විශිෂ්ටතම සියැට් කැලණි අලෙවි නියෝජිතයින්ට සමාගමෙන් දර්ශනීය ස්විට්සර්ලන්ත සංචාරයක්

Switzerland dealer tour (LBN)

අලෙවි නියෝජිතයන් ඇගයීමේ සීමාවන් තව තවත් ඉහළ නංවමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම හොඳම කාර්යසාධනය පෙන්වූ අලෙවි නියෝජිතයින් සඳහා ස්විට්සර්ලන්තයේ අමතක නොවන සංචාරක අත්දැකීමක් පිරිනමා ඇත. මෙය සමාගමේ ස්ථර තුනකින් පිරිනමන  “Travel with CEAT” වැඩසටහනේ ඉහළ ම ප්‍රදානයයි.

නිර්දේශිත කාලයක් සඳහා නියම කර ඇති විකුණුම් ඉලක්ක සපුරා ගත් හෝ ඉක්මවා ගිය අලෙවිකරුවන්ට රාත්‍රීන් හයක් සහ දින හතක් පුරාවට යුරෝපයේ අපූර්වතම ගමනාන්ත කිහිපයක් හරහා දිවෙන සංචාරයකට අවස්ථාව හිමි විය.




සූරික් වලින් ආරම්භ කරමින් පසුව ලූසර්න්, ඉන්ටර්ලාකන්, ග්‍රින්ඩල්වෝල්ඩ්, මොන්ට්‍රෙයෝ, සර්මැට් සහ ජිනීවා හි විශ්මයජනක කඳුකරය හරහා ගමන් කළ මෙම සංචාරය තුළින් වික්‍රමාන්විත බව, දර්ශනීය බව හා ස්විස් සංස්කෘතියේ විචිත්‍රවත් බව කැටි වූ සජීවී අත්දැකීම් රැසක් ලැබුනි. සියැට් සන්නාමය තුළ ගැබ් ව ඇති විශිෂ්ටත්වය මනාව ප්‍රතිරාවය කරමින් මෙම චාරිකාව තුළින් ස්විට්සර්ලන්තයේ විශිෂ්ටම අංගයන් ප්‍රදර්ශනය කෙරුණි.

මෙම ස්විට්සර්ලන්ත සංචාරය සියැට් කැලණි සමාගමේ බහු-ගමනාන්ත සංචාර හරහා ඇගයීමේ වැඩසටහනේ කූටප්ප්‍රාප්තිය සනිටුහන් කළේය. ස්ථර තුනකින් ඇගයීම් පිරිනමන වැඩසටහන යටතේ, සිංගප්පූරුවේ යාත්‍රා සහ නගර චාරිකාවක් පිරිනමමින් සමාගමේ මධ්‍යම ස්ථරයේ ජයග්‍රාහකයින්ව ඇගයීමට ලක් කළ අතර, ඊළඟ ස්ථරයේ ජයග්‍රාහකයින්ට සියලු ම වියදම් දරන ලද තායිලන්ත සංචාරයක් හිමි විය.

කාර්යසාධනයේ විශිෂ්ටත්වය සැමරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම ඇගයීමේ වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ටයර් කර්මාන්තය තුළ සමාගමේ නායකත්වය ඉදිරියට ම පවත්වාගෙන යාම උදෙසා අලෙවිකරුවන් ඉටු කරන අත්‍යවශ්‍ය කාර්යභාරය අගයනු ලබයි. කැපී පෙනෙන කාර්යසාධනයක් දැක්වීමේ ප්‍රතිලාභය ලෙස ජාත්‍යන්තර මට්ටමේ සංචාරක අත්දැකීම් පිරිනමමින් සමාගම, දිවයින පුරා සියැට් කැලණි සන්නාමය නියෝජනය කරමින් කටයුතු කරන අලෙවි නියෝජිත ජාලය සමඟ පවතින සිය හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරයි.

2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් සමාගම ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ සිදුකරනු ලබන තවත් රුපියල් බිලියන 4.5 ක ආයෝජනය සමඟින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන සහ ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව