Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

MAIN IMAGE

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ ස්වාභාවික රබර් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු ලෙස අගය එකතු කිරීම, කෘෂිකාර්මික නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන කාර්යසාධනය යන අංශ සඳහා ඔවුන් සතු කැපවීම යළි තහවුරු කරමිනි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් අධ්‍යයන ආයතනය 2025 වසරේ විශිෂ්ටම අපනයනකරුවා ලෙස Earthfoam සමාගම නම් කිරීම සුවිශේෂ සන්ධිස්ථානයකි. පසුගිය කාලය තුළ ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය වඩාත් පුළුල් කරමින් ඉහළ අපනයන ඉලක්ක සපුරා ගැනීම ඊට හේතු විය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර මහා පරිමාණ අංශයේ ජයග්‍රාහකයා බවට පත් වූ එම සමාගම ගෝලීය වෙළෙඳපොළට ස්වාභාවික රබර් පදනම් කර ගත් තරගකාරී නිෂ්පාදන සැපැයීම වෙනුවෙන් වසරේ විශිෂ්ටම අගය එකතු කළ නිෂ්පාදන සමාගම සඳහා වන සම්මානයද දිනා ගත්තේය.



පරිසර ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන එම සමාගමට ප්ලාස්ටික් සහ රබර් අධ්‍යයන ආයතනය සංවිධානය කළ සම්මාන උළෙලේදී තිරසාරත්ව සහ පාරිසරික වගකීම් අංශයේ තෙවැනි ස්ථානය හිමි විය. ඔවුන් 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වියළි රබර් නිෂ්පාදන අංශයේ කුසලතා සම්මානයක් දිනා ගත්තේ මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය තහවුරු කරමිනි. මීට පෙර අවස්ථාවක ජනාධිපති අපනයන සම්මාන උළෙලේ විශිෂ්ටම අපනයනකරු සම්මානය දිනා ගැනීමටද එම සමාගමට හැකි විය. 2022දී ආරම්භ වූ Earthfoam සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට 100%ක් ස්වාභාවික සහ කාබනික රබර් යොදා ගෙන නිපදවන මෙට්ට, ටොපර්, කොට්ට අපනයනය කරයි. අක්කර 10,000කට වැඩි භූමි ප්‍රමාණයක රබර් වගා කරන ගොවීන් 1,200කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලම GOLS සහතික ලත් කාබනික රබර් වගා ජාලය වෙතින් අවශ්‍ය රබර් කිරි සපයා ගනී. 400ක කාර්ය මණ්ඩලටකින් සමන්විත Earthfoam සමාගම රබර් ක්ෂේත්‍රය සඳහා වන ලොව පළමු Fair for Life සහතික ලත් සාධාරණ විකුණුම් වැඩසටහන හඳුන්වා දී තිබේ. ඒ යටතේ එම සමාගම රක්ෂණාවරණ, අධ්‍යාපන සහාය, බල ගැන්වීමේ වැඩසටහන් සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති වැනි විවිධ වැඩසටහන් හරහා ගොවීන්ගේ සහ කිරි කපන්නන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රුපියල් මිලියන 50කට වැඩි මුදලක් ආයෝජනය කර ඇත. හොරණ පිහිටි අති නවීන කර්මන්තශාලාවකට හිමිකම් කියන එම සමාගම එහි සියලු නිෂ්පාදන කෘතිම රබර් කිරි සහ පිරවුම්වලින් තොර ආරක්‍ෂිත සහ කල් පවත්නා ඒවා බව සහතික කර තිබේ. ඉදිරි වසර දෙක තුළදී සිය ධාරිතාව දෙගුණයකින් වර්ධනය කර ගැනීමට සහ නව නිෂ්පාදන කිහිපයක් සිය නිෂ්පාදන වපසරියට එක් කර ගැනීමට සමාගම අපේක්ෂා කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව