හිරාන් අබේසේකර රංගනයෙන් දායක වන, National Theatre Live නිෂ්පාදනයක් වන හැම්ලට් විශේෂ දර්ශන වාරයක්, Ceylon Theatres සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ව සංවිධාන කරයි

SMITH_DUSHAN..

එක්සත් රාජධානියේ වඩාත් කීර්තිමත්ම නාට්‍ය නිෂ්පාදනයක ශ්‍රී ලාංකික නළුවෙකු ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නිර්මාණයක් බැවින්, මෙම ප්‍රදර්ශනය ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි.  

කොළඹ, ශ්‍රී ලංකාව: බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ හවුල්කාරිත්වයෙන් Ceylon Theatres Limited විසින්, හිරාන් අබේසේකර රංගනයෙන් දායක වන, ආසියාවේ ප්‍රථම, National Theatre (NT) Live හි හැම්ලට් නාට්‍යය  ප්‍රදර්ශනය පවත්වන්නට කටයුතු යොදා ඇති බව සාඩම්බරයෙන් යුතුව දන්වා සිටියි. මෙහි ප්‍රථම ප්‍රදර්ශනය ජනවාරි 25 ඉරිදා සවස 5.30ට දෙමටගොඩ (කොළඹ 09) රීගල් සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකික නළුවකු වන හිරාන් අබේසේකර මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර National Theatre නිෂ්පාදනයක හැම්ලට් ලෙස රඟපෑ පළමු ආසියාතික නළුවා වන්නේ ද හිරාන් වීම විශේෂත්වයකි.



ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් සඳහා, මෙම ප්‍රදර්ශනය සුවිශේෂී අවස්ථාවක් වනු නොඅනුමානය. නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීම, ලෝක මට්ටමේ සංස්කෘතියට විවෘත වීම සහ නාට්‍ය හා නිර්මාණාත්මක කලාවන් හරහා ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පුළුල්, මානව සම්බන්ධතා ගොඩනැඟීම සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලය ගෙන යන දිගුකාලීන කැපවීමට ද මෙම උත්සාහය මනා නිදසුනකි. මෙහි මංගල දර්ශනය නැරඹීම සඳහා, බ්‍රිතාන්‍ය කවුන්සිලය, සමස්ත ලංකා අන්තර් පාසල් ෂේක්ස්පියර් නාට්‍ය තරඟයේ ජයග්‍රාහකයින්ට සහ අනුශූරයන්ට, නාට්‍ය ගුරුවරුන්ට සහ විශ්වවිද්‍යාල මට්ටමේ නළු නිළියන්ට සහභාගී වන ලෙස ගෞරවයෙන් යුතුව ආරාධනා කරයි.

“ජාත්‍යන්තර මට්ටමේ නාට්‍ය කලාව සහ ලෝක වේදිකාවේ ශ්‍රී ලාංකික කලාකරුවෙකුගේ විශිෂ්ට නියෝජනය යන කරුණු දෙකම සමරමින්, NT Live නිෂ්පාදනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වෙත පිරිනමමින් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා.” යනුවෙන් Ceylon Theatres ප්‍රකාශකයෙක් පැවසීය.

“මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක කුසලතාවන්ට සහාය වීම සහ ශ්‍රී ලංකාවත් එක්සත් රාජධානියත් අතර පවත්නා දිගුකාලීන සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමටත් බ්‍රිතාන්‍ය කවුන්සිලය ගෙනයන කැපවීම මෙමඟින් මනාව පිළිබිඹු වෙනවා. NT Live වැනි නව ආකාරයේ ආකෘති සමඟ විශිෂ්ට කලා නිර්මාණ ඒකාබද්ධ කිරීමෙන් වඩාත් සංස්කෘතික රසවින්දනය සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමටත්, නිර්මාණ පාදක කරගත් ආර්ථිකය ශක්තිමත් කිරීමත් අපගේ අරමුණයි.” යනුවෙන් ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දේශීය අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් පැවසීය.

නිෂ්පාදනය සහ ප්‍රධාන නළුවා

National Theatre විසින් නිෂ්පාදනය කළ මෙම හැම්ලට් නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ හිරාන් අබේසේකර විසිනි. ෂේක්ස්පියර්ගේ රචනයක් වූ මෙහි එන කුමාරයාගේ සංකීර්ණ චරිතය නිරූපණය කිරීමේලා හිරාන් විසින් පෙන්නුම් කරන සියුම් රංගන හැකියාව කැපී පෙනෙන දක්ෂතාවයක් ලෙස බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වූ නිරූපණයකි.

හිරාන් අබේසේකරගේ කතාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් සමඟ ඉතා තදින් සමීප වන්නකි. ශ්‍රී ලංකාවේ මුල් කාලීන රංග කලා පුහුණුවකින් පසු, ඔහු ශිෂ්‍යත්වයක් ලබා එක්සත් රාජධානිය වෙත ගියේ රාජකීය නාට්‍ය කලා ඇකඩමියේ (RADA) අධ්‍යාපනය ලැබීම සඳහාය. එය ඔහුගේ ජීවිතයේ පරිවර්තනීය අවස්ථාවක් විය. එතැන් සිට, ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ National Theatre මෙන්ම West End වැනි වඩාත් කීර්තිමත් නාට්‍ය නිෂ්පාදන සමාගම් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව හිමි වී ඇත. ඔහුගේ වෘත්තීය ගමන්මඟ, දක්ෂතා තුළින් අවස්ථාව ලබා ගැනීම, නිසි උපදේශකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ඒකාබද්ධ කිරීම තුළින් කළ හැකි දේ පිළිබඳ මනා නිදසුනකි.

කුසලතා, සංස්කෘතිය සහ අවස්ථාවන් සම්බන්ධ කිරීමේ මෙහෙවර තුළ බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ Ceylon Theatres කාර්යභාරය

බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ Ceylon Theatres, NT Live ශ්‍රී ලංකාවට ගෙන ඒමේ තුළින් දේශීය ප්‍රේක්ෂකයින් සඳහා නව සංස්කෘතික අත්දැකීමක් තිළිණ කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම NT සජීවී ප්‍රදර්ශනය වූයේ හිරාන් අබේසේකර රංගනයෙන් දායක වූ Life of Pi නිෂ්පාදනයයි. එය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් විසින්, කොළඹ සිනමා ශාලාවකදී, NT Live නිෂ්පාදනයක විචිත්‍රවත් බව අත්විඳි පළමු ඓතිහාසික මොහොත විය.

හිරාන් අබේසේකර නැවත වරක් 2026 වසරේ පළමු NT Live ඉදිරිපත් කිරීම තුළින් ශ්‍රී ලාංකික සිනමා තිරයේ පෙනී සිටින අතර, ඔහුගේ කලාත්මක ගමන සහ ශ්‍රී ලංකාවේ NT Live ප්‍රේක්ෂකාගාරයේ වර්ධනය අතර පවතින දිගු කාලීන බැඳීම ශක්තිමත් කරයි. NT Live වැනි නව ආකෘතියක වේදිකා නාට්‍යය නිර්මාණයක් හරහා, බ්‍රිතාන්‍ය කවුන්සිලය ගෝලීය නාට්‍ය අත්දැකීම් මෙරට දේශීය ප්‍රේක්ෂකයින් වෙත ගෙන තිළිණ කරන්නට දිගටම කටයුතු කරමින් සිටියි.

ප්‍රදර්ශනය කරන දිනයන්, ස්ථාන සහ ප්‍රවේශපත්‍ර පිළිබඳ වැඩිදුර තොරතුරු Ceylon Theatres වෙබ් අඩවියෙන් සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ Instagram පිටුවෙන් www.instagram.com/britishcouncilsrilanka/ වෙතින් හෝ 0766192370 අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.

සංස්කාරක සටහන්

හිරාන් අබේසේකර
• රාජකීය නාට්‍ය කලා ඇකඩමියේ (RADA) ශිෂ්‍යත්වයක් හදාරන්නෙකි
• National Theatre සහ වෙනත් West End නිෂ්පාදනවලට දායකත්වය දක්වා ඇත
• National Theatre කලාකරුවන්ගේ තොරතුරු අඩවිය හරහා වැඩි විස්තර දැනගත හැකිය

ශ්‍රී ලංකාවේ නිර්මාණ ආර්ථිකය
• බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පර්යේෂණවලින් පෙනී ගොස් ඇති අන්දමට නිර්මාණ ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිත දායකත්වය වසර හතරක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 433.62 සිට ඇමරිකානු ඩොලර් මිලියන 845.41 දක්වා වර්ධනය වී ඇත. එය 95%ක වැඩිවීමක් වන අතර එම අංශයේ වේගවත් ව්‍යාප්තිය සහ ආර්ථික හැකියාව පෙන්නුම් කරයි.

එක්සත් රාජධානියේ නිර්මාණ ආර්ථිකය : වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට අදාළ 2024 වර්ෂයේ දත්ත

  • ලන්ඩනයේ West End නැරඹීමට මිලියන 17.1ක් සහභාගී වූ අතර එය ප්‍රිමියර් ලීග් පාපන්දු නැරඹීමට පැමිණි පිරිසට වඩා මිලියන 2.5ක වැඩි ප්‍රමාණයකි.
  • වාර්ෂික රඟහල පිරිවැටුම පවුම් බිලියන 4.4 දක්වා ළඟා වූ අතර, එක්සත් රාජධානියේ ආර්ථිකයට දළ වශයෙන් පවුම් බිලියන 2.39ක දායකත්වයක් ලබා දීමට සමත් විය.
  • මෙම අංශය රට පුරා රැකියා 205,000ක් සඳහා සහාය වේ.
  • ලන්ඩනයට පැමිණෙන සෑම ජාත්‍යන්තර සංචාරකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු West End ප්‍රසංගයකට සහභාගී වන අතර, එය සංස්කෘතික සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් එම රංග ශාලාවේ වැදගත්කම අවධාරණය කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව