INSEE සිමෙන්ති 2026 ව්‍යාපාර සහකරු සම්මාන උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ව්‍යාපාර හවුල්කරුවන්ට ඇගයුම් පිරිනැමේ

936.JPG - Edited (LBN)

ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගමේ 2026 INSEE ව්‍යාපාර සහකරු සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් කොළඹ ITC රත්නදීප හිදී පසුගියදා පවත්වන ලද අතර, මෙහිදී INSEE සිමෙන්ති හා අත්වැල් බැඳගත් කැපී පෙනෙන ව්‍යාපාරික හවුල්කරුවන් වෙත ගෞරව සම්මාන පුද කරනු ලැබීය.




මෙම වසරේ INSEE සිමෙන්ති තේමාව වන “අනාගත ආධිපත්‍යය”, INSEE සිමෙන්ති සමාගමේ ඉදිරි දැක්ම පිළිබඳ වැඩපිළිවෙළ සහ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ ඇති හවුල්කාරිත්වයේ ශක්තිය පිළිබිඹු කරනු ලැබීය. මෙය තේමාවකට වඩා, පැහැදිලි අරමුණක් නියෝජනය කරන දැක්මකි. අභියෝග මධ්‍යයේ නිර්භීතව නායකත්වය දීමට, ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීමට සහ විශ්වාසයෙන් ඉදිරියට යාමට සමාගම දක්වන කැපවීම මෙමඟින් මැනවින් පිළිබිඹු විය. අඛණ්ඩ නවෝත්පාදනය, අනුවර්තනය වීමේ හැකියාව සහ වෙළඳපල නායකත්වය තුළින්, INSEE සිමෙන්ති, සිය හවුල්කරුවන් සමඟ එක්ව, ශක්තිය, විශිෂ්ටත්වය සහ කල් පවතින නායකත්වය පිළිබඳ ක්ෂේත්‍රයේ නව මිනුම් සලකුණු තබමින්, මෙරට ඉදිකිරීම් සහ ගොඩනැඟිලි ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන්නට අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

මෙම සම්මාන උළෙල INSEE සිමෙන්ති සමාගමේ සිල්ලර ව්‍යාපාරික හවුල්කරුවන්ගේ සුවිශේෂී දායකත්වය ඇගයීම වෙනුවෙන් පවත්වන ලද අතර, ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම සමාගමේ අඛණ්ඩ වර්ධනයට සහ වෙළඳපොළ නායකත්වයට උපකාරී වී ඇත. දිවයින පුරා සිටින සමාගමේ සිල්ලර හවුල්කරුවන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ අගය කිරීම හා දිරි ගැන්වීම මෙහිදී සිදු විය. සමාගමේ ප්‍රමුඛතම සන්නාම දෙක වන සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් හි කැපී පෙනෙන දායකත්වය ඉස්මතු කරමින්, සිල්ලර වෙළඳාම තුළ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා සන්නාමයේ තීරණාත්මක කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරමින් සම්මාන ප්‍රදානය සිදු කරන ලදී.

INSEE හවුල්කරුවන්ගේ වර්ධන වන හැකියාවන් සහ තරගකාරී වාසි පෙන්නුම් කරමින්, ඔවුන්ගේ කැපී පෙනෙන කාර්යසාධනය සහ විශිෂ්ටත්වය සඳහා දැක්වූ කැපවීම වෙනුවෙන්, කොට්ටාව ළහිරු එන්ටර්ප්‍රයිසස්/R.W. හෝල්ඩින් ආයතනය INSEE වසරේ ව්‍යාපාරික සහකරු සම්මානය දිනාගන්නා ලදී.

විශේෂ ජාතික කාණ්ඩ යටතේ, අම්පාරේ ජස්රා හාඩ්වෙයාර් ඉහළම වාර්ෂික වර්ධනයක් අත්කර ගැනීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර, පිළිමතලාව නිව් සෙන්ට්‍රල් හාඩ්වෙයාර් ඉහළම අලෙවියක් වාර්තා කළ ජයග්‍රාහකයාට හිමි සම්මානය දිනා ගත්තේය. මෙම සාර්ථකත්වයන් සියල්ල INSEE සමාගමේ ව්‍යාපාරික හවුල්කාර ජාලය තුළ වර්ධනය සහ දියුණුව සඳහා ඇති අවස්ථා පෙන්නුම් කරයි. පුළුල් ආධාරක වැඩපිළිවෙළ මෙන්ම සහයෝගීතා අවස්ථා හරහා අන්‍යෝන්‍ය වර්ධනයත්, සාර්ථකත්වය මෙහෙයවන ශක්තිමත් හවුල්කාරිත්වයන් ගොඩනැගීම සඳහා INSEE හි කැපවීමත් මෙම සම්මාන උළෙලේදී ඉස්මතු විය.

“INSEE සිමෙන්ති සමාගමේ සාර්ථකත්වයේ හදවත වන්නේ අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් ජාලයයි. INSEE ව්‍යාපාර සහකරු සම්මාන උළෙල මගින් ඔවුන්ගේ කැපී පෙනෙන කාර්යසාධනය පමණක් නොව, අපගේ අඛණ්ඩ වර්ධනය සහ වෙළඳපල නායකත්වය මෙහෙයවන සහයෝගීතාවයේ ශක්තියත්, සාමූහික අරමුණුත් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය හැඩගස්වමින්, නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාමට මෙන්ම ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ නව මිණුම් සලකුණු තැබීමට අප සියලු දෙනා එක්ව කැපවී කටයතු කරමු.” යනුවෙන් INSEE Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු තුසිත් සී. ගුණවර්ණසූරිය මහතා පැවසීය.

INSEE සිමෙන්ති සමාගම, සිමෙන්ති සහ ගොඩනැගිලි ද්‍රව්‍ය රැසකින් සමන්විත පුළුල් පරාසයක් සමඟ ගොඩනැඟිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටින අතර, ඒ අතර ඉහළ ඉල්ලුමක් ඇති INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් සිමෙන්ති සන්නාම ද වේ. සමාගමේ ශක්තිමත් වෘත්තීය කණ්ඩායම, දේශීය ඉදිකිරීම් කර්මාන්තය ඉහළ කාර්යසාධනයක් සහිත, පරිසර හිතකාමී සහ අනාගතයට ඔබින ඉදිකිරීම් සඳහා කැපවී සිටින අතර, හවුල්කරුවන්ට වෙළඳපොලේ තිරසාර වර්ධන අවස්ථා සහ තරඟකාරී වාසි ද නිරන්තරයෙන් පිරිනමනු ලබයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව