Softlogic Automobiles  සහ ඉන්දියාවේ Greaves Ampere සුවිශේෂී හවුල්කාරීත්වය යටතේ නවතම Ampere  ඉලෙක්ට්‍රික් ස්කූටරය  ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Bikes on Blurred City Road - 1

 ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් ස්කූටර්  නිෂ්පාදන සමාගමක් වන Greaves Ampere සහ ශ්‍රී ලංකාවේ Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Softlogic Automobiles (Pvt) Ltd අතර ඇති කරගත් සුවිශේෂී හවුල්කාරිත්වය යටතේ, Greaves Ampere හි ශ්‍රී ලාංකීය නිල සහ සුවිශේෂී බෙදාහැරීමේ හා අලෙවි නියෝජිතයා ලෙස Softlogic Automobiles පත් කර තිබේ.

මෙම හවුල්කාරීත්වය මගින් Nexus, Magnus Neo, Magnus Gmax සහ Reo Vyb යන මාදිලිවලින් සමන්විත Ampere ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙළ මෙරට Softlogic Automobiles සමාගමෙහි නිෂ්පාදන පෙළ අතරට එක් කෙරෙනු ඇති අතර මෙම නව මෝටර් රථ සන්නාමය Autovision Colombo Motorshow 2026 ප්‍රදර්ශනයේ දී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබේ. අගෝස්තු මාසයේ සිට මෙම නව ඉලෙක්ට්‍රික් ස්කූටර් ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කොට ඇත. එමෙන්ම මෙම ඉලෙක්ට්‍රික් ස්කූටර්  පෙළේ අලෙවිය වත්තල පිහිටි Softlogic Max ප්‍රදර්ශනාගාරයෙන් ආරම්භ වේ. වසර අවසානය වනවිට දිවයින පුරා සිය අලෙවිසැල්, බෙදාහැරීමේ සහ අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථාන තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමාගම කටයුතු යොදා තිබේ.




ඉන්දියානු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දශක ගණනාවක් පුරා ගොඩනගාගත් ඉංජිනේරු විශිෂ්ටත්වයක් පදනම් කරගත් නිෂ්පාදන පෙළක් සහිත, Greaves Electric Mobility සමාගම යටතේ ක්‍රියාත්මක වන, Greaves Ampere වෙළඳ සන්නාමය, ලොව පුරා වෙළෙඳපොළ වෙත වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන වෙළෙඳපොළ තුළ සිය නියෝජනය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් කටයුතු කරන Softlogic Automobiles සමාගම පවසන්නේ, Greaves Ampere සන්නාමයේ ජාත්‍යන්තර කීර්තිනාමය, විශ්වසනීයත්වය සහ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන මෙම නව ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලි පෙළ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් සුදුසු තේරීමක් වන බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Softlogic Automobiles අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ හේමන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ ප්‍රවාහන විසඳුම් හඳුන්වා දීම Softlogic Automobiles හි ප්‍රධාන අරමුණ බවයි. වඩාත් බුද්ධිමත් හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් කරා රට ගෙන යාම තම දැක්මේ තවත් වැදගත් පියවරක් ලෙස ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් ස්කූටර් සන්නාමයක් වන Greaves Ampere ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ තමන් මහත් ආඩම්බරයට පත්වන බවද ඔහු පැවසීය. තවද, මෙම සුවිශේෂී හවුල්කාරිත්වය හරහා Softlogic සමූහයේ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව හා ශක්තිමත් වෙළදසැල් ජාලය සමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නව්‍ය, ගුණාත්මක සහ විශ්වාසනීය විද්‍යුත් ප්‍රවාහන විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවත් මෙය ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නව යුගයක ආරම්භයක් සනිටුහන් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

තරුණ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සිසුන්, නාගරික ප්‍රවාහන භාවිත කරන්නන්, ප්‍රථම වරට වාහනයක් මිලදී ගන්නා පාරිභෝගිකයන්, වාහන කළමනාකරණ ආයතන සහ බෙදාහැරීමේ සේවාවල නිරත රියදුරන් ඇතුළු පුළුල් පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතා සපුරාලන අයුරින් Ampere ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙළ වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. තවද, ඉහළ යන ඉන්ධන පිරිවැය සහ පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති දිරිගැන්වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළ තුළ අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින අතර, ෆොසිල ඉන්ධන මත යැපෙන ප්‍රවාහනයෙන් මිදී තිරසාර විකල්පයන් වෙත යොමුවීමට අපේක්ෂා කරන පරිසර හිතකාමී පාරිභෝගිකයන් ද Ampere හි ප්‍රධාන ඉලක්කගත පාරිභෝගික කාණ්ඩයක් වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

මෙම හවුල්කාරීත්වයේ දිගුකාලීන අරමුණ හුදෙක් වාහන අලෙවියට පමණක් සීමා නොවන බව Softlogic Automobiles සමාගම පවසයි. ඒ අනුව ‘Ampere’ සන්නාමය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් ස්කූටර් සන්නාමය බවට පත්කිරීම, දිවයින පුරා අලෙවි නියෝජිත ජාලය ව්‍යාප්ත කිරීම සහ සාම්ප්‍රදායික ප්‍රවාහනයට සාර්ථක විකල්පයක් ලෙස විද්‍යුත් ප්‍රවාහනය පිළිබඳ මහජන අවබෝධය ඉහළ නැංවීම සමාගමේ ප්‍රධාන බලාපොරොත්තුවයි. ​මීට අමතරව, මෙරට තිරසාර සංවර්ධන අරමුණුවලට සක්‍රීයව දායක වෙමින්, අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව  සහ පාරිභෝගික අත්දැකීමක් ලබාදීමට ද සමාගම සම්පූර්ණයෙන්ම කැපවී සිටියි.

මෙම බෙදාහැරීමේ ගිවිසුම මඟින් Softlogic Automobiles හි නිෂ්පාදන පෙළට නව එකතුවක් එක්කරන අතර, එය තිරසාර ප්‍රවාහන විසඳුම් කෙරෙහි Softlogic සමූහයේ ඇති දැක්ම මනාව පිළිඹිබු කරයි. දකුණු ආසියාව පුරා ඉලෙක්ට්‍රික් ස්කූටර් සඳහා වන ඉල්ලුම වර්ධනය වෙමින් පවතින වාතාවරණයක, ප්‍රමුඛ පෙළේ දේශීය බෙදාහරින්නෙකුගේ සහාය ඇතිව ස්ථාපිත කරනු ලබන ඉන්දියානු සන්නාමයක් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීම, විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල විද්‍යුත් වාහන භාවිතය වේගවත් කිරීමට හේතු වනු ඇතැයි සමාගම අපේක්ෂා කෙරේ.

එමෙන්ම මෙහි මිල ගණන්, පහසු ගෙවීමේ ක්‍රම සහ මෙම නිෂ්පාදන ව්‍යාප්ත කරන ලද අලෙවි නියෝජිත ජාල පිළිබඳ වැඩිදුර තොරතුරු අගෝස්තු මාසයේ දී පැවැත්වෙන නිල එළිදැක්වීමට ආසන්න කාලය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව