
වෙසක් උත්සවය නිමිති කර ගනිමින් MAS Linea Intimo විසින් නිර්මාණය කරන ලද අඩි 53ක උසකින් යුත් සුවිසල් පහන් කූඩුව නැරඹීමේ අවස්ථාව සියලු දෙනා වෙත උදා කර දී තිබුණි. බියගම R&R ගබඩා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙන මෙම සුවිශේෂී වෙසක් පහන් කූඩුව තට්ටු 8ක ගොඩනැගිල්ලක් තරම් උස වන අතර, පරිවාර වෙසක් කූඩු 120කින් සහ බල්බ 15,000කට වඩා වැඩි ප්‍රමාණයකින් අලංකාර විය. මෙහි කැරකෙන නිර්මාණයන් සහ විචිත්‍රවත් වර්ණ හේතුවෙන් ආකර්ෂණීය පහන් කූඩුවක් දැක ගැනීමට සියලු දෙනාට අවස්ථාව උදා විය.
මෙම වෙසක් කූඩුවේ ඇති විශේෂත්වය වුයේ ඒ පිටුපස ඇති ඇති සාමූහික කැපවීමයි. MAS Linea Intimo Dye House කණ්ඩායමේ මූලිකත්වයෙන් ඇරඹි මෙම නිර්මාණය සඳහා ආයතනයේ විවිධ අංශයන්හි සාමාජිකයින් එක්ව තිබීම විශේෂත්වයකි. නිර්මාණකරුවන්, විදුලි කාර්මිකයන්, ඉංජිනේරුවන් සහ වෙනත් සහායක කණ්ඩායම් මාස 8ක් තිස්සේ වැඩ මුරයෙන් පසු තමන්ගේ පෞද්ගලික කාලය මේ සඳහා කැප කරනු ලැබුවේ වෙසක් උත්සවයේ නියම අර්ථය ජනතාවට සමීප කිරීමේ අරමුණ පෙරදැරිකර ගනිමිනි.
විශිෂ්ට නිර්මාණයක් පමණක් නොව, සාමූහිකත්වයේ සහ කැපවීමේ ප්‍රතිඵලයක් වන මෙම සුවිසල් වෙසක් පහන් කූඩුව හුදෙක් පොදු අරමුණක් වෙනුවෙන් මිනිසුන් එකතු වූ විට කළ හැකි දේ මෙයින් මනාව පැහැදිලි විය. ජූනි 6 වන දින දක්වා බියගම MAS Linea Intimo R&R ගබඩා පරිශ්‍රයේ දී මෙය නොමිලේ ප්‍රදර්ශනය කෙරිණි.



