
ඉන්දියානු සාගර කලාපය කේන්ද්‍රකරගත් ප්‍රමුඛතම හෝටල් සමූහයක්වන Sun Siyam සමූහයේ නව සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දීපක් බූනෙඩි මහතා පසුගියදා නම්කෙරිණි. මෙම නව පත්වීම තුළින් සමූහයේ දිගුකාලීන වර්ධනය, සන්නාම දියුණුව සහ නායකත්වය තවදුරටත් වර්ධනය වනු ඇත.
Sun Siyam Resorts හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මෙතෙක් සේවය කළ දීපක් බූනෙඩි මහතා, Sun Siyam සමූහයේ මෑතකාලීන ව්‍යාපාර පරිවර්තනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුනි. විශේෂයෙන්ම සන්නාම ප්‍රතිස්ථාපනය, සංචාරක අත්දැකීම් නව්‍යකරණය සහ සෙසු ක්‍රමෝපායික වැඩසටහන් දියුණු කිරීම ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ ඔහුගේ දායකත්වය කැපීපෙනුණු අතර, Sun Siyam සමූහය සුඛෝපභෝගී ගෝලීය සන්නාමයක් ලෙස ඔසවා තැබීමට සමත්විය.
තව ද ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිහිටි Sun Siyam Resorts විශේෂ දියුණුවක් අත්කරගත් අතර, ජාත්‍යන්තර නමක් දිනාගැනීමට ද, විදෙස් සංචාරක ඉල්ලුම වර්ධනය කරගැනීමට ද හැකිවිය. ඔහුගේ නායකත්වයේ තවත් විශේෂත්වයක් වන්නේ සේවකයින්, සංස්කෘතිය සහ කුසලතා සංවර්ධනයට ඇති කැපවීමයි. සමාගමේ දිගුකාලීන වර්ධනයේ පදනම ලෙස ඔහු දකින්නේ උසස් කාර්යසාධන මට්ටමක් ඇති සේවකයින් නිර්මාණය කිරීම හා සවිබලගැන්වීම යි.
සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දීපක් බූනෙඩි මහතා සමස්ත Sun Siyam සමූහයේම ක්‍රමෝපායික වර්ධනය, දිගුකාලීන සන්නාම සංවර්ධනය සහ සමූහ ව්‍යාපාර අංශවල අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ඇත. එමෙන්ම නව ව්‍යාපාර සංකල්ප සහ වෙළෙඳපොළවල් නිර්මාණය කිරීම ද ඔහුගේ වගකීම් අතර වේ.
″Sun Siyam සමූහය ගොඩනැඟී ඇත්තේම සේවකයින් සවිබලගැන්වීමත්
සහ ව්‍යාපාර අරමුණු ජයගැනීමත්, ආදරය හා රැකවරණය මුසුවුණු ආගන්තුක සත්කාරයක් අපගේ පාරිභෝගිකයින්ට පිරිනැමීමත් කේන්ද්‍රකරගනිමිනුයි. එම ගමන්මඟ තුළ දීපක් අපට ලබාදුන් දායකත්වය අති මහත්. ඔහු පැහැදිලි ක්‍රමෝපායක් ඇති, අවංක මෙන්ම අපගේ සේවකයින් සහ සංස්කෘතිය කෙරෙහි සැබෑ ගෞරවයක් ප්‍රකට කරවන නායකත්ව භූමිකාවකට පණපොවනවා. මෙම නව පත්වීම හරහාත්, ශක්තිමත් සහ සහයෝගී නායකත්වයකට අප තුළ ඇති අවධානයත්, ඔහු කෙරෙහි අප සතු විශ්වාසයත් පෙන්නුම් කෙරෙනවා. ඔහුගේ නව පත්වීම ගැන මම ආඩම්බරයට පත්වන අතරම, ඔහු හා එක්ව Sun Siyam සමූහය තුළ තවත් නව ජයග්‍රහණ අත්කරගැනීමට බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් Sun Siyam සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අහමඩ් සියාම් මොහොමඩ් මහතා පැවසුවේය.
මාලදිවයිනේ වැඩිම ගෞරවයට පාත්‍ර වූ විසල් දැක්මක් ඇති ව්‍යාපාර නායකයෙකුවන අහමඩ් සියාම් මොහොමඩ් මහතා විසින් ආරම්භ කරන ලද Sun Siyam සමූහය දශක තුනකට වැඩි කාලයක් පුරා පළපුරුදු නායකත්වයක්, ශක්තියක් සහ අඛණ්ඩ කැපවීමක් සමඟ සංචාරක කර්මාන්තයට ලබාදී ඇති දායකත්වය දැවැන්ත වේ. ආරම්භයේ පටන්ම, හෝටල් කළමනාකරණය පිළිබඳ විශේෂඥතාවකින් කටයුතුකළ Sun Siyam සමූහය, සංචාරක අත්දැකීම් පිරිනැමීමේදීත් ඉහළ තලයක පසුවෙයි. අද වනවිට Sun Siyam යනු මාලදිවයිනේ ප්‍රමුඛතම සංචාරක සේවා සපයන්නෙක්වන අතර, සංචාරක හෝටල්වලට අමතරව, සංචාරක ප්‍රවාහන, ඉදිකිරීම්, මාධ්‍ය සහ තිරසර ව්‍යාපෘති ආදී ක්ෂේත්‍ර ගණනාවකට පැතිරී ඇත.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ක්‍රියාත්මකවන සහ යුරෝපය, ආසියානු පැසිෆික් කලාපය, මැදපෙරදිග, ආසියාව සහ අමෙරිකානු කලාපය ආදී ලොව පුරා කාර්යාල සහ නියෝජිතායතන පවත්වාගෙන යන Sun Siyam සමූහය, Luxury, Privé, සහ Lifestyle ලෙස හෝටල් කාණ්ඩ තුනක් හඳුන්වාදී තිබේ.
Sun Siyam සමූහය සිය සන්නාම වර්ධනය කරගැනීමට කටයුතු කරන සහ නව රෙසෝට් සංකල්ප වෙත ආයෝජනය කරන මෙන්ම තිරසර වර්ධන ක්ෂේත්‍ර දෙස අවධානය යොමුකරන මෙවන් මොහොතක දීපක් බූනෙඩි මහතාගේ නව පත්වීම අතිශය වැදගත්කමක් උසුළයි.


