ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, Colombo Motor Show 2025 ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු බවට පත්වේ

WhatsApp Image 2025-12-12 at 13.02.53 (1) (LBN)

ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණ සැපයුම්කරු මෙන්ම, මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), Colombo Motor Show 2025 සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය.

කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 21 වනදා සිට 23 වනදා දක්වා පැවති මෙම මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා බොහෝ නරඹන්නන් පිරිසක් පැමිණි අතර, එම ප්‍රදර්ශනය මෙරටේ විශාලතම සහ ක්ෂේත්‍රයේ වඩාත් කතා බහට ලක් කෙරෙන මෝටර් රථ ප්‍රදර්ශනය විය.

SLICGL හි මෝටර් ප්ලස් යනු, නවීන සැලසුම් සහිත රක්ෂණ විසඳුම් සහ අගය එකතු කළ සේවාවන් ඇතුළත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මෝටර් රථ රක්ෂණය වන අතර, ඊට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන අලෙවි නියෝජිතයන් සමඟ ඇතිකරගත් සබඳතා හා අසමසම විශ්වාසය සමඟින් දිවයින පුරා සතියේ සෑම දිනකම පැය 24 පුරාම ක්‍රියාත්මක සේවාවන් ඇතුළත් වේ.




මෙම මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව, SLICGL විසින් වර්තමානයේදී වේගයෙන් වෙනස් වන රථ වාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ, රථ වාහන රක්ෂණය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ද පාරිභෝගික ජනතාව දැනුම්වත් කරන ලදී.

මෙම උපායමාර්ගික සහයෝගීතාවය හරහා මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය තුළ SLICGL වෙත ඇති පිළිගැනීම විදහා දක්වමින්, සෑම මෝටර් රථ මිලදී ගැනීමේ අවස්ථාවකදීම විශ්වසනීය රක්ෂණ සහකරු ලෙස SLICGL සිය කාර්යභාරය ඉස්මතු කරමින්, පාරිභෝගිකබවතුන්ට පුළුල් ආරක්ෂාවක් ලබා දෙමින්, ඔවුන්ගේ මානසික නිදහස තහවුරු කිරීමට පියවර ගෙන ඇත.

SLICGL හි මෝටර් ප්ලස් විසින් ඔන්ලයින් ඔස්සේ කෙරෙන පිරික්සුම් (Virtual Inspection Facility) වැනි අසමසම වූ සේවාවන් පිරිනමන අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට කඩිනමින් සහ පහසුවෙන් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ පරීක්ෂණ සම්පූර්ණ කිරීමට සහාය ලබා දේ. ‘Bee Express’ ඔන්ලයින් ගෙවීම් ක්‍රමය හරහා ගනුදෙනුකරුවන් හට පහසු සේවාවක් ලබා දෙමින්, කෙටි කාලයක් තුළ ගනුදෙනු ක්ෂණිකව සහ සුරක්ෂිතව සම්පූර්ණ කිරීමට හැකි වේ. මෙම නවෝත්පාදනයන් මඟින් විවිධ පාරිභෝගික අවශ්‍යතා ඉටු කරමින් හා ඒ වෙත ප්‍රතිචාර දක්වමින්, ගැලපෙන විසඳුම් ලබා දීම සඳහා SLICGL සමාගම දක්වන කැපවීම මනාව පිළිඹිබු කරයි.

SLICGL හි ප්‍රදර්ශන කුටිය තුළ පරිගණක මෝටර් රථ ධාවන ක්‍රීඩාවක් සහ වාසනා චක්‍රයක් වැනි ක්‍රියාකාරකම් ඇතුළත් වූ අතර, එය පාරිභෝගිකයින්ට අමතක නොවන අත්දැකීමක් එක් කළේය.

ප්‍රදර්ශනය අතරතුර, මෝටර් රථ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන පිරිස්, අනාගත වාහන ගැනුම්කරුවන් සහ කර්මාන්ත කොටස්කරුවන් ඇතුළු සිය ගණනක් අමුත්තන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ට අත් පත්‍රිකා සහ උපදේශන සේවා SLICGL හි පුහුණුලත් නිලධාරීන් විසින් ලබා දෙන ලදී. මෝටර් රථ රක්ෂණයේ මූලික කරුණු, රක්ෂණ ආවරණ විකල්ප, මෝටර් රථ රක්ෂණයේ ඇති වැදගත්කම සහ ශ්‍රී ලාංකික රථ වාහන හිමියන්ගේ විශ්වාසනීය තේරීම ලෙස මෝටර් ප්ලස් රක්ෂණයේ වටිනාකම පිළිබඳව මේ හරහා ඔවුන් දැනුම්වත් කරන ලදී.

කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස SLICGL, රක්ෂණ  ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් රක්ෂණ විසඳුම් සඳහා අත් කරගත හැකි වටිනාකමක් ලබා දෙමින්, ඉදිරි වසරවලදී ද ගනුදෙනුකරුවන් වෙනුවෙන් සමාගම තවදුරටත් ශක්තිමත්ව කැපවීමෙන් ක්‍රියා කරනු ඇත.

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව