2026 පෝලන්ත රූ රැජින තරගාවලියෙහි  අවසන් තරගකාරිනියන්ගේ විශේෂ ඡායාරූප ගතකිරීම් සදහා Sun Siyam Pasikudah සත්කාරකත්වය සපයයි

Miss Polski at Pasikudah (LBN)

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB)  ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා  දිවයිනට පැමිණි 2026 පෝලන්ත රූ රැජින තරගාවලියෙහි අවසන් තරගකාරිනියන් 24 දෙනා සහ කාර්ය මණ්ඩලය සදහා මාලදිවයින කේන්ද්‍රකරගත් Sun Siyam Resorts හෝටල් ජාලයේ Privé Collection එකතුවේ කොටසක් වන Sun Siyam Pasikudah Resort  මගින් සත්කාරකත්වය සපයන ලදී.

2025 වසරේ පෝලන්ත රූ රැජින තරගාවලියෙහි ජයග්‍රාහිකා ඔලිවියා මිකුල්ස්කා සහ 2024 වසරේ ජයග්‍රාහිකා කසන්ද්‍රා සවාල් ඇතුළු තරගකාරිනියන් 24 දෙනෙකු සහ 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 10ක විශේෂ සංචාරයක් සඳහා පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම සංචාරය සිගිරියෙන් ආරම්භ වූ අතර ඉන් අනතුරුව ඔවුන් නැගෙනහිර වෙරළ තීරය දක්වා ගමන් කළේය. පෝලන්තයේ Nowy Sącz නුවරදී අගෝස්තු මස 2 වන දින පැවැත්වීමට නියමිත 2026 පෝලන්ත රූ රැජින තරගාවලියෙහි අවසන් මහා තරගයට පෙර, සිදු කරන ලද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය, ස්වාභාවික සුන්දරත්වය සහ වනජීවී සම්පත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් හමුවේ ප්‍රදර්ශනය කිරීමයි. එහිදී ඔවුන් ලබාගත් අත්දැකීම් සහ ඡායාරූප පෝලන්ත මාධ්‍ය හරහා පුළුල් ලෙස ප්‍රචාරය කිරීම සිදු විය. මෙම තරගය Polsat නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වීමට නියමිතව තිබේ.




මෙම සංචාරයේ කොටසක් ලෙස, ඔවුන් Sun Siyam Pasikudah හි රාත්‍රී දෙකක් නවාතැන් ගත් අතර,  එහිදී හෝටලය අවට පිහිටි දර්ශනීය වෙරළ තීරය තරගකාරිනියන්ගේ විශේෂ ඡායාරූප ගත කිරීම් සඳහා යොදා ගැනුණි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාසිතා ද තබ්‍රෙව් මහත්මිය පැවසුවේ, පෝලන්ත රූ රැජින වැඩහටහන් හරහා ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ සංචාරක ස්ථාන ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යාම සහ තරගකාරිනියන්ට ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරයේ නියම රසය විඳ ගැනීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ බවයි.

Sun Siyam Pasikudah හි සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි  මහතා ප්‍රකාශ කළේ, 2026 පෝලන්ත රූ රැජින  තරගාවලියෙහි තරගකාරිනියන් සහ කාර්ය මණ්ඩලය පිළිගැනීමට ලැබීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. එමෙන්ම සුන්දරත්වයෙන් පිරි සන්සුන් නිල් පැහැති සාගර පරිසරය  සහ සංචාරකයින්ට හිමිවන උණුසුම් පිළිගැනීම මඟින්, නැගෙනහිර වෙරළ තීරය ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස සුවිශේෂී ආකර්ෂණයක් දිනා ගන්නා බව ඔහු පෙන්වා දුනි.

පාසිකුඩා වෙරළ තීරයේ වඩාත් මනරම් ස්ථානයක පිහිටි මෙම හෝටලය, එහි සන්සුන් නොගැඹුරු දිය තීරය, මෘදු සුදු වැලි තීරය  සහ මුහුදු බොක්ක  ප්‍රදේශයේ  පෙනෙන නිදහස් දර්ශන තලයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. අවට ඇති තාල වර්ගයේ ගස්වලින් සහ නිහඬ පරිසරයෙන් වටවී ඇති විලා සහ කාමර සංකීර්ණ, ස්වභාවික පරිසරයට හානි නොවන පරිදි නිර්මාණය කර ඇත. එමගින් සංචාරකයින්ට නිස්කලංක පෞද්ගලිකත්වයක අත්දැකීමක් භුක්ති විඳීමට හැකියාව ඇති අතර The House of Siyam  සන්නාමය මගින් සුවිශේෂී අනන්‍යතාවක් ඇති ස්ථානයක් සොයන සංචාරකයින් සඳහා උසස් මට්ටමේ පෞද්ගලිකරණ වූ  උසස් සේවාවක් ද ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ වඩාත් පිරිසිදු වෙරළ තීරයක පිහිටි Sun Siyam Pasikudah, පැවිලියන් (Pavilion) ආකාරයේ කාමර 34 කින් සමන්විත වේ. සූර්ය බල ශක්තිය හා LED ආලෝකකරණය ද ජල සංරක්ෂණය, අපද්‍රව්‍ය අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ කොම්පෝස්ට් කිරීම ඇතුළත් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් දක්වා විහිදෙන තිරසාරභාවයක් මෙම හෝටලය සිය දෛනික මෙහෙයුම්වලට ඒකාබද්ධ කර ඇත

මෙම අත්දැකීම විඳගැනීමට කැමති සංචාරකයින් සඳහා, 2027 ඔක්තෝබර් 31 දක්වා වලංගු වන විශේෂ Summer Offer යටතේ නොමිලේ පහසුකම් , ත්‍රාසජනක ජල ක්‍රීඩා අත්දැකීම් මෙන්ම  සහ දිනපතා බයිසිකල් භාවිතයට ලබා දෙන පහසුකම ඇතුළු අමතර පහසුකම් රැසක් සලසා දී තිබේ. ඒ අනුව විශේෂ  වෙන්කරවා ගැනීම් සහ වැඩිදුර තොරතුරු සඳහා www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 065 205 5555, 070 242 4263,  දුරකථනය ඇමතීමට අවස්ථාව තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව