
දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ ඔවුන්ගේ ප්‍රධානතම වාර්ෂික සමුළුව වන “Ovation 2026”, මැයි 16 සහ 17 යන දිනවලදී කොළඹ ෂැංග්‍රිලා (Shangri-La) හෝටලයේ දී සාර්ථකව පැවැත්විය. “Tides of Transformation” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම දෙදින සමුළුව සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සන්නිවේදකයන්, නායකයන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, අධ්‍යාපනඥයන් ඇතුළු පුද්ගලයන් රැසක් එක්ව සිටියහ. මේ සඳහා සහභාගී වූවන් මෙම සමුළුව පිළිබඳ විස්තර කළේ මෑත වසරවලදී දුටු වඩාත්ම ශක්තිමත් සහ උද්යෝගිමත් හමුවක් බවයි.
ගෝලීය වශයෙන් ඉහළම කාර්යසාධනයක් සහිත දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් සමූහය ශ්‍රී ලංකාව, මාලදිවයින සහ බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපය නියෝජනය කරනු ලබයි. DTM මාරියෝ ද සිල්වා මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්වුණු Ovation 2026 සමුළුව සඳහා ප්‍රධාන තේමාව වූයේ සන්නිවේදනය, පුද්ගලික වර්ධනය සහ නායකත්වයේ විශිෂ්ටත්වය යන්නයි. මෙම සමුළුවේ ප්‍රධාන අනුග්‍රාහකත්වය Home Lands පුද්ගලික සමාගම විසින් සැපයූ අතර සම අනුග්‍රාහකත්වය Janatha Steels පුද්ගලික සමාගම, Nestlé පුද්ගලික සමාගම, Maliban Biscuit Manufactories පුද්ගලික සමාගම A J Medichem International පුද්ගලික සමාගම, New Anthoney’s Farms පුද්ගලික සමාගම, Jayes Investment පුද්ගලික සමාගම සහ Zorro Tapes පුද්ගලික සමාගම විසින් සපයන ලදී.
සමුළුව ආරම්භ වූයේ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති කේ. ආර්. රවීන්ද්‍රන් මහතාගේ ප්‍රධාන දේශනයෙනි. ඔහු එහිදී චරිතය කේන්ද්‍ර කරගත් නායකත්වය සහ වර්තමාන ලෝකයේ අවංකභාවයේ ඇති වැදගත්කම පිළිබඳව අදහස් දැක්වීය. ඉන් අනතුරුව, ප්‍රත්‍යස්ථතාව (Resilience) සහ මානසික ශක්තිය පිළිබඳව රසිනි බණ්ඩාර මහත්මිය ද, අව්‍යාජභාවය සහ අරමුණක් සහිත නායකත්වය පිළිබඳව මිෂෙල් ද සිල්වා මහත්මිය ද දේශන සිදු කරන ලදී. The Human Touch in a Digital Age යන තේමාව යටතේ පැවැත්වුණු සමූහ දේශනය සඳහා සනාලි කෞශල්‍යා, මෙවන් පීරිස් සහ සංජය ඇල්විටිගල මහතා ඇතුළු පිරිස සහභාගී විය. එය මෙහෙයවන ලද්දේ DTM ගයාත්‍රි ලියනගේ මහත්මිය විසිනි. එහිදී තාක්ෂණය මත පදනම් වූ ලෝකයක අනෙකාගේ හැඟීම් වටහා ගැනීම මත සිදුකෙරෙන නායකත්ව ගති ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
දෙවන දිනය ආරම්භ වූයේ බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සංගීත සුසංයෝගයක් වන භාතිය සහ සන්තුෂ් සමඟ පැවැත්වුණු සංවාදයකිනි. DTM කල්පනා ද සිල්වා මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම සාකච්ඡාවේදී පුද්ගලික සන්නාමකරණය (Personal branding), නැවත සොයාගැනීම් සහ ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක ප්රමුඛත්වයෙන් යුතුව රැඳී සිටීම ගැන අවධානය යොමු කෙරුණි. සමුළුව නිමාවට පත්වූයේ ස්ටෙෆනි සිරිවර්ධන මහත්මිය විසින් පවත්වන ලද “Every Tide – A Chance to Rise” නම් වූ ප්‍රධාන දේශනයෙනි. සමුළුවට සහභාගි වූවන් අමතමින් ඇය කියා සිටියේ, පුද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයේ ද සාධනීය පරිවර්තනයන් ඇති කරගනිමින් නව අවස්ථාවන් කරා යොමු විය යුතු බවයි.
Ovation 2026 සමුළුවේදී බොහෝ දෙනා මහත් උනන්දුවකින් හා බලාපොරොත්තු සහගතව බලා සිටි එක් සුවිශේෂී අංගයක් වූයේ, දිස්ත්‍රික්කයේ දක්ෂතම කථිකයන්ගේ කුසලතාවන් විදහා දැක්වුණු International Speech Contest සහ Table Topics Contest අවසන් මහා තරගයන්ය. ක්ෂණිකව මනා ව්‍යූහයකින් යුත් කථනයක් ඉදිරිපත් කිරීමේ කුසලතාවන් ද විදහා දක්වමින් Table Topics තරගයෙන් පළමු ස්ථානය දිනාල් එදිරිසිංහ ද, දෙවන ස්ථානය ෆර්හාස් ෆාරුක් ද, තෙවන ස්ථානය රිෂියෙන්තන් දීනබන්ධු ද දිනා ගනු ලැබීය. International Speech Contest තරගයෙන් රවී උඩුවෙල ප්‍රථම ස්ථානය දිනාගත් අතර, සනාරා ප්‍රේමරත්න දෙවන ස්ථානයත්, අෂින්සනී වීරසිංහ තෙවන ස්ථානයත් හිමිකර ගත්හ. රවී උඩුවෙල මහතා දැන් කලාපීය අර්ධ අවසන් පූර්ව වටය (Regional Quarterfinals) සඳහා සුදුසුකම් ලැබීය. එමඟින් ඔහුට World Championship of Public Speaking තරග අංශය වෙත පිවිසීමට හැකිවනු ඇත. මෙම සමුළුවේදී ටෝස්ට්මාස්ටර්ස් 2026/27 වසර සඳහා නව දිස්ත්‍රික් 82 නායකත්ව මණ්ඩලය නිල වශයෙන් පත් කිරීම ද සිදු විය. දිස්ත්‍රික් අධ්යක්ෂ භාතිය හෙට්ටිආරච්චි, වැඩසටහන් ගුණාත්මකභාවය පිළිබඳ අධ්යක්ෂ DTM පියකර ජයරත්න, සමාජ වර්ධන අධ්යක්ෂ DTM හිංග්ස්ටන් ලවෙල් සහ හිටපු ජාත්‍යන්තර සභාපති DTM බල්රාජ් අරුණාසලම් මහතා විසින් නිල වශයෙන් තනතුරුවල පිහිටුවන ලදී. මෙම සමුළුවේදී අධ්‍යාපනික විශිෂ්ටත්වය, මාර්ගෝපදේශනය (mentorship) සහ ටෝස්ට්මාස්ටර්ස් ව්‍යාපාරය වෙනුවෙන් දක්වන ලද දායකත්වය අගයමින් ප්‍රාදේශීය සමාජ (clubs) නායකයින් සහ සාමාජිකයින් ඇගයීමට ලක් කෙරිණි.
රැස්ව සිටි පිරිස අමතමින් දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ දිස්ත්‍රික් අධ්යක්ෂ DTM නිරෝෂන් නඩරාජා මහතා පැවසුවේ “පරිවර්තනයක් කියන දේ තනිවම සිදුවන්නක් නෙවෙයි. එය සිදුවන්නේ මිනිසුන් එකට එකතු වෙන්න, ඉගෙන ගන්න සහ එකිනෙකා ඔසවා තබන්න තීරණය කළ විටයි. 82 වන දිස්ත්‍රික්කය (District 82) සැමවිටම පෙනී සිටියේ ඒ වෙනුවෙනි. Ovation 2026 උත්සවය මගින් නැවත වරක් එය පෙන්වා දුන්නා,” යනුවෙනි.
විශ්වාසවන්ත සන්නිවේදකයින් සහ සාර්ථක නායකයින් බිහිකිරීම උදෙසා වන ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් සමූහයේ සදාතනික මෙහෙවර මෙන්ම, ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බට ප්‍රජාවන්ට සහ කර්මාන්ත කෙරෙහි දිගුකාලීන බලපෑම තවදුරටත් තහවුරු කරමින්, සුහද හමුවකින් සහ අන්‍යෝන්‍ය සබඳතා ගොඩනඟා ගැනීමකින් (fellowship and networking) යුතුව මෙම සමුළුව මෙසේ නිමාවට පත්විය.”
ටෝස්ට්මාස්ටර්ස් යනු ව්‍යූහගත ඉගෙනුම් මාර්ග (Pathways), කථන අවස්ථා සහ නිර්මාණාත්මක ප්‍රතිපෝෂණ (Feedback) මඟින් පුද්ගලයන්ගේ පොදු කථනය, සන්නිවේදනය සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන ගෝලීය ලාභ නොලබන සංවිධානයකි. මේ සඳහා සම්බන්ධ වීමට කැමති ඕනෑම අයෙකුට ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් නිල වෙබ් අඩවිය හරහා ප්‍රාදේශීය සමාජ (Club) පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. නව සාමාජිකයන් සැමවිටම සාදරයෙන් පිළිගනු ලැබේ.


