
— ජීවිත වෙනස් කරන ළමා අක්ෂි සැත්කම් සඳහා අරමුදල් රැස් කිරීමේ “පෙනුමට පණදෙන තිලක්මා” සමාජ සත්කාරය —
තිලක්මා සිටි පුද්ගලික සමාගම, රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH) සමඟ එක්ව “පෙනුමට පණදෙන තිලක්මා” යන තේමාව යටතේ “Thilakma Smiles” ළමා අක්ෂි සත්කාර වැඩසටහන දියත් කරන ලදී. ළමා ඇසේ සුද ඇති වීම යනු ලොව පුරා දරුවන්ගේ අන්ධභාවයට හේතු වන ප්‍රධානතම සාධකවලින් එකකි. ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන්ට ලෝකය දැකීමේ අවස්ථාව අහිමිව යන්නේ නියමිත ප්‍රතිකාරයන් නිසි වේලාවන්හී දී නොලැබීම හේතුවෙනි.
ළමා ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කම් සදහා විශේෂීත කාච සහ නිර්වින්දන එන්නත් මෙන්ම සැත්කමෙන් පසු වෛද්‍ය පරීක්ෂණ සහ දිගුකාලීන රැකවරණය, දරුවා වැඩෙන විට ඔහුගේ පෙනීම ආරක්ෂා කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. ප්‍රධාන ළමා අක්ෂි සැත්කම් මධ්‍යස්ථානයක් ලෙස පවතින රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මෙම ශල්‍යකර්මයන්ට අදාළ විශේෂඥ දැනුම හා ප්‍රතිකාර පැවතිය ද, ආර්ථික පහසුතා ඇති පවුල්වලට තම දරුවන්ගේ කාචවල වියදම් දැරීමට නොහැකි වීමෙන් සැත්කම් ප්‍රමාදයන් සිදු වේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විධිමත් ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, තිලක්මා සිටි පුද්ගලික සමාගම මෙම සැත්කම් සඳහා ළමා ඇසේ සුද ඉවත් කිරීමේ කාච 2026 වසර පුරාවටම පරිත්‍යාග කිරීමට කැපවී සිටී. මෙම සහයෝගීතාවය සනිටුහන් කරමින් 2026 ජනවාරි මාසයේ සිදු කරනු ලබන සියලුම ළමා අක්ෂි සැත්කම් සදහා අවශ්‍ය කාච ලබා දීම සහ වැඩසටහන පිළිබදව දැනුවත්භාවයක් ඇති කිරීම 2025 දෙසැම්බර් 23 වන දින රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
තිලක්මා සිටි පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ බුද්ධික කාරියවසම් මහතා මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ, “ළමා වියේ ඇසේ සුද ඇතිවීම යනු කිසිදු දරුවෙකුට පෙනීම අහිමි නොවිය යුතු – ප්‍රතිකාර කළ හැකි තත්ත්වයකි. තිලක්මා, අප විශ්වාස කරන්නේ සෑම දරුවෙකුටම තම දෙමාපියන්ගේ මුහුණු දැකීමට, කියවීමට, සිහින දැකීමට සහ සීමාවන් නොමැතිව වර්ධනය වීමට අවස්ථාව ලැබිය යුතු බවයි. “Thilakma Smiles” මුලපිරීම හරහා, අත්‍යවශ්‍ය ඇසේ සුද ඉවත්
කිරීමේ කාච සැපයීමට සහාය වීමෙන් සහ දරුවන්ට දීප්තිමත් අනාගතයක් සඳහා අවස්ථාවක් ලබා දීමෙන්, ප්‍රතිකාර සඳහා ඇති විශාලතම බාධකයක් ඉවත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.”
“Thilakma Smiles” වැඩසටහනෙහි වෛද්‍යමය වැදගත්කම ඉස්මතු කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර පවසා සිටියේ, “ළමා කාලයේ ඇසේ සුද ඉවත් කිරීමේ අවස්ථා වලදී මුල් ප්‍රතිකාර අත්‍යවශ්‍ය වේ. පසුව සැත්කමක් සිදු කළත්, ප්‍රමාදයන් දරුවෙකුගේ දෘශ්‍ය වර්ධනයට ස්ථිරවම බලපෑ හැකිය. නියමිත වේලාවට නිවැරදිව ඇසේ සුද ඉවත් කිරීමේ කාච වෙත යොමු වීමෙන් යහපත් ප්‍රථිපලයන් ලඟා කර ගැනීමට හැකිය. “Thilakma Smiles” වැනි මුලපිරීම් කාලෝචිත සැත්කම් සඳහා සෘජුවම සහාය වන අතර දරුවන්ගේ සාමාන්‍ය දැක්ම වර්ධනය කර ස්වාධීන, තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකි උපරිම අවස්ථාව සහතික කිරීමට උපකාරී වේ.”
මෙම මුලපිරීමේ දී, ඕනෑම තිලක්මා අලෙවිසැලකින් රු.500 සහ වටිනාකම්වලින් ලබා ගත හැකි ‘ස්මයිල් ස්ටිකරයක්’ මිලදී ගැනීමෙන් මෙම කාර්යයට දායක වන ලෙස මහජනතාවට අවස්ථාව සලසා ඇත. ලැබෙන සෑම මුදලකටම ඒ හා සමානම මුලදක් තිලක්මා වෙතින් එකතු කර, එම සියලුම අරමුදල් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා යොදවනු ලැබේ.

මෙම පරිත්‍යාග වැඩසටහන 2025 ජනවාරි 1 වන දින ආරම්භ වන අතර ලැබෙන පරිත්‍යාගයන්ට යටත්ව වසරක කාලයක් පුරා පවතිනු ඇත. තිලක්මා, අවශ්‍ය ඇසේ සුද ඉවත් කිරීමේ කාච පරිත්‍යාග කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර, රිජ්වේ ආර්යා ළමා රෝහල විසින් සැත්කම් සහ පසු විපරම් සත්කාර සිදු කරනු ලබයි.
නිවැරදි සහයෝගය ඇතිව, මෙම පෙනීම සුරැකීමේ සැත්කම් මඟින් එක් දරුවෙකුට පමණක් නොව, සමස්ථ පවුලකටම බලාපොරොත්තුවක් සඵල කරවීමේ හැකියාව ලැබේ. අර්ථවත්, දිගුකාලීන සමාජ බලපෑමක් ඇති කිරීම සඳහා වූ තම කැපවීම තිලක්මා නැවත තහවුරු කළ අතර, මෙම වැදගත් ජාතික මෙහෙවර සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබාදුන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ හි වෛද්‍ය කණ්ඩායම් සහ පරිපාලනයට සිය කෘතඥතාව පළ කරනු ලබයි.


