Yamaha සිය ප්‍රමුඛතම නූතන සංකල්පීය ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ දී විවෘත කරයි

Capture

ශ්‍රී ලංකාව තුළ Yamaha සන්නාමයේ නිල බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම විසින් Yamaha  හි නවීන ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ දී විවෘත කර ඇත. Yamaha සන්නාමය ශ්‍රී ලංකාව තුළ වසර 45ක අභිමානවත් ගමන සනිටුහන් කරමින් ආරම්භ කළ මෙම නවීන ප්‍රදර්ශනාගාරය, පාරිභෝගිකයින් වෙනුවෙන්ම වෙන් වූ පරිපූර්ණ ප්‍රදර්ශනාගාරයකි.  මෙහි දී Yamaha  යතුරුපැදි, ස්කූටර්, පිටත සවි කරන බෝට්ටු එන්ජින් (OBM), ජල යාත්‍රා, මුල් නිෂ්පාදිත අමතර කොටස්, උපාංග මෙන්ම Yamaha  නිල වෙළඳ භාණ්ඩ  සියල්ලම එකම පරිශ්‍රයක දී මිල දී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ.

බොරැල්ල පරිශ්‍රයේ පිහිටි දිගුකාලීන පාරිභෝගික විශ්වාසය දිනූ Yamaha ප්‍රදර්ශනාගාරය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නූතන සංකල්පීය ප්‍රදර්ශනාගාරයක්  ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත. පාරිභෝගිකයින් වෙත වඩාත් සමීප, ගුණාත්මක මෙන්ම ඉහළ සේවා අත්දැකීමක් සපයන අලෙවි පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වේ.



මෙම සුවිශේෂී සමාරම්භය පිළිබඳව අදහස් දක්වමින් Associated Motorways (AMW) සමාගමෙහි  Yamaha අලෙවිකරණ අංශයේ නියෝජිතයෙකු,  “බොරැල්ලේ පිහිටි මෙම නවීන ප්‍රදර්ශනාගාරය  මඟින් අපගේ පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට බලාපොරොත්තු වන නූතන Yamaha අත්දැකීම මනාව පිළිබිඹු කරනවා. මෙය යතුරුපැදියක් හෝ ස්කූටරයක් මිල දී ගන්නා ස්ථානයක් පමණක් නොව, පාරිභෝගිකයින්ට සමස්ත Yamaha  සන්නාමයේ විශිෂ්ටත්වය සමඟ සෘජුව සම්බන්ධ විය හැකි සුවිශේෂී මධ්‍යස්ථානයකි. ශ්‍රී ලංකාව තුළ අපගේ සන්නාමයේ ශක්තිමත් පැවැත්ම තවදුරටත් තහවුරු කරමින්, නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය මෙන්ම පාරිභෝගිකයින්ගේ දිනෙන් දින ඉහළ යන අපේක්ෂාවන් මනාව සපුරාලන මෙවැනි සේවා පරිශ්‍රයන් නිර්මාණය කිරීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා.” යනුවෙන් අදහස් දැක්වීය.

 

මෙම සමාරම්භක උත්සවය සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. ඒ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ අන්තර්වාර ප්‍රකාශක නාඕකි කමොෂිඩා මහතා, Al Futtaim සමාගමේ මෝටර් රථ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් නවේයා මහතා, එම සමාගමේ මෝටර් රථ අංශයේ උප සභාපති ඇන්ටොයින් බාතේස් මහතා, Yamaha motor India සමූහ ව්‍යාපාරයේ සභාපති හජිමේ අඔටා මහතා, Yamaha  මෝටර් සමාගමේ විධායක මහා කළමනාකරු තොෂිරෝ යාගි මහතා, එහි සමූහ කළමනාකරු හිඩෙකි යමනකා මහතා, Associated Motorways (AMW) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා සහ ශ්‍රී ලාංකීය මෝටර් රථ ක්‍රීඩාවේ අභිමානය වූ දිලන්ත මාලගමුව මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් වූහ.

මෙම පරිශ්‍රය තුළ දී පාරිභෝගිකයින්ට FZ, R15 සහ MT-15 වැනි ඉහළ කාර්යසාධනයක් සහිත යතුරුපැදි මෙන්ම, RayZR වැනි ප්‍රායෝගික භාවිතයට වඩාත් සුදුසු ස්කූටර් මාදිලි ද ඇතුළු සමස්ත Yamaha  නිෂ්පාදන අත්විඳීමේ අවස්ථාව උදා වෙයි. තව ද යාත්‍රා සහ බෝට්ටු එන්ජින් ඇතුළු නිෂ්පාදන, මුල් නිෂ්පාදිත අමතර කොටස්, උපාංග සහ සන්නාම ලාංඡනය සහිත නිල වෙළඳ භාණ්ඩ ද මීට ඇතුළත් වේ. මෙම පරිපූර්ණ සංකල්පීය සැලසුම හේතුවෙන් පාරිභෝගිකයින්ට සමස්ත Yamaha නිෂ්පාදන එකතුවම එකම පරිශ්‍රයක දී හඳුනා ගැනීමටත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම සහ අලෙවියෙන් පසු සේවාව ලබා ගැනීමටත් සුවිශේෂී අවස්ථාවක් හිමිවේ.

ජාත්‍යන්තර පාරිභෝගික ප්‍රමිතීන්ට අනුකූලව සැලසුම් කර ඇති මෙම ප්‍රදර්ශනාගාරයේ නවීන සැකැස්ම, පාරිභෝගිකයින්ට වඩාත් සුවපහසු මෙන්ම සජීවී පරිසරයක් තුළ Yamaha නිෂ්පාදන අත්විඳීමේ අවස්ථාව සලසා දෙයි. එමඟින් උසස් ප්‍රමිතිය සහ නවෝත්පාදනය වෙනුවෙන් සන්නාමයක් ලෙස පවතින කැපවීම තවදුරටත් තහවුරු කරයි.

බොරැල්ලේ පිහිටි මෙම නවීන ප්‍රදර්ශනාගාරය සමඟින් Yamaha  සන්නාමය ශ්‍රී ලංකාව තුළ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. එමඟින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ මට්ටමේ අලෙවි සහ සේවා අත්දැකීමක් උදාකර දීම වෙනුවෙන් සන්නාමයක් ලෙස සිදුකරන අඛණ්ඩ ආයෝජනය සහ කැපවීම තවදුරටත් තහවුරු වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව