10 වැනි වරටත් ලේ දන් දීමේ වැඩසටහන සාර්ථකව පවත්වයි

B (LBN)

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි Rotary Colombo East සමඟ එක් වී සංවිධානය කළ වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන අඛණ්ඩව 10 වැනි වරටත් සාර්ථකව පැවැත්විණි. ප්‍රජා සුබසාධනය සහ ජීවිත සුරැකීමේ මානුෂීය මෙහෙවර වෙනුවෙන් සමාගම දිගු කාලීනව දක්වන කැපවීම මෙම වැඩසටහන තුළින් තව දුරටත් තහවුරු විය. අගෝස්තු 16 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 06, ගාලු පාර, අංක 541 දරන ස්ථානයේ පැවැති මෙම ලේ දන් දීමේ වැඩසටහන සඳහා රුධිර පරිත්‍යාගශීලීන්, ස්වේච්ඡා සේවකයන්, වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ. ‘Let’s Donate Blood – #BeAHero’ තේමාව යටතේ සංවිධානය කළ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ස්වේච්ඡාවෙන් ලේ දන් දීමේ වැදගත්කම පිළිබඳ මහජන අවධානය වැඩි කිරීම සහ ජීවිත බේරා ගැනීමේ උතුම් මෙහෙවරට වැඩි පිරිසක් දායක කර ගැනීමයි. 2026 වසරේ පැවැති මෙම වැඩසටහන නිත්‍යකල්‍යාණි ජුවලරි ආයතනයට සුවිශේෂ අවස්ථාවක් විය. තමන් සේවය සපයන ප්‍රජාවට යහපත් බලපෑමක් ඇති කිරීම සහ සමාජ වගකීම සිය ආයතනික වටිනාකම්වල අත්‍යවශ්‍ය අංගයක් ලෙස පවත්වා ගෙන යාම සඳහා වන කැපවීම මෙම වැඩසටහන මඟින් පිළිබිඹු වන බව සමාගම සඳහන් කරයි.

ප්‍රජා සේවා සහ මානුෂීය වැඩසටහන් පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත Rotary Colombo East වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සමඟ එක් වී මෙවර වැඩසටහන සංවිධානය කිරීමට දායක විය. වැදගත් සමාජීය සහ සෞඛ්‍ය අවශ්‍යතා සැපිරීම සඳහා ව්‍යාපාර ආයතන සහ සේවා සංවිධාන අතර ඇති සහයෝගීතාවේ වැදගත්කම මෙම හවුල්කාරිත්වය තුළින් තව දුරටත් ඉස්මතු විය. වීරකේසරි පුවත්පත මෙම වැඩසටහනේ මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස එක් විය. ලේ දන් දීමේ වැදගත්කම පිළිබඳ පුළුල් මහජන දැනුවත්භාවයක් ඇති කිරීම සහ වැඩසටහන පිළිබඳ තොරතුරු ජනතාව අතරට ගෙන යාමට  වීරකේසරි සිය දායකත්වය සැපැයීය. හදිසි ප්‍රතිකාර, ශල්‍යකර්ම සහ වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය අවශ්‍යතා සඳහා ලේ සංචිත අතිශය වැදගත් වේ. සිය වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන හරහා ස්වේච්ඡා ලේ දන් දීම පිළිබඳ වඩාත් ශක්තිමත් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගීමට දායක වීම මෙන්ම ජීවිතයක් බේරා ගැනීමට සෑම පුද්ගලයෙකුටම අර්ථවත් දායකත්වයක් දීමට අවස්ථාව සළසා දීම වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරිහි අපේක්ෂාවයි. වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ Rotary Colombo East, වීරකේසරි, රුධිර පරිත්‍යාගශීලීන්, ස්වේච්ඡා සේවකයන් සහ සහයෝගය දුන් සියල්ලන්ට වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සිය කෘතඥතාව පළ කළේය. අඛණ්ඩව වසර 10ක් පුරා මෙම මානුෂීය මෙහෙවර ඉදිරියට ගෙන යමින් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළ වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ඉදිරියේදීත් ස්වේච්ඡා සේවය සහ සාමූහික සමාජ වගකීම ප්‍රවර්ධනය කරන ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව