තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් Business of the Year සම්මානයෙන් පිදුම් ලබයි

THAI SUMEDHA

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුවඳ කූරු හා සුවඳ ආශ්‍රිත නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු වන තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ Business of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. ගල්කිස්ස මහ හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගම වෙත මෙම ගෞරවය හිමි වූයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයට සිදු කර ඇති සුවිශේෂ දායකත්වය, උසස් තත්ත්වයේ නිෂ්පාදන, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ගොඩ නගා ඇති සාර්ථකත්වය ඇගැයීමක් වශයෙනි.



1989දී සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී සුමේධ ඇල්පිටිය මහතාගේ නායකත්වයෙන් ආරම්භ වූ තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් දශක තුනකට අධික කාලයක් තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමයක් ලෙස ස්ථාපිත වී ඇත. සුවඳ කූරු, සුවඳ කූරු කුඩු, සුවඳ තෙල්, වායු සුවඳකාරක ඇතුළු විවිධ සුවඳ නිෂ්පාදන රැසක් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට සාර්ථකව සැපැයීමට සමාගම සමත් වී තිබේ. සාම්ප්‍රදායික නිෂ්පාදන ශිල්පීය ක්‍රම නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ කර ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ. එමෙන්ම පාරිභෝගික අවශ්‍යතාවලට ගැළැපෙන නව නිෂ්පාදන හඳුන්වා දීම තුළින් සමාගම සිය වෙළෙඳපොළ තව දුරටත් පුළුල් කර ගෙන යයි. ව්‍යාපාර සාර්ථකත්වයට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල පවුල් රැසකට ආදායම් මාර්ග සළසා දෙමින් රැකියා උත්පාදනයට සහ ප්‍රජා සංවර්ධනයට තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් සැළැකිය යුතු දායකත්වයක් සපයා ඇත. සම්මානය ලැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී සුමේධ ඇල්පිටිය මහතා මෙම ජයග්‍රහණය සමාගමේ සේවකයන්ගේ, බෙදා හරින්නන්ගේ, ව්‍යාපාර හවුල්කරුවන්ගේ කැප වීමේ ප්‍රතිඵලයක් බව සඳහන් කළේය. මෙම සම්මානය ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ තිරසාර ව්‍යාපාර වර්ධනය වෙනුවෙන් තව දුරටත් කැප වී කටයුතු කිරීමට ශක්තියක් වන බවද ඔහු පැවසීය. මෙම සම්මානයත් සමඟ තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස සිය ස්ථානය තව දුරටත් තහවුරු කරමින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමේ සිය මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සූදානමින් සිටී.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව