Russel’s නත්තල් සැරසිලි තරගාවලිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ

Russel’s (LBN)

නිර්මාණශීලීත්වය, එකමුතුභාවය සහ නත්තල් අසිරිය කැටි කර ගත් Russel’s සමාගමේ නත්තල් සැරසිලි තරගාවලිය පුංචි බොරැල්ලේ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා සදාකාලික උපකාරයේ අප ස්වාමි දුවගේ කන්‍යාරාමයේ ඩබ්ලිව්. ජී. නිල්මිණි ඉරේෂා විජේරත්න කන්‍යා සොයුරිය, Authenticities පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ විල්හෙල්ම් වැන් ඩෝර්ට් මහතා, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ වෙස්ලි විද්‍යාලයේ ගීතිකා අධ්‍යක්ෂ ප්‍රියන්ති සෙනෙවිරත්න මහත්මිය සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි වෛද්‍ය සම්බන්ධතා නිලධාරී මලික් සෙනෙවිරත්න මහතා ඇතුළු විශේෂ ආරාධිතයියෝ රැසක් සහභාගී වූහ. සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඔවුන්ගේ අංශ ඉතා අලංකාර ලෙස සරසා තිබිණි. ඉතා නිවැරැදි සහ සියුම් ඇගැයීමකින් අනතුරුව කාර්යාල අංශය පළමු ස්ථානය දිනා ගත්තේය. දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් පේස්ට්‍රි අංශයට සහ ප්‍රධාන මුළුතැන්ගෙයට හිමි විය. තරගාවලිය සඳහා සහභාගී වූ සියලු දෙනාටම ත්‍යාග සූදානම් කර තිබුණේ කණ්ඩායම් හැඟීම සහ සහභාගිත්වය ඇගැයීමට Russel’s සතු කැපවීම පිළිබිඹු කරමිනි. උත්සව අසිරිය වඩාත් වර්ණවත් කිරීමේ අරමුණෙන් සංවිධානය කර තිබූ ගායන සහ නර්තන විශේෂාංග කාර්ය මණ්ඩලයේ මෙන්ම අමුත්තන්ගේද පැසසුමට ලක් විය. මෙය වඩා යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට Russel’s සමාගම දියත් කරන වැඩසටහන් අතරින් එකකි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව