
ශ්‍රී ලංකා ගුණාත්මකභාවය සහ ඵලදායිතාව දියුණු කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2026 ජාතික ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ සමුළුවෙහිදී රන් සම්මාන හතරක් සහ රිදී සම්මානයක් හිමි කර ගැනීමට නිව් ඇන්තනීස් ෆීඩ්ස් සමාගම සමත් වී තිබේ. පසුගියදා Mount Lavinia Hotel පරිශ්‍රයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම ප්‍රතිඵල, නිව් ඇන්තනීස් ෆීඩ්ස් සමාගමේ සාර්ථකත්වයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි. ඔවුන් ලැබූ මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ ගුණාත්මකභාවය කේන්ද්‍ර කරගත් ප්‍රමුඛතම කෘෂි-ආහාර ව්‍යාපාරයක් ලෙස ඔවුන් ගොඩනගා ඇති අනන්‍යතාව තවදුරටත් තහවුරු කරයි.
ජාතික ගුණාත්මක හා ඵලදායිතා සමුළුව (NCQP) යනු ශ්‍රී ලංකාවේ සේවා ස්ථාන වැඩිදියුණු කිරීම් සහ ඵලදායිතාව ඇගයීමට ලක් කරන වාර්ෂික සමුළුවයි. මෙවර පවත්වනු ලැබූ සමුළුව සඳහා ආයතන 100 කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයින් 2,000 කට වැඩි පිරිසක් සහභාගී විය. මෙහිදී ප්‍රධාන වශයෙන් ගුණාත්මක පාලන කව (QCC) , Lean Six Sigma (LSS), ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ කණ්ඩායම් (QIT), හරස් ක්‍රියාකාරී කණ්ඩායම් (CFT) සහ Kaizen යන අංශ යටතේ කණ්ඩායම් 450 ක් ඇගයීමට ලක් කෙරුණි. මෙම සමුළුව ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ජනතා කේන්ද්‍රීය ගුණාත්මකභාවය සහ ඵලදායිතාව යන තේමාව යටතේ පැවැත්විය.
නිව් ඇන්තනීස් ෆීඩ්ස් සමාගම ලබාගත් මෙම ජයග්‍රහණය, තුළින් ඔවුන් අඛණ්ඩව තබා ඇති වාර්තා තවදුරටත් ශක්තිමත් කරයි. 2025 වසරේදී නිව් ඇන්තනීස් ෆීඩ්ස් සමාගම හරස් ක්‍රියාකාරී කණ්ඩායම් (CFT) සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති (QIP) යන කාණ්ඩ යටතේ රන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා ඇති අතර තායිවානයේ පැවැත්වුණු ගුණාත්මක පාලන කව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICQCC) 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද සමාගමට අවස්ථාව උදා විය. මෙවර සමාගම ලැබූ ජයග්‍රහණය තුළින් පෙනී යන්නේ මීට පෙර තැබූ ප්රමිතීන් ද අභිබවා යමින් සමාගම විශිෂ්ට ප්‍රගතියක් ලබා ඇති බවයි.
නිව් ඇන්තනීස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේ තම ආයතනය හුදෙක් කුකුළන් ඇති කිරීමෙන් ඔබ්බට යමින් ක්ෂේත්රයේ ප්රමිතීන් උසස් කිරීමට නිරන්තරයෙන් කැපවන බවයි. එමෙන්ම මෙම ජයග්‍රහණය සමාගමේ මෙහෙයුම් පිටුපස සිටින සේවකයින්ගේ අඛණ්ඩ වර්ධනයේ ප්‍රතිඵලයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
නිව් ඇන්තනීස් ෆීඩ්ස් පුද්ගලික සමාගම යනු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ කුකුළු නිෂ්පාදකයෙකු වන නිව් ඇන්තනීස් සමූහ ව්‍යාපාරයේ සත්ව ආහාර නිෂ්පාදන අංශයයි. නිෂ්පාදන ක්‍රියාවලියේ කිසිදු අදියරකදී ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) භාවිතයෙන් තොරව කුකුළු පාලනයේ යෙදෙන මෙරට එකම සමාගම වන්නේ ද මෙයයි. ශ්‍රී ලාංකික පවුල් වෙත සෞඛ්යාරක්ෂිත සහ ගුණාත්මක ආහාර නිෂ්පාදන සැපයීමේ අරමුණ ඇතිව, 1986 වසරේදී සභාපති එමිල් ස්ටැන්ලි සහ අධ්‍යක්ෂිකා එස්.එම්.ඩී. මාරි සීතා ලක්ෂ්මී යන මහත්ම මහත්මීන් විසින් හංවැල්ල ප්‍රදේශයේදී මෙම සමූහ ව්‍යාපාරය ආරම්භ කරන ලදී.
කුකුළන් 1,000කින් ආරම්භ කරන ලද මෙම සමාගම අද වන විට, සත්ත්ව ආහාර සකස් කිරීමේ සිට පැටවුන් බිහි කරන මධ්‍යස්ථානය (Hatchery), ගොවිපළ පාලනය, සැකසුම්කරණය සහ සිල්ලර වෙළඳාම දක්වා වූ සමස්ත සැපයුම් දාමයම පාලනය කිරීමට ද සමත් වී තිබේ. ඔවුන්ගේ නිෂ්පාදනයන් අතරට HarithaHari ප්‍රතිජීවක රහිත නිෂ්පාදන, Chicken Havens, Crizzpys, Frenchys සහ Meatlery සිල්ලර වෙළඳ ජාලය ද ඇතුළත් වේ.
2026 ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී ඇගයීමට ලක් වූ නිව් ඇන්තනීස් සමාගම සතු ගුණාත්මකභාවය FSSC 22000, ISO 22000, ISO 9001:2015, HACCP සහ GMP වැනි ඉහළම ජාත්‍යන්තර ප්රමිතීන් හරහා මනාව පැහැදිලි වේ. තවද ඇන්තනීස් සමාගම නෙදර්ලන්තයේ Control Union ආයතනය විසින් සහතික කරන ලද ISO 14064-1:2018 යටතේ GHG (හරිතාගාර වායු) සහතිකයක් හිමි කරගත් ශ්‍රී ලංකාවේ එකම කුකුළු නිෂ්පාදන සමාගම වීම ද සුවිශේෂත්වයකි. 2026 ජනවාරි මාසයේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති එකම ISO/IEC 17025 ප්‍රමිතියෙන් යුත් රසායනාගාරය වන පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨය සමග වසර පහක අවබෝධතා ගිවිසුමකට (MoU) නිල වශයෙන් එළඹුණි. එමෙන්ම 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සමාගම තේරී පත් වූ අතර, ලෝක බැංකු සමූහයේ පුද්ගලික අංශය වන ජාත්‍යන්තර මුදල් සංස්ථාවේ (IFC) සහය ඊට හිමිවිය.


