
2026 මාර්තු 05: Haleon Lanka සමාගම Panadol , Iodex , Eno වැනි ප්‍රමුඛපෙලේ සන්නාම රැසක් නිපදවනු ලබන 1956 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පළමු බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගම වේ. මින් පෙර Haleon සමාගම GlaxoSmithKline Healthcare යන නමින් හැදින්විය. 2026 මාර්තු 20 වන දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ අඛණ්ඩව දෙවන වසරටත් අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබන්නට Haleon සමාගම 2026 මාර්තු 4වන බදාදා දින කටයුතු කරනු ලැබීය. මෙම වසරේ ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ ගෝලීය තේමාව වන්නේ ‘ප්‍රීතිමත් මුවක්… ප්‍රීතිමත් ජීවිතයක්’ යන්නයි. මෙම තේමාව, සමස්ත ශාරීරික සෞඛ්‍යයට සහ සතුට පිරි සුවපත් ජීවිතයක් උදෙසා මුඛ සෞඛ්‍යයේ ඇති වැදගත්කම අවධාරණය කරයි.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සහ Sensodyne සන්නාමය ඔබ වෙත ගෙන එන Haleon සමාගමේ මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වන්නේ, ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීමේ සාම්ප්‍රදායික ක්රමයේ වෙනසක් ඇති කිරීම වන අතර, මෙම ගිවිසුම මඟින් “#BeSensitiveToOralHealth: Take the first step” යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දියත් කිරීමට ද කටයුතු යොදා ඇත. මාසයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාවේදී, සාම්ප්‍රදායික සහ ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ සිදු කෙරෙන විවිධ ප්‍රචාරණ වැඩසටහන් තුළින් ජනතාව දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇති අතර, සෑම පුද්ගලයෙකුටම තම මුඛ සෞඛ්‍යය සඳහා ප්‍රමුඛතාවය දීමට උනන්දු කිරීම මෙහි අරමුණයි. මෙම සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාව පුරා මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමටත්, දන්ත සත්කාර සඳහා ඇති අවස්ථාවන් පුළුල් කිරීම සඳහාත් දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වේ.
Haleon සහ SLDA අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස රට පුරා වෙසෙන ජනතාවට වඩාත් ඵලදායී සෞඛ්‍ය ප්රතිලාභ ලබා දීම සඳහා දැනුවත්භාවය වැඩි කිරීමට කටයුතු කරන අතර, ශ්‍රී ලාංකිකයින් 10,000කට වඩා ප්රතිලාභ සැලසෙන අයුරින් දිවයින පුරා නොමිලේ දන්ත පරීක්ෂණ පහසුකම් ලබා දීමට ද සැලසුම් කොට ඇත.
මාර්තු 20වන දිනට යෙදී ඇති ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරුම, ජාතික උත්සවයක් ලෙස කොළඹ ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත අතර, එය වැඩසටහනේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාත්මක වනු ඇත. යහපත් මුඛ සෞඛ්‍ය පිළිවෙත් ගැන මහජන අවබෝධය වැඩි කිරීම සඳහා නොමිලේ දන්ත පරීක්ෂණ, මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම් , දන්ත සංවේදීතාව පිළිබඳ දැනුවත් කිරීම් සහ දන්ත සංවේදීතා පරීක්ෂණ ආදිය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
දිවයින පුරා ජනතාවට ගුණාත්මක දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම සඳහා මෙම ජාතික මට්ටමේ සෞඛ්‍ය වැඩසටහනට සියලුම SLDA සාමාජිකයින් ද ක්‍රියාකාරීව සහභාගී වීමට නියමිතය.
Sensodyne සන්නාමයේ නිෂ්පාදකයන් වන Haleon සමාගම සහ SLDA අතර ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය තුළින් මුඛ සෞඛ්‍ය පිළිබඳ ඉහළ දැනුවත්භාවයක් ජනතාව තුළ ඇති කිරීම සහ මුඛ රෝග නිවාරණය සඳහා පහසුකම් සැපයීමට අපේක්ෂා කරන අතර, මෙය ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍ය සේවාවන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීමට දෙපාර්ශවයේ ඇති කැපවීමට මනා නිදසුනකි.
Haleon සමාගමේ ප්‍රධානතම නිෂ්පාදනයක් වන Sensodyne දන්ත සංවේදීතාව සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන දන්තාලේපයකි. බොහෝමයක් ශ්‍රී ලාංකිකයින්ට බලපා ඇති ගැටලුවක් වන දන්ත සංවේදීතාව පිළිබඳ ගැටලු විසඳීමටත්, මුඛ සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය සහ ප්රවේශයන් වැඩි කිරීම සඳහාත් මෙම හවුල්කාරීත්වය ඉවහල් වනු ඇත.
මුඛ සෞඛ්‍යය පිළිබඳ උනන්දු වෙමින්, යහපත් මුඛ පිළිවෙත් සඳහා පළමු පියවර තැබීමට Sensodyne සියලු ශ්‍රී ලාංකිකයින්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කරයි


