SCIFEST 2025 තරගාවලිය සමඟින් SLIIT ආයතනය, අනාගත ලෝකය වෙනස් කරන මෙරට තරුණ නවෝත්පාදකයින් සවිබලගන්වයි

Image II (LBN)

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ, ව්‍යවහාරික විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන, SLIIT හි ප්‍රමුඛතම වැඩසටහන් අතුරින් එකක් වන SCIFEST 2025 පසුගියදා සාර්ථකව නිමාවන ලදී. තුන්වන වරටත් පවත්වනු ලැබූ මෙම වැඩසටහන, හුදෙක් තරගයකට එහා යමින්, නවෝත්පාදනයන් දිරිමත් කිරීමට සහ මුල් සිඳඟෙන ඇති සම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යාමටත්, නව චින්තනයෙන් හෙබි මෙරට තාරුණ්‍යය සවිබල ගැන්වීම සඳහාම වූ ජාතික මට්ටමේ වේදිකාවක් බවට පත්ව තිබේ.

 



 

ඉකුත්දා මෙම වැඩසටහන SLIIT ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එය ප්‍රධාන තරග අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක විය. එහිදී ප්‍රශ්න විචාරාත්මක තරගය මගින් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සිසුන්ගේ විද්‍යාත්මක දැනුම පරීක්ෂාවට ලක් කළ අතර, තරුණ නවෝත්පාදකයින් සඳහාවූ තරගය මගින් නැගී එන නව නිපැයුම්කරුවන්ට සැබෑ ලෝකයේ අභියෝග සඳහා වන සිය විසඳුම් ඉදිරිපත් කිරීමට වේදිකාවක් නිර්මාණය විය. අවසන් මහා තරගයට පෙර, තරග අංශ දෙක සඳහාම වූ මූලික මට්ටමේ තරග වට පැවැත්වුණු අතර, ඒ සඳහා පුළුල් සහභාගීත්වයක් දක්නට ලැබිණි. ප්‍රශ්න විචාරාත්මක තරගයේ මූලික වට සඳහා පාසල් 26ක් තරග කළ අතර, තරුණ නවෝත්පාදකයින්ගේ තරගය සඳහා පාසල් නියෝජනය කරමින් තරගකරුවන් 45 දෙනෙකු සහ SLIIT හී තරගකරුවන් 16 දෙනෙකු සිය නිර්මාණ ඉදිරිපත් කර තිබුණි. මෙම තරග වට සඳහා තිබු දැඩි ආකර්ෂණය, මෙරට අනාගතය භාරගැනීමට අභිනව සිටින තාරුණ්‍ය සඳහා වූ ජාතික වේදිකාවක් ලෙස SCIFEST හි කීර්තිය මනාව පිළිබිඹු කළේය.

මෙම අවසන් තරග වටයන්, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS) සභාපති සහ මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී  මහාචාර්ය උදේනි නවගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ඔහුගේ සහභාගීත්වය, නිරන්තර විද්‍යා අධ්‍යාපනය සහ පර්යේෂණ ශක්තිමත් කිරීමේ ජාතික වැදගත්කම ඉස්මතු කළ අතර, එය තරුණ තරගකරුවන්ට මහඟු ආශ්වාදයක් විය.

එමෙන්ම එදින දවස පුරා පැවැත්වූ තරගවටයන්හීදී, සිසුහු සිය දැනුම, නිර්මාණශීලීත්වය සහ නොපසුබට උත්සාහය එකසේ ප්‍රදර්ශනය කළහ. විද්‍යාත්මක දැනුම පිළිබඳව වූ ඉතා තියුණු තරගයකින් අනතුරුව, ප්‍රශ්න විචාරාත්මක තරගයේ ශූරතාව ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය දිනා ගන්නා ලදී. ඔවුන්ගේ ජයග්‍රහණය, ශාස්ත්‍රීය විශිෂ්ටත්වය පමණක් නොව, SCIFEST මගින් පෝෂණය කිරීමට අපේක්ෂා කරන කණ්ඩායම් හැඟීම සහ විචාරාත්මක චින්තනය ද තහවුරු කළේය.

තරුණ නවෝත්පාදකයින්ගේ තරගය ද ඒ හා සමානවම උද්වේගකර විය, එහිදී  සිසුන්ගෙන් සමාජයේ පවත්නා සජීවී ගැටලුවලට ආමන්ත්‍රණය කරන්නා වූ ප්‍රබල සංකල්ප රැසක් ඉදිරිපත් විය. පාසල් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, වඩාත්ම ඉක්මන් විසඳුම් සෙවිය යුතු ගෝලීය පාරිසරික ගැටලුවකට කාලෝචිත සහ ප්‍රායෝගෝගික විසඳුමක් වූ “PET බෝතල් ප්‍රතිචක්‍රීකරණය” පිළිබඳ සිය ව්‍යාපෘතිය ඉදිරිපත් කළ, කොළඹ 10, ආනන්ද විද්‍යාලයේ, රුසඳු තස්නක සිසුවා විසින් දිනා ගන්නා ලදී. SLIIT කාණ්ඩයේ ප්‍රධාන ත්‍යාගය, ශගීෂාන් තාමෝදර, මහීෂ ප්‍රමුදිත, ලුහංසා සූරියබණ්ඩාර සහ හිරුණි ප්‍රමෝදිනී යන අයගෙන් සමන්විත ‘Drive Sense’ කණ්ඩායම වෙත හිමි විය. ඔවුන්ගේ ‘Drive Sense’ ව්‍යාපෘතිය, නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික විශේෂඥතාවේ විශිෂ්ට සංකලනයක් ප්‍රදර්ශනය කළ අතර, දේශීය මෙන්ම ගෝලීය වශයෙන් ද වැදගත් වන විසඳුම් නිර්මාණය කිරීමට තරුණ පර්යේෂකයන්ට ඇති හැකියාව ඉස්මතු කළේය.

ජයග්‍රාහී ව්‍යාපෘතීවල වූ නිර්මාණශීලීත්වය සහ ඉන් සමාජයට ඇති කරන සෘජු බලපෑම ඒවා තවදුරටත් කැපී පෙනීමට ඉවහල් විය. පාරිසරික තිරසාරත්වයේ සිට විධිමත් ප්‍රවාහන පද්ධති දක්වා ඉදිරිපත් වූ සංකල්ප, විද්‍යාව සහ නවෝත්පාදනය තුළින් ජීවිත වැඩිදියුණු කළ හැකි ආකාරය සහ පුළුල් ජාතික සංවර්ධන ඉලක්ක සඳහා දායක විය හැකි ආකාරය පිළිබඳ ප්‍රබල සිහි කැඳවීමක් විය.

SCIFEST 2025 හරහා වූ SLIIT හී මෙම පුරෝගාමී මෙහෙවර, හුදෙක් තරග ජයග්‍රහණයක උද්යෝගයෙන් ඔබ්බට ගිය එකකි. දිවයිනේ නන්දෙසින් පැමිණෙන පාසල් තරගකරුවන් සහ උසස් අධ්‍යාපන ආයතන සහ ඒ ආශ්‍රිත පසුබිම්වලින් සහභාගිවන්නන් හට, විද්‍යාත්මක දැනුම වර්ධනයට සහ ගවේෂණයට ඇති අවස්ථාව එක් භූගෝලීය ප්‍රදේශයකට පමණක් සීමා වූ එකක් නොවන බව මෙම තරගාවලිය තුලින් සහතික කළහ. අධ්‍යාපනය සහ නවෝත්පාදනය අතර පරතරය පියවීමෙන් සහ විද්‍යාව, තාක්ෂණය සහ තිරසාරත්වය පිළිබඳ නිර්මාණශීලීව සිතීමට සිසුන් දිරිමත් කිරීමෙන්, දැනුම සහ නව සොයාගැනීම් මත පදනම් වූ අනාගතයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේදී SLIIT ආයතනය තවදුරටත් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව