Eagle Bath Ware පළමු ප්‍රදර්ශනාගාරය ඇඹිලිපිටියේදී විවෘත වේ

A (LBN)

ඊගල් සමුහ ව්‍යාපාරයට අනුබද්ධ Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගමේ පළමු සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් හා ටයිල් ප්‍රදර්ශනාගාරය Eagle Bath Ware නමින් ඇඹිලිපිටිය නගරයේදී විවෘත විය. ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටි මෙම ප්‍රදර්ශනාගාරයෙන් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවලට හා මුදලට ගැළැපෙන පරිදි ඉහළ ප්‍රමිතියෙන් සපිරි විවිධ මාදිලිවල නාන කාමර කට්ටල, ටයිල් (Floor & Wall), ටයිල් මෝටාර්, පොටි හා අනෙකුත් නාන කාමර උපාංග වගකීමක් සහිතව මිල දී ගැනීමට හැකිය. නිවාස, කාර්යාල, ව්‍යාපාර ආයතන, හෝටල් ඇතුළු සියලු ඉදි කිරිම්වලට අවශ්‍ය බොහෝ දෑ එකම වහලක් යටින් මිල දී ගැනීමේ අවස්ථාව මෙම ප්‍රදර්ශනාගාරයට පැමිණෙන පාරිභෝගිකයන්ට ලැබේ.




1960 දශකයේදී සීමන් පෙරේරා මහතා ඇඹිලිපිටිය කේන්ද්‍ර කර ගෙන ඇරැඹූ Embilipitiya Stores Tool & Ceramic Manufacturing සමාගම පසුගිය දශක හය පුරා මෙරට ඉදි කිරිම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සැපැයුම්කරුවෙකු ලෙස ඉදිරියට පැමිණෙමින් වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ උදයනාත් පෙරේරා මහතාගේ මඟ පෙන්වීම යටතේ සමුහ ව්‍යාපාරයක් වී ඇත. එම සමාගම වසර 25ක වගකීමක් සහිත දේශීය සෙරමික් නිෂ්පාදන හා ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත්  කරයි. වසර 65ක් පුරා සුහදශීලී සේවාවක් සපයමින් පාරිභෝගිකයන්ගේ විශ්වාසනීය සනීපාරක්ෂක නිපැයුම් සන්නාමයක් හා තෝරා ගැනීමක් බවට Eagle Bath Ware පත් වී ඇත. මේ වන විට ඔවුන් කෘෂිකර්ම සහ නිවාඩු නිකේතන වැනි ක්ෂේත්‍ර රැසක සිය ව්‍යාපාර ව්‍යාප්ත කර තිබේ. ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශ රැසක කර්මාන්ත ශාලා අරඹා රැකියා රැසක් නිර්මාණය කර ඇති ඊගල් සමුහ ව්‍යාපාරය මෙරට ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වන අතර නුදුරු අනාගතයේදී දිවයින පුරා Eagle Bath Ware ප්‍රදර්ශනාගාර විවෘත කරමින් පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් සැපැයීමට සූදානමින් සිටියි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව