Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

SINGER

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර ඇත. මෙම එක් වීම තුළින් ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනා ගත් ප්‍රමුඛ වෙළඳ නාමයක් වන Singer රටේ විශාලම දේශීය e-commerce වේදිකාවක් වන Kaprukaහි ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් සමඟ එක් වී ගුණාත්මක නිෂ්පාදන දේශීය හා විදේශීය පාරිභෝගිකයන් වෙත වඩා පහසුවෙන් ළඟා කර දීමට අපේක්ෂා කරයි. මෙම නව සම්මුතිය යටතේ පාරිභෝගිකයන්ට Singer ප්‍රදර්ශනාගාරවලින් ගත හැකි නිෂ්පාදනම Kapruka වේදිකාව හරහා සෘජුව මිල දී ගැනීමේ හැකියාව ලැබේ. මෙම සහයෝගීතාව අනුව Kapruka වෙබ් අඩවියේ දක්වා ඇති සියලුම නිෂ්පාදන Singer ප්‍රදර්ශනාගාරවල මිලටම අලෙවි කරනු ලබයි. ඒ අනුව Online මිල වැඩි වීමක් නොමැතිව පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලට ගැනීමේ අවස්ථාව සැළසෙයි. මෙම සහයෝගීතාව Kaprukaහි විශාල පාරිභෝගික ජාලයටද වාසියක් සළසන අතර ලක්ෂ ගණනක විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම පවුල්වලට විශ්වාසනීය ලෙස ගෘහ භාණ්ඩ හා අත්‍යවශ්‍ය නිෂ්පාදන යැවීම පහසු කරයි. එමෙන්ම දේශීය පාරිභෝගිකයන්ටද නවීන තාක්ෂණික උපකරණ සහ ගෘහ භාණ්ඩ විශ්වාසයෙන් යුතුව මිල දී  ගැනීමට විශ්වාසනීය ඩිජිටල් වේදිකාවක් ලැබේ.



Kaprukaහි Partner Central ව්‍යාපෘතියේ ව්‍යපෘති නායිකා හිමාලි සිල්වා සඳහන් කළේ මෙම වේදිකාව නිර්මාණය කර ඇත්තේ ස්ථාපිත වෙළඳ නාමවලට විශාල ඩිජිටල් පාරිභෝගික පිරිසක් වෙත ළඟා වීමට සහාය වීමට බවත්, Singer වැනි ගෘහ නාමයක් මෙම වේදිකාවට එක් වීම Kaprukaහි ගුණාත්මක නිෂ්පාදන, විශිෂ්ට බෙදා හැරීම් ජාලය සහ පාරිභෝගික සේවා පිළිබඳ කැපවීම තව දුරටත් තහවුරු කරන බවත්ය. Kapruka කළමනාකරණ අධ්‍යක්ෂ දුලිත හේරත් මෙම එකතු වීම Kaprukaහි දේශීය වෙළඳ නාම වර්ධනයට සහාය වීමේ මෙහෙවරේ වැදගත් පියවරක් බව පැවසීය. Singer ශ්‍රී ලංකා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වජිර තෙන්නකෝන් සඳහන් කළේ පාරිභෝගික හැසිරීම් ඉක්මනින් ඩිජිටල් වේදිකා වෙත මාරු වෙමින් පවතින මෙම කාලයේ පාරිභෝගිකයන් සිටින ස්ථානවල Singer වෙළඳ නාමය පැවැතීම ඉතා වැදගත් බවත්, Kaprukaහි තාක්ෂණික වශයෙන් දියුණු වේදිකාව භාවිතා කිරීමෙන් Singer නිෂ්පාදන රට පුරා වේගයෙන් සහ කාර්යක්ෂමව බෙදා හැරීමට හැකි වන බවත්, දශක ගණනාවක් පුරා ගොඩ නගා ඇති විශ්වාසය සහ සේවා ගුණාත්මකභාවය රැක ගෙන නව ඩිජිටල් පාරිභෝගික පදනමක් වෙත ළඟා වීමට අවස්ථාව ලැබෙන බවත්ය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව