First Capital සමාගම 2026 World Economic Magazine සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුකරණ සමාගම’ සම්මානයෙන් පිදුම් ලබයි

01 Image

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ කැපීපෙනෙන බලවේගයක් වන First Capital Holdings PLC සමාගම, පසුගියදා පැවති ‘World Economic Magazine’ සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුකරණ සමාගම’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ විශ්වාසය දිනූ මූල්‍ය සේවා සමාගමක් ලෙස First Capital Holdings දිනා සිටින කීර්තිනාමය තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.

World Economic Magazine මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ, විශිෂ්ටතම ක්‍රමෝපායික බලපෑමක් ඇතිකරන අතරම ආර්ථික දියුණුවට සහ ක්ෂේත්‍රයේ උන්නතියට අර්ථවත් දායකත්වයක් ලබාදෙන සමාගම් ජාත්‍යන්තර වේදිකාවකදී ඇගයීමට ලක්කිරීමය. මෙහිදී බැංකුකරණ, මූල්‍ය සේවා, ආයෝජන, මූල්‍ය-තාක්ෂණ, ආයතනික පරිපාලන සහ තිරසාරත්ව යන අංශ යටතේ සමාගම් හා ආයතන ඇගයීමට ලක් වේ.




මෙහි ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ World Economic සඟරාවේ පර්යේෂණ හා සංස්කරණ අංශය විසින් සිදුකරනු ලබන ස්වාධීන ඇගයුම් ක්‍රියාවලියක් තුළිනි. එහිදී සමාගම් හා ආයතනවල කාර්යසාධනය සහ වර්ධන දර්ශක, වෙළඳපොළ ආවරණය සහ ක්ෂේත්‍රය කෙරෙහි ඇතිකරන බලපෑම, නායකත්වය, නවෝත්පාදනය සහ සහ ක්‍රමෝපායික මුලපිරීම් ආදිය සැලකිල්ලට ගනු ලැබේ. මෙම සාධක පදනම් කරගත් ඇගයුම් ක්‍රියාවලිය තුළදී විශිෂ්ටතම ප්‍රගතියක් පෙන්නුම් කරන සමාගම් හා ආයතනවලට මෙම සම්මාන උළෙලේදී සම්මාන හිමි වේ.

මේ ආකාරයට නැවත වරක් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීම මඟින් පෙනී යන්නේ First Capital සමාගම නව්‍ය මූල්‍ය විසඳුම් සහ විශ්වාසනීය උපදේශන සේවාවන් සපයමින් සහ සේවාදායකයන්ට විශිෂ්ටතම ප්‍රතිලාභ පිරිනමමින් දිගින් දිගටම මෙරට ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට සමත් වී ඇති බවයි. එමෙන්ම එය First Capital සමාගම තම මෙහෙයුම් අංශ සියල්ල තුළම විශිෂ්ටත්වය හා විනිවිදභාවය සමඟින් ඉහළම සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවට සාක්ෂි දරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් First Capital Holdings PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් විරසේකර මහතා මෙසේ පැවසීය: ” World Economic Magazine සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුකරණ සමාගම ලෙස පිළිගැනීමට ලක්වීම අපගේ ගමන්මඟේ වැදගත් සන්ධිස්ථානයක්. මෙය අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය, ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ අපගේ කණ්ඩායමේ කැපවීම සනාථ කරන සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම මෙය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හඳුන්වා දීම, ව්‍යාපාර මෙහෙයුම් සඳහා නවෝත්පාදන භාවිතා කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළේ දියුණුවට අර්ථවත් ලෙස දායක වීම යනාදිය සඳහා අපගේ කැපවීම මැනැවින් පිළිබිඹු කරනවා. මේ ආකාරයට දිගින් දිගටම රටේ ආර්ථික ප්‍රගතියට උරදෙන අතරම, අපගේ පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.”

දීර්ඝ කාලයක් පුරා First Capital සමාගම ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය හැඩගැස්වීමෙහිලා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ. මේ වන විට එම සමාගම ආයෝජන බැංකුකරණය, ධන කළමනාකරණය, ස්ථාවර ආදායම් සහ කොටස් තැරැව්කරණය ඇතුළු අංශ රැසකට අදාළ සේවාවන් පිරිනමයි. වෙළඳපොළ සම්බන්ධ විශේෂඥ දැනුම සහ සේවාදායකයන්ට මුල් තැන දෙන ප්‍රවේශයක් ඔස්සේ, ආත්ම විශ්වාසයෙන් යුතුව වෙළඳපොළ අවස්ථා ගවේෂණය කිරීමට පුද්ගලයන්ට, සමාගම්වලට හා ආයතනවලට අත්වැලක් වීම සම්බන්ධයෙන් සමාගම විශාල කීර්තියක් දිනා සිටී.

මෙම ජාත්‍යන්තර ඇගයුම හිමි වූයේ First Capital සමාගම නවෝත්පාදනය, ක්‍රමෝපායික වැඩසටහන් සහ විශිෂ්ටත්වය කෙරෙහි නොසැලෙන අවධානය ඔස්සේ සිය වෙළඳපොළ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරගනිමින් සිටින අවස්ථාවකය. වෘත්තීයභාවය සහ ආයතනික පාලනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දියුණුවට දායක වන අතරම ආයෝජකයන්ට සහ ව්‍යාපාරවලට දියුණුව සඳහා සවිමත් අත්වැලක් පිරිනැමිය හැකි ආකාරයට සමාගම ඉතා හොඳින් ස්ථානගත වී සිටී.

ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍ර තුළ තම නායකත්වය තහවුරු කරගනිමින්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එම ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා First Capital සමාගම දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බව මෙම සම්මානය මඟින් පැහැදිලි වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව