
John Keells Properties වෙතින් හඳුන්වා දුන් ප්‍රමුඛතම උප නාගරික නිවාස ව්‍යාපෘතියක් වන VIMAN ජා ඇල , සිය 4 වන සහ අවසන් අදියර නිල වශයෙන් එළිදක්වා තිබේ. එනම් VIMAN හි කොටස්කරුවෙක් විමට තිබෙන අවසාන අවස්ථාවයි.
ආරම්භයේ සිටම VIMAN යනු හුදෙක් නිවාස පමණක් නොව. එය ආරක්ෂිත සහ හොඳින් සැලසුම් කළ පරිසරයක් තුළ සුවපහසුව, අසල්වාසීන් අතර හොඳ සම්බන්ධතාවයක් ඇති කරන, ඉතා හොඳින් නිර්මාණය කළ නව උප නාගරික ජීවන රටාවකි.
මේ වන විට 4 වන අදියරේ නිවාස අලෙවිය ආරම්භ කර ඇති බැවින්, දැනටමත් වේගයෙන් වර්ධනය වන මෙම මිත්‍රශීලී ප්‍රජාවේ කොටස්කරුවන් වීමට ඔබට අවස්ථාව තිබේ.
මෙම අවසන් අදියරේදී නිදන කාමර දෙකේ සහ තුනේ නිවාස සමන්විත වේ. මේවා නිර්මාණය කර ඇත්තේ විවෘත, ප්‍රායෝගික අභ්‍යන්තර සැලසුම්වලින් සහ හොඳින් ස්වාභාවික ආලෝකය ලැබෙන අයුරිනි.
මෙහි දී වඩා වැදගත් වන්නේ ව්‍යාපෘතියේ 60%කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ එළිමහන් ඉඩකඩ සහ පහසුකම් වෙනුවෙනි. මේ හේතුවෙන් VIMAN නිරතුරුවම අවධානය යොමු කරන්නේ සෞඛ්‍ය සම්පන්න, ප්‍රජා මූලික ජීවිතයකි.
පදිංචිකරුවන්ට අලංකාර උද්‍යාන සහ විශාල පොදු හරිත අවකාශයන් භුක්ති විඳිය හැක. එමෙන්ම පහත සඳහන් ජීවන රටා පහසුකම් රැසක් ද මෙහි අන්තර්ගත වේ. ඒවා නම් සමාජ ශාලාවක් (Clubhouse), ව්‍යායාම ශාලාවක් (Gymnasium), පිහිනුම් තටාකයක් , ඇවිදීමේ සහ පාපැදි මාර්ග, ළමා ක්‍රීඩා පිටි , විවිධ ක්‍රීඩා පිටි (Multipurpose Sports Courts) , EV ආරෝපණ මධ්‍යස්ථාන සහ අමුත්තන් සඳහා වෙන් කළ වාහන නැවැත්වීමේ පහසුකම් යනාදියයි.
මෙම 4 වන අදියර එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින්, John Keells Properties හි අංශ ප්‍රධාන, ඉනෝක පෙරේරා මහතා මෙසේ පැවසීය.
“මෙම 4 වන අදියර VIMAN ජා-ඇල ව්‍යාපෘතියේ අවසන් පරිච්ඡේදය සනිටුහන් කරයි. අපි අද ඉදිරිපත් කරන්නේ හුදෙක් නිවසක් පමණක් නොව. එය සුවපහසුව, ප්‍රායෝගිකත්වය සහ සැබෑ ප්‍රජා හැඟීම් වටා හැඩ ගැසෙමින් පවතින ජීවන රටාවකි. VIMAN නිර්මාණය කර ඇත්තේ හොඳ සම්බන්ධතා සහ පිළිගත් පරිසරයක් තුළ පහසුව, තිරසාරභාවය සහ දිගුකාලීන වටිනාකමක් සහිත නූතන ජීවිතයට අවශ්‍ය සහයෝගය ලබා දීමටයි.”
කොළඹට මෙන්ම ප්‍රධාන මාර්ගවලට ඉක්මනින් ලඟා වීමට හැකි ආකාරයෙන් පිහිටා තිබෙන VIMAN ජා-ඇල, උප නාගරික නිස්කලංක ජීවිතය සහ නාගරික පහසුකම් යන දෙකෙහිම උපරිම සමබරතාවය ලබා දේ. ක්‍රියාශීලී අසල්වාසි ප්‍රදේශයක් බවට වර්ධනය වන මෙම ව්‍යාපෘතිය තුළ, නවීන නිවසක් ලබා ගැනීමට නව හිමිකරුවන්ට මෙම අවසන් අදියරෙන් ඉතිරිව ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයක් පමණි.
VIMAN ජා-ඇල, 4 වන අදියර පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම් සඳහා, www.viman.lk වෙත පිවිසෙන්න, නැතිනම් John Keells Properties: 0706 068 068 අමතන්න.


