වොන්ලන් ලංකා ජනාධිපති පරිසර රන් සම්මාන දිනයි

MAIM IMAGE (LBN)

මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කළ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී CIB කාණ්ඩයේ රන් සම්මානය යටියන්තොට වොන්ලාන් ලංකා පෞද්ගලික සමාගමට හිමි විය. ඒ පොදු අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රතිචක්‍රියකරණය මගින් නිෂ්පාදන කිහිපයක් බිහි කිරීම වෙනුවෙනි. අදාළ සම්මාන ජනාධිපතිවරයා විසින් පිරිනමන ලදී.

නව නිපැයුම් තුළින් පොහොසත් ශ්‍රී ලංකාවක් යන දැක්ම ඔස්සේ කටයුතු කරන වොන්ලාන් ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආනන්ද විතානගේ මහතා නව නිපැයුම් රැසක් සිදු කර පේටන්ට් බලපත්‍ර කිහිපයක් හිමි කර ගෙන ඇති සුවිශේෂ නිර්මාණකරුවෙකි. සම්මාන රැසක් දිනා ඇති වොන්ලාන් ලංකා සමාගම ග්‍රීස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස ISO තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකයෙන්ද පිදුම් ලබා MOULDLUBE ග්‍රීස් නමින් GOLD ග්‍රීස් හා BLUE ග්‍රීස් රට පුරා බෙදා හරිමින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. 2024 කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ටම ජාතික සන්නාමයට හිමි රන් සම්මානය MOULDLUBE ග්‍රීස් සන්නාමයට හිමි වීම සමාගමේ ගෞරවයට හා අභිමානයට හේතු විය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව