Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

KAPRUKA (LBN)

 

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව දක්වා ඇත. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 12%ක වර්ධනයක් ලබා ඇති අතර දළ ලාභය 19%කින් ඉහළ ගොස් තිබේ. 2024ට සාපේක්ෂව සමාගමේ මෙහෙයුම් කාර්යසාධනය 77%කින් ඉහළ ගොස් තිබීම සුවිශේෂ සන්ධිස්ථානයකි. ඒ තුළින් Kapruka සමාගමේ ජනප්‍රියත්වය තහවුරු වේ. 2025 ජූනි 30 අවසන් වූ කාර්තුවට අදාළවද සමාගම විශිෂ්ට මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කර තිබිණි. පසුගිය කාර්තුවට අදාළව ලැබූ වර්ධනයට දායක වූ ප්‍රධාන සාධකයක් ලෙස Kapruka Partner Central හැඳින්විය හැකිය. ආරම්භයේදී සාම්ප්‍රදායික භාණ්ඩ ලැයිස්තු (Inventory) පදනම් කර ගත් විද්‍යුත් අලෙවි වේදිකාවක් වූ Kapruka වර්තමානයේදී නවීනත්වයට අනුව යාවත්කාලීන වූ අලෙවි වේදිකාවක් බවට පත් කර තිබේ. වේගයෙන් වර්ධනය වන තෙවැනි පාර්ශ්වීය අලෙවිකරුවන් සහ සන්නාම සමග එක් වී ඇති එම සමාගම පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශාල පරාසයකින් යුතු නිෂ්පාදන කළඹක් හඳුන්වා දී ඇත. ඒ හරහා ප්‍රාග්ධන කාර්යක්ෂමතාවද ඉහළ යයි.




Kapruka Partner Central හරහා පාරිභෝගිකයන්ට එදිනෙදා සේවා රැසක් මාර්ගගත ක්‍රමයට මිල දී ගැනීමට සහ වෙන් කරවා ගැනීමට හැකිය. ඒ සඳහා විශ්වාසනීය සේවා සපයන්නන් සමග එක් වී ඇති එම සමාගම ඒ තුළින් තාක්ෂණය සහ පාරිභෝගික පහසුව විෂයෙහි ඔවුන් සතු කැපවීම යලි තහවුරු කර තිබේ. එක්සත් ජනපදයේ Amazon, කැනඩාව සහ එක්සත් රාජධානිය වැනි රටවල ප්‍රමුඛ පෙළේ ගෝලීය වෙළෙඳ වේදිකා සඳහා ශ්‍රී ලාංකික සන්නාම රැසක විද්‍යුත් බෙදා හරින්නා වන Kapruka ඒ තුළින් මෙරට විදේශ විනිමය ඉහළ නැංවීමට සුවිශේෂ දායකත්වයක් දක්වයි. සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා මෙසේ පැවැසුවේය. “77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනය සුවිශේෂ ජයග්‍රහණයක්. Partner Central හරහා පාරිභෝගිකයන්ට, හවුල්කාර සන්නාමවලට සහ කොටස් හිමිකරුවන්ට විශිෂ්ට ප්‍රතිපල දෙන්න අපට හැකි වී තිබෙනවා.” මෙරට වඩාත් විශ්වාසනීය ඩිජිටල් වාණිජ සේවා අවකාශය නිර්මාණය කිරීම සඳහා වන Kapruka සමාගමේ දීර්ඝ කාලීන දැක්මේ ප්‍රධානම උපාය මාර්ගයක් ලෙස Partner Central හැඳින්විය හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව