ශ්‍රී ලාංකික කලාවේ විචිත්‍රවත් සංස්කෘතික සැමරුමක් සනිටුහන් කළ Pepsi Street Kala 2.0

Image (LBN)

Pepsi Street Kala සංස්කෘති‍ක සංදර්ශනයේ දෙවන අදියර 2026 ජූලි 4වන දින කොළඹ Excel World හිදී පැවැත්වුණි. ශ්‍රී ලාංකේය කලා නිර්මාණ, සංගීතමය ඉසව් සහ ආහාරපානවලින් රසවත් වූ මෙම උත්සවය, දවස පුරා පැවති විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසක් සමඟ, පැමිණි කාගේත් සිත් ඇදබැඳ ගත් අපූරු අත්දැකීමක් විය.

Pepsi® සමාගම විසින් සංවිධානය කරන ලද මෙම මහජන කලා උත්සවය, නිර්මාණශීලිත්වය, සංස්කෘතිය සහ කලාකාමී සුවහසක් හදවත් එකම අවකාශයකට ගොනු කළ රමණීය ඉසව්වක් ලෙස හැඳින්විය හැකිය. මෙරට තරුණ පරපුරේ සිතුම්පැතුම් හොඳින් හඳුනන Pepsi®, හුදෙක් ගෝලීය සන්නාමයක් ලෙස පමණක් නොව, දේශීය අනන්‍යතාවය හා ජනතාව සමඟ සමීපව බැඳුණු කලාවට ලැදි පාර්ශවකරුවෙකු ලෙස මෙම ඉසව්ව සඳහා ප්‍රධාන අනුග්‍රහාහකත්වය සපයනු ලැබීය.



මේ පිළිබඳ අදහස් දක්වමින්, PepsiCo සමාගමේ West & Sri Lanka Franchise Lead සහ සහකාර අධ්‍යක්ෂ අන්ෂුමන් මිශ්‍රා (Anshuman Mishra) මහතා, “ජනතාව එකමුතු කරන වැඩසටහන්වලට ඇති උනන්දුව අගය කළ යුතු බව Pepsi® අප සැමවිටම විශ්වාස කරන කාරණයක්. Pepsi Street Kala යනු එම අරමුණ මනාව විදහා දක්වන උත්සවයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. එහි දෙවන අදියර සමඟින්, දේශීය කලාකරුවන්ගේ නිර්මාණශීලිත්වය දිරිමත් කරන්නට සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කරන්නටත්, විචිත්‍රවත් ලාංකික ජන ජීවිතයේ සොඳුරු බව සමරන සජීවී වේදිකාවක් ලෙස Pepsi Street Kala අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නටත් අප බලාපොරොත්තු වනවා” යනුවෙන් පැවසීය.

මෙම උත්සවයේ ප්‍රධානතම අංගයක් වූයේ Academy of Design (AOD) සමඟ එක්ව සංවිධාන කරන ලද කලා ප්‍රදර්ශනයයි. එහිදී නැගී එන දේශීය කලාකරුවන්ට Pepsi® සන්නාමය තේමා කරගත් ඔවුන්ගේම නිර්මාණ ඉදිරිපත් කිරීමට සුවිශේෂී අවස්ථාවක් හිමි විය. මෙම සහයෝගීතාවය හරහා නවක නිර්මාණකරුවන්ට වඩාත් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වීමට වේදිකාවක් නිර්මාණය වූ අතර, ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් ශ්‍රී ලංකාවේ දියුණු වන කලා ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ කිරීමට ද මෙය ඉවහල් විය. ප්‍රදර්ශනය නැරඹීමට අමතරව, පැමිණි පිරිසට දවස පුරාම තමන්ගේම නිර්මාණශීලිත්වය විදහා පෑමට විවෘත අවකාශයක් (Interactive wall) වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

Knights සංගීත කණ්ඩායම සමඟින් ගීතවත් වූ වස්ති, නිලාන් හෙට්ටිආරච්චි, රවීන් තාරුක, දිනේෂ් සහ කයිසර් මෙන්ම හනා ෂෆා ඇතුළු ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය කලාකරුවන් රැසකගෙන් මෙම උත්සව වේදිකාව තවත් වර්ණවත් විය. ශ්‍රී ලාංකේය සංගීතයේ විවිධත්වය සහ සජීවී බව ඉස්මතු කළ මෙම සංගීතමය අත්දැකීම උත්සවයේ ප්‍රධාන අංගය ද විය.

එමෙන්ම, පැමිණි පිරිසට විනෝදජනක ක්‍රීඩාවල නිරත වීමටත්, සිසිල් Pepsi® වීදුරුවක් සමඟින් දේශීය ආහාර වර්ග රසවිඳීමටත් ආහාර කුටි රැසක් සූදානම් කර තිබුණි. මීට අමතරව, රසවත් Pepsi Mocktails රසවිඳීම සඳහාම වෙන්වූ විශේෂිත බීමහලක් ද විය. මෙම සියලු අත්දැකීම් සැමට එකසේ සහභාගී විය හැකි අයුරින් සැලසුම් කර තිබූණේ වත්මන් තරුණ පරපුරේ රුචිකත්වයන්ට හොඳින්ම ගැලපෙන අයුරිනි.

Varun Beverages (VBL) සමාගමේ මෙරට ප්‍රධානී අමිත් ජෝෂි (Amit Joshi) මහතා, “අගනුවර ප්‍රධාන පෙළේ අවකාශයක් පුරා පැතිරුණු එළිමහන් කලා ප්‍රදර්ශනයක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන, අද වන විට නැගී එන කලාකරුවන්, සජීවී සංගීතය, රසවත් ආහාරපාන සහ සැමට එකසේ රසවිඳිය හැකි අපූරු අත්දැකීම් රාශියක් ඇතුළත් ශ්‍රී ලාංකේය නිර්මාණශීලිත්වය විදහා දක්වන දැවැන්ත උත්සවයක් දක්වා වර්ධනය වී තිබෙනවා.” යනුවෙන් පැවසීය.

ලාංකික ජනතාව සමඟ ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, මෙම උත්සවයට පැමිණි සැමට සුවිශේෂී ඇගයීමක් සහ වටිනාකමක් තිළිණ කරන්නට Pepsi® සමාගම කටයුතු කළේය. පැමිණි ජනතාව උත්සවයේ අත්දැකීම රිසි සේ විඳගත් අතරම, දේශීය සංස්කෘතිය අගය කිරීමට සහ ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට Pepsi® සන්නාමය තබා ඇති අර්ථවත් පියවර ද අගය කළහ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව