ගම්පහ විශාලතම ප්‍රජා නිවාස සංකීර්ණය වන The Palace Gampaha, සිය ගනුදෙනුකරුවන්ට නිල වශයෙන් ප්‍රයිම් රෙසිඩන්සීස් විසින් භාරදෙයි

Palace Collage 3.jpg (LBN)

නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහයේ නිවාස ඒකක සංවර්ධන අංශය වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී විසින් තවත් මංසළකුණක් සනිටුහන් කොට තිබේ. ඒ අනුව, ගම්පහ විශාලතම ප්‍රජා නිවාස සංකීර්ණය වන The Palace Gampaha ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට ප්‍රයිම් රෙසිඩන්සීස් සමත් වී  තිබෙන අතර, එය නිල වශයෙන් භාරදීම සිදුකෙරී තිබේ. 2021 වසරේදී ඉදිකිරීම් ආරම්භ වූ මෙම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රදේශයේ වැදගත්ම මං සළකුණක් බවට පත්ව තිබෙන අතර, එම නිවාස නිල වශයෙන් නිවාස හිමියන් වෙත භාරදීමේ සියලු කටයුතු මේ වන විට අවසන් වී ඇත.




කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් පමණක් දුරින් පිහිටා තිබෙන The Palace Gampaha, ප්‍රධාන නගරයන්ට අතේ දුරින් පිහිටමින්, මනා ආරක්ෂාවකින් යුතුව, නවීන ජීවන රටාවක් සඳහා මනා පහසුවක් සලසමින්, නිමවී තිබේ. රුපියල් මිලියන 27.5 සිට මිල ගණන් ආරම්භ වන නිදන කාමර දෙකේ සහ තුනේ නිවාස 480කින් සමන්විත මෙම ව්‍යාපෘතිය තුළින්, ශ්‍රී ලාංකික පවුල්වලට මනා සුවපහසුවකින් යුතුව ඉහළ මට්ටමේ ජීවන රටාවක් ගත කිරීමට ඉඩ ලබාදෙන, සැලසුම් කළ ප්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා වන ප්‍රයිම් රෙසිඩන්සීස් දැක්ම මෙයින් පිළිබිඹු වනු ඇත.

තවත් එක් නිවාස සංකීර්ණයක් ලෙසින් නොව, සම්පූර්ණ ජීවන රටාවකට පදනම සපයන අයුරින් නිර්මාණය කර තිබෙන The Palace Gampaha, ප්‍රදේශයේ පවතින වඩාත්ම ඉහළ මට්ටමේ පුළුල් පහසුකම් නිවෙස් හිමියන්ට පිරිනමයි. අක්කර 13.5 ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නිවාස ඒකක ව්‍යාපෘතිය, වෙන් කර ඇති මුළු භූමි භාගයෙන් 20% ක් තුළ පමණක් විහිදී පවතී. භූමියේ ඉතිරි 80%කම ඉඩකඩ, උද්‍යාන අලංකරණයන් සහ පොදු පහසුකම් සඳහා වෙන් කර තිබේ. එහිදී, නිවාස හිමියන්ට, The Palace Gampaha පරිශ්‍රය තුළ මනා ලෙස අලංකරණය කළ උද්‍යානයන්, පිහිනුම් තටාකයක්, ශරීර සුවතා සහ ව්‍යායාම මධ්‍යස්ථානයක්, ක්ලබ් හවුස් එකක්, පුස්තකාලයක්, ප්‍රජා මුළුතැන්ගෙයක්, හුරුබුහුටි ප්‍රමාණයේ සුපිරි වෙළඳසලක් සහ ලයිසියම් සමූහය විසින් කළමනාකරණය කරනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඔස්සේ තම අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ කඩ ලැබී ඇත.  ඒ අනුව, නිවාස හිමියන්ට, සම්පූර්ණයෙන්ම ආරක්ෂිත පරිසරයක් තුළ සෑම අත්‍යවශ්‍ය සේවාවක් සඳහාම පහසුවෙන් ළඟා  වීමට හැකියාව ලැබී තිබේ.

මෙම නිවාස සංවර්ධන ව්‍යාපෘතියට, තිරසාර යටිතල පහසුකම් මෙන්ම අනාගතයට ඔබින ඉංජිනේරු විසඳුම්ද ඇතුළත්ව තිබේ. ඒ අනුව මෙහි පොදු ප්‍රදේශ සූර්ය ශක්තියෙන් බලගැන්වෙන අතර, භූගත විදුලි කේබල් ජාලයකින් මෙන්ම, වැඩිදියුණු කළ අපජල පිරිපහදුවකින් සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු ජල ප්‍රතිචක්‍රීකරණ පහසුකම් වලින්ද මෙය සමන්විත වේ.

ප්‍රයිම් රෙසිඩන්සීස් ආයතනය විසින් මෙම ව්‍යාපෘතියේ සියලු නිවාස අදාළ හිමිකරුවන්ට භාරදීම සඳහා අවශ්‍ය වන සියලුම අනුමැතීන් සාර්ථකව ලබා ගෙන තිබෙන අතර, Condominium Management Authority හි සහතික සහ ප්‍රකාශන ඔප්පු ලියාපදිංචි කිරීම් ද සම්පූර්ණ කර තිබේ. ඒ අනුව, The Palace Gampaha නිවාස හිමියන්ට පළමු දිනයේ සිටම නීතිමය විධිවිධානයන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වූ, වෘත්තීයමය කළමනාකරණයකින් යුතු නිවාස සංකීර්ණයක ජීවත් වීමට අවස්ථාව ලැබී තිබේ.

සමූහය විසින් සාර්ථකව අත්පත් කරගත් මෙම මංසළකුණ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සභාපතිවරයා වන ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා මෙසේ පැවසීය.

The Palace Gampaha යනු තවත් එක් සම්පූර්ණ කළ නිවාස සංවර්ධන ව්‍යාපෘතියකට වඩා එහා ගිය යමක් බව කිව යුතුයි. ශ්‍රී ලාංකිකයන් ජීවත් වන ආකාරයට පොහොසත් බවක් එක් කරදෙන විශාල මට්ටමේ ප්‍රජාවන් නිර්මාණය කිරීම කෙරෙහි ප්‍රයිම් සමූහයේ දැක්ම එයින් පිළිබිඹු කෙරෙනවා. අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය රැකීමට සහ දෙන සෑම පොරොන්දුවක්ම ඉටු කිරීමට අපගේ ඇප කැප වීම, මෙම මනා ලෙසින් සැලසුම් කෙරුණු, ගම්පහ නගරයේ විශාලතම ආරක්ෂිත ප්‍රජාව නිර්මාණය කිරීම හරහා සනාථ වන බවද කිව යුතුයි. ඉදිරි පරම්පරාවන් සඳහාද කල්පවතින ලෙසින්, කල්පනාකාරීව ගොඩනංවා තිබෙන මෙම ප්‍රජාව වෙත, පවුල් 480ක් පිළිගැනීමට ලැබීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වනවා.

The Palace Gampaha සාර්ථකව නිම කිරීම සහ ගනුදෙනුකරුවන්ට භාරදීම, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී දැක්ම සම්බන්ධයෙන් මෙන්ම, නිවාස ව්‍යාපෘතියක සැලසුමේ සිට ඉදිකිරීම් කටයුතු නිම කිරීම සහ අවසානයේදී පාරිභෝගිකයාට එය භාරදීම දක්වා සමාගම රැකගන්නා විශ්වසනීයත්වය පිළිබඳවද සාක්ෂියක් වී තිබේ. වසර 30ක විශිෂ්ටත්වයද සහිතව, ප්‍රයිම් සමූහය විසින්, ආරක්ෂිත ප්‍රජා නිවාස සංකීර්ණ සහ මහල් නිවාස ව්‍යාපෘති 70කට අධික සංඛ්‍යාවක සංවර්ධනය කර තිබෙන අතර, ශ්‍රී ලංකාව පුරා ඉඩම් සංවර්ධන ව්‍යාපෘති 10,000කට අධික ප්‍රමාණයක්ද මේ වන විට සම්පූර්ණ කර තිබේ.  එසේම, දැනට ඉදිවෙමින් පවතින සුවිශේෂී නිවාස සංවර්ධන ව්‍යාපෘති පහකට වැඩි සංඛ්‍යාවක්ද සමූහය යටතේ පවතී.

එලෙසින්ම, ප්‍රයිම් සමූහය විසින් අඛණ්ඩව වසර ගණනාවක් පුරා, ආසියානු දේපළ වෙළඳාම් සම්මාන උළෙලේදී ‘Developer of the Year – Sri Lanka’ ලෙසින් ගෞරවයට ලක්වී තිබේ. එසේම, ව්‍යාපාරික ලෝකය තුළ විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරභාවය හඳුනා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනික වාර්තාකරණ සම්මාන උළෙල වන TAGS සම්මාන උළෙලේදී, ඉඩම් සහ දේපළ අංශයේ රන් සම්මානයද ප්‍රයිම් සමූහය විසින් ලබාගෙන තිබේ. සිය ව්‍යාපෘති සම්බන්ධයෙන් වන විශ්වසනීයත්වය, නවෝත්පාදනය සහ ශිල්පීයභාවය ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහය මගින් සනාථ කරන ලද ඉතිහාසයක් තිබේ. එයද සමගින්, ප්‍රයිම් සමූහය ලබාගෙන තිබෙන මෙම ගරු සම්මාන ඔස්සේ, බුද්ධිමත් නිවාස මිලදීගන්නවුගේ දිනෙන් දින වෙනස් වන අභිලාෂයන් අවබෝධ කරගැනීමට සමූහයට ඇති හැකියාවද පිළිබිඹු වනු ඇත. ඒ සමගින් ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනය සඳහා නව ප්‍රමිතීන් සලකුණු කර තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

The Palace Gampaha සාර්ථකව නිම කිරීම සහ ගනුදෙනුකරුවන්ට භාරදීම යනු, ප්‍රයිම් රෙසිඩන්සීස් විසින් තමන් ලබාදෙන පොරොන්දු නිරන්තරයෙන් ඉටු කරන බවට වන නොවරදින සාක්ෂියකි.  සිය අසමසම ප්‍රවීණත්වයද සමඟ ප්‍රයිම් රෙසිඩන්සීස් විසින්, සිය පොරොන්දු මෙසේ ඉටු කර තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව