ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස අත්වැල් බැඳගනී

WhatsApp Image 2025-11-27 at 17.42.20

-ඔබේ සිහින නිවහන සුරක්ෂිත කරගන්න-

ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සන්නාමය වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 14 සිට 16 දක්වා, අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලැබූ, ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනය සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම නිවාස ඉදිකිරීම් පිළිබඳව ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති ‘කැදැල්ල’ ප්‍රදර්ශනය, රට පුරා සිටින නිවාස හිමියන්, ඉදිකිරීම්කරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, අභ්‍යන්තර ගෘහ නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් දහස් ගණනකගේ ආකර්ෂණය දිනා ගෙන තිබේ.




සෑම ශ්‍රී ලාංකිකයෙකු හටම තම නිවහන සුරක්ෂිත කර ගැනීම තුළින් ඔවුන්ගේ මානසික නිදහස තහවුරු විය යුතු බව SLICGL හි විශ්වාසයි. ගිනි, ස්වාභාවික ආපදා සහ හදිසි අනතුරු වැනි අනපේක්ෂිත අවදානම් තත්ත්වයන් ඇති වූ විටෙකදී, ඔබ සුරක්ෂිත කිරීම සඳහා නිවාස රක්ෂණයේ ඇති වැදගත්කම සහ නිවාස රක්ෂණය යනු සුඛෝපභෝගී බව අත්විඳීමක් නොවන බවත්, එය පුද්ගලයෙකුගේ වටිනාම වත්කම ආරක්ෂා කර ගැනීම සඳහා ඉතාමත් වටිනා වූ අවශ්‍යතාවයක් බව SLICGL මෙහිදී අවධාරණය කළේය.

මීට අමතරව, SLICGL විසින් පිරිනමන නිවාස රක්ෂණය, වර්තමාන නිවාස හිමියන් සඳහා ඔවුන්ට අවශ්‍ය පරිදි ලබා දෙමින්, දීමනා සහිත පුළුල් රක්ෂණ ඔප්පුවක් ලෙස සැලසුම් කර ඇත.

SLICG නිවාස රක්ෂණ යෝජනා ක්‍රමය, දැරිය හැකි වාරික යටතේ නම්‍යශීලී රක්ෂණ ආවරණ විකල්ප ලබා දෙන අතර, ඒ හරහා ශ්‍රී ලංකාවේ නිවාස හිමියන්, දේපළ ආයෝජකයින් සහ ඉදිකිරීම්කරුවන්ගේ සුරක්ෂිත බව සහතික කරයි.

පාරිභෝගික ප්‍රවේශය පුළුල් කරමින් හා දැනුම්වත් කිරීම් ශක්තිමත් කරමින්, SLICGL කැදැල්ල ප්‍රදර්ශනයට ක්‍රියාකාරීව සහභාගී විය. දින තුනක් පුරා,  SLICGL කණ්ඩායම පාරිභෝගිකබවතුන් සමඟ සම්බන්ධ වෙමින්, නම්‍යශීලී සහ දැරිය හැකි නිවාස රක්ෂණ සැලසුම් වන, SLICGL හි ‘Home Protect Lite’ රක්ෂණ යෝජනා ක්‍රමය සහ ‘Home Protect’ රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය.

ඒ වාගේම අනෙකුත් නිවාස රක්ෂණ විසඳුම් යෝජනා පිළිබඳව, මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස් දැනුම්වත් කරන ලදී. මීට අමතරව විවිධ වූ ක්‍රියාකාරකම් ඔස්සේ පැමිණ සිටි පිරිසට විනෝද වීමට සහ වටිනා ත්‍යාග ලබා දීමට ද කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) පිළිබඳව.

සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ දශක හයකට වැඩි කාලයක් පුරා ප්‍රවීණත්වයක් උසුලනු ලබන සමාගමක් ලෙස SLICGL සමාගම, එහි මූල්‍ය ශක්තිය සහ පාරිභෝගික අවධානය දිනා ගනු ලැබූ, ශ්‍රී ලංකාවේ වටිනාම සහ විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ඉහළ පිළිගැනීමකට ලක්ව ඇත. සමාගම විසින් රථ වාහන, ගිනි හා ඉංජිනේරු, සෞඛ්‍ය, සාමාන්‍ය අනතුරු සහ නාවික යන කාණ්ඩ ආවරණය වන අයුරින් හඳුන්වාදුන් රක්ෂණ විසඳුම් එකතුවක් ඉදිරිපත් කරනු ලබන අතර, එම රක්ෂණ ආවරණ විසඳුම්, සමාගම විසින් තමන් සතුව පවතින දිවයින පුරා පිහිටි ශාඛා 142 ක් සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 69 ක් හරහා ලබා දේ. SLICGL වෙත ශ්‍රී ලංකාවේ මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමි වන A+ මූල්‍ය ශක්ති (A + Fitch Rating) සම්මානය ද හිමි වී ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව