Allianz Insurance Lanka වෙතින් දැඩිගම ශාඛා ජාලය හරහා රක්ෂණ සේවාවන් රැසක් පාරිභෝගිකයා වෙත පිරිනමයි.

d54bde38-a934-4ecf-9feb-fc2d56ba4769 (LBN)

Allianz Insurance Lanka Ltd. සමාගම, දැඩිගම සමූහ (පුද්ගලික) සමාගම සමඟ එක්ව පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ පුළුල් සේවා ප්‍රවේශයක් ලබාදීමේ නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹී ඇත.

2026 මාර්තු 12 දින අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව, දිවයින පුරා පිහිටි දැඩිගම ශාඛා මඟින් රක්ෂණ තොරතුරු ලබා ගැනීමට, වාරික ගෙවීමට සහ තාවකාලික රක්ෂණ සහතික මුද්‍රණය කරවා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතී.



මෙහිදී Allianz Lanka පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා රක්ෂණ සේවාවන් භාවිතය පහසු සහ සරල කර ඇත.

1950 වසරේ සිට ක්‍රියාත්මක වන දැඩිගම සමූහය, මූල්‍ය සේවා, ස්වර්ණාභරණ, මැණික් වෙළෙඳාම, ආගන්තුක සත්කාර, වැවිලි සහ දේපළ වෙළෙඳාම් ඇතුළු ක්ෂේත්‍ර රැසකින් යුත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. දිවයින පුරා පිහිටි උකස් මධ්‍යස්ථාන 350කට අධික සංඛ්‍යාවකින් සමන්විත ඔවුන්ගේ ශක්තිමත් ශාඛා ජාලය හරහා, ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන් සමීප කරවීමට දැඩිගම සමූහය සමත්ව ඇත.

මෙම සාමූහිකත්වය ආරම්භ කිරීමේ අවස්ථාවට දැඩිගම සමූහයේ අධ්‍යක්ෂවරුන් වන රශ්මි දැඩිගම සහ ඉෂාන් දැඩිගම යන අය එක් වූහ. තවද Allianz Insurance Lanka සමාගම වෙනුවෙන් ආයතනික විකුණුම් ප්‍රධානී මලික් පීරිස්, ජ්‍යෙෂ්ඨ සමූහ කළමනාකරු අමිල ලියනආරච්චි සහ සහකාර ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු මිහිරාන් කෞශල්‍ය ප්‍රනාන්දු යන මහත්වරු ද මේ සඳහා සහභාගී වූහ.

පාරිභෝගික පහසුව, සේවා ප්‍රවේශය සහ තේරීමේ නිදහස තවදුරටත් පුළුල් කරන මෙම හවුල්කාරිත්වය, පාරිභෝගිකයා සෑමවිටම අංක 1 ලෙස සලකන Allianz Lanka සමාගමේ ප්‍රතිපත්තිය නැවත වරක් සනාථ කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව