KAL, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්යංක්‍රීය ටෙලර් යන්ත්‍ර ව්‍යාපාර හා තාක්ෂණ හමුව සාර්ථකව අවසන් කරයි

KAL (3) (LBN)

ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මෘදුකාංග සැපයුම්කරුවකු වන KAL විසින් නවෝත්පාදනය අරමුණු කොටගත් සුවිශේෂී හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. කර්මාන්ත වර්ධනය හා දියුණුව ඉහළ නැංවීම වෙනුවෙන් වූ එම උත්සවය සඳහා මෙරට බැංකු හා තාක්ෂණ වෘත්තිකයින් රැසක් ඊට එක්ව සිටියහ.

පසුගිය නොවැම්බර් මාසයේදී සිනමන් ලයිෆ් හෝටලයේදී පවත්වනු ලැබූ එම විශේෂ හමුව ATM නවෝත්පාදන වැඩමුළුවකින් මෙන්ම ව්‍යාපාරික සමුළුවකින්ද සමන්විත වූ අතර ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට ගැලපෙන ආකාරයෙන් සකස් කළ සංවාදයන් ද එහිදී පැවැත්විණ. එම සංවාදයන් හිදී ඩිජිටල් පරිවර්තනය, සංවර්ධනය කරන ලද යටිතල පහසුකම් සහ නවීකරණය කරන ලද ස්වයං සේවා ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කරන ලදී.




මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හි ප්‍රධාන විධායක නිලධාරී අරවින්ද අතුකෝරල මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල පැවැත්ම හා ගෙවීම්වල ආරක්ෂාව නව්‍යකරණය කිරීම සඳහා සුවිසල් අවබෝධයක් KAL සතුව තිබෙනවා. ඒ සඳහා ඉදිරි වසරේදී කොළඹ නගරයේ කාර්යාලයක් ආරම්භ කිරීමට අපි ආයෝජනය කර තිබෙනවා. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කර්මාන්තයේ අනාගතය පිළිබඳ පුළුල් සංවාදයන් සඳහා අවස්ථාව ලබා දෙමින් ශ්‍රී ලංකාවේ බැංකු හා තාක්ෂණ අංශය ඇගයීමට ලක් කිරීම සඳහා Flix11 සමඟ එක්ව මෙම විශේෂ හමුව පැවැත්වීමට අපි කටයුතු කළා.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෲ පැටි්‍රක් මහතා මූල්‍ය ප්‍රවේශය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල වැදගත්කම සහ මෙරට සමාජයේ මුදලේ කල් පැවැත්ම පිළිබඳව අදහස් දක්වමින් මෙහිදී සමාරම්භක දේශනය පවත්වන ලදී.

අරවින්ද මහතා විසින් බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සහ තාක්ෂණ ප්‍රවීණයින් සමඟින් විද්වත් සාකච්ඡාවක් මෙහෙයවූ අතර එහිදී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ප්‍රවණතා, අභියෝග හා අවස්ථා පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා වෙළඳපොල සූක්ෂමතා ගවේෂණය පිළිබඳ සාකච්ඡාවට ලක් විය. මුදල් භාවිතය, සම්බන්ධතා රහිත ඒකාබද්ධතාවය සහ ඒ ඒ පුද්ගලයාට ගැලපෙන පාරිභෝගික අත්දැකීම්  වැනි මාතෘකා මෙම සැසියට ඇතුලත් විය.

මීට සහභාගී වූ නියෝජිතයින්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, පාරිභෝගික ටෙලර් යන්ත්‍ර (RTM) සහ POS වැනි යන්ත්‍ර සඳහා යොදා ගන්නා මෘදුකාංගලවල සජීවී නිරූපණයන් දැක ගැනීමටද හැකියාව උදා විය.

මෙම විශේෂ හමුව තුලින් KAL අපේක්ෂා කරනු ලැබුවේ කර්මාන්ත සහයෝගීතාවයට දායක වීම, පුළුල් විසඳුම් ඉදිරිපත් කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දිරිමත් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ බැංකු වෘත්තිකයින් සඳහා සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දීමයි. ශ්‍රී ලංකාව තුල සිය ස්ථාවරත්වය හා ආයෝජනය තවදුරටත් ඉහළ නංවමින් සිටින KAL මෙරට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර නවීකරණය කිරීම සහ ස්වයං සේවා නවෝත්පාදනයන් මෙහෙයවීම සඳහා බැංකුවලට අවශ්‍ය සහයෝගය ලබා දෙන  හොඳම සේවාව බවට පත් වනු ඇත.

1989 වසරේදී ආරම්භ කරනු ලැබූ KAL ATM Software යනු සෞදි අරාබිය, ඔස්ටේ්‍රලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 100කට වැඩි ප්‍රමාණයක් වෙත සේවය සලසන ලොව ප්‍රමුඛතම මෘදුකංග සමාගමකි. සියලු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයන් මෙන්ම ගැටලු සහිත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයන් සඳහා විසඳුම් ලබා දීමේ හැකියාව සහිත සමාගම සෑම ටෙලර් යන්ත්‍රයකම පාලනය බැංකුවලට ලබා ගැනීමට, පිරිවැය අවම කිරීමට. ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට මෙන්ම තරඟකාරීත්වය ඉහළ නැංවීමටද අවස්ථාව උදා කර දෙයි.

වැඩි විස්තර සඳහා www.kal.com වෙත පිවිසෙන්න.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව