Melwa දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරයි

A (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් වූ පාසල් දරුවන් සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදා දී තිබේ. මධ්‍යම, ඌව, උතුරු මැද, සබරගමුව, වයඹ, සහ නැගෙනහිර ඇතුළු පළාත් රැසක ජීවත් වන පවුල් විශාල සංඛ්‍යාවක් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් විය. එවැනි පවුල්වල දරුවන්ගේ පොත් සහ අනෙකුත් පාසල් උපකරණ ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශ වූ අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කර ගෙන යාමට අවස්ථාව සැළැසීමේ අරමුණෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.



නිරන්තරයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය සංවර්ධන වැනි ක්ෂේත්‍ර ඉලක්ක කර ගත් සමාජ සේවා ව්‍යාපෘති දියත් කරන Melwa සමාගම සඳහන් කළේ ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් තුළින් රටේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් සැපැයීමට සහාය වීමට බලාපොරොත්තු වන බවයි. ඒ හරහා දැනුමෙන් සහ කුසලතාවලින් පරිපූර්ණ ප්‍රජාවක් බිහි කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ වේ. වර්තමානයේදී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති Melwa සමාගම 2003 වසරේදී ආරම්භ විය. මෙරට විශාලම වානේ නිෂ්පාදකයා වන ඔවුන් රී බාර්, ෆ්ලැට් අයන්, ඈන්ගල් අයන්, වයර් රොඩ්, ගැල්වනයිස් කරන ලද හොලෝ සහ පයිප්ප, පර්ලින්, වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්, ජිප්සම් බෝඩ්, ප්ලයිවුඩ්, පිත්තල සරනේරු ඇතුළු නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. රට පුරා ඉදි කිරීම් සහ වෙනත් ආශ්‍රිත කර්මාන්ත අවශ්‍යතා සඳහා එම නිෂ්පාදන යොදා ගැනේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව